IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඊශ‍්‍රායල - පලස්තීන සාම කතා නවතී

බටහිර ඉවුරේ පලස්තීන සරණාගත කඳවුරක දී ඊශ‍්‍රායල ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයකු ජීවිතක්ෂයට පත් වීම නිසා වසර ගණනාවකට පසු ඇරැුඹුණු ඊශ‍්‍රායල පලස්තීන සාම කතාවලට බාධා එල්ල වී ඇත.

කඩාකප්පල් කි‍්‍රයාවලින් බාධා එල්ල වෙතැයි බියෙන් එම සාම සාකච්ඡා ආරම්භ වූයේ ජෙරුසෙලමේ රහස් ස්ථානයකදීය. එහෙත් ඉකුත් 26 වැනිදා සිදුවුණු එම වෙඩි තැබීම නිසා සාම කතා අත්හිටුවීමට පලස්තීන නියෝජිත පිරිස තීරණය කළහ.

සාම සාකච්ඡා ඇරැඹුණේ ඇමෙරිකා රජයේ මැදිහත් වීමෙනි. සාකච්ඡා සම්බන්ධයෙන් මැදහත්කරු ලෙස කි‍්‍රයා කරන්නේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.

සාම කතා සාර්ථක කර ගැනීමේ අරමුණ ඇතිව තම අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතික දේශපාලන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ද ඊශ‍්‍රායල රජය ඉකුත් 14 වැනිදා පියවර ගත්තේය. සිරකරුවන් 26 දෙනා නිදහස් කළේ ඊශ‍්‍රායල පලස්තීන සාම කතා ඇරැඹීමට පෙරය.

සාම කතා පලදායී කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකාවේ ඉල්ලීමට කන් දී, සිරකරුවන් නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය තීරණය කළේ, ඉකුත් 12 වැනිදාය. එම තීරණය ගත් අවස්ථාවේදී ඔවුන් එම 26 දෙනාගේ නම් ලැයිස්තුව ප‍්‍රසිද්ධියට පත් කළේය.

ඊශ‍්‍රායල පලස්තීන මැදපෙරදිග සාම කතා ආරම්භ වන්නේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඒ සඳහා පිඹුරුපත් සකස් කෙරුණේ මීට මාසයකට පමණ පෙරදීය. සාකච්ඡා සඳහා මැදහත්කරු ලෙස කි‍්‍රයා කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.

පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය තීරණය කළේ එරට ආරක්ෂක ඇමැති යේලෝන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් අතර දීර්ග වශයෙන් පැවැති සාකච්ඡාකින් ද පසුවය.

නිදහස ලැබුණේ ඊශ‍්‍රායල අත්ඩංගුවේ සිටින සිරකරුවන් 104 දෙනකුගෙන් 26 දෙනකුය.

සාම කතා පලදායී ආකාරයට සිදුවූයේ නම් සෙසු පිරිස ද මුදා හැරීමට කටයුතු සැලසෙනු ඇතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ අනුමාන කළහ.
 



අදහස් (0)

ඊශ‍්‍රායල - පලස්තීන සාම කතා නවතී

රොෂාන් Thursday, 29 August 2013 01:15 PM

පහන්, පලස්තීන ඊශ්‍රායාල ඉතිහාසය කියවන්න. මේ පිලිබදව කුරානයේ සහ හදිස් ඉතා පැහැදිලිව පෙන්වාදී ඇත. අමාරු නම් හිට්ලර්ගේ ඉතිහාසය කියවන්න.(නදී)

:       0       0

අර්ත් Thursday, 29 August 2013 02:08 PM

පහන් ඔයා දන්නා දෙයක් නැහැ. ඊශ්‍රායල් පලස්තීනයට පැමිණි අය, ඉශ්‍රායලය අයිති පලස්තීනුවන්ට. චීනුන්ට ප්‍රතිචර දාන්න කලින් ඕක ගැන පොඩ්ඩක් හොයල බලන්න.(නදී)

:       0       0

වීර Thursday, 29 August 2013 10:03 PM

ඊශ්‍රායලයට ජය ලැබේවා! (නි)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 29 August 2013 10:40 AM

පලස්තීනුවන් යනු ඊශ්‍රායලයේ සිටින මුස්ලිම්වරුය.මෙච්චර ලෝකේ මුස්ලිම් රටවල් තියෙද්දී ඊශ්‍රායලයෙන් මස් රාත්තලම ඉල්ලා සිටින්නේ ඇයි?බටහිර ඉවුර ජෝර්දානයට එක්කරගෙන .ගාසා තීරය ඊජිප්තුවට එක්කරගෙන වුවද මුස්ලිම් ජනපද සිරියාවට එකතු කරගෙන ප්‍රශ්නය ඉවරකරගන්න පුළුවන් ,එත් ඒ මුස්ලිම් රටවල් පලස්තීනුවන්ව තමන්ගේ රටවල් වලට එක්කරගන්න කැමති නැහැ. (ස)

:       0       0

අප්පුවා Friday, 30 August 2013 09:40 AM

අපිට තේරුම් ගන්න පුළුවන් මේ වීර මොනවගේ පුද්ගලෙක්ද කියා, (දී)

:       0       0

දුම්මලසූරිය Thursday, 29 August 2013 06:07 PM

මම නම් හිතන්නේ ඔය ඇමරිකාවේ රගපෑමක්.මොකද කිසිම රටක් සාමකාමී වෙනුවට ඔය බලවත් රටවල් කැමති නැහැ.විශේෂයෙන් ඇමරිකාව වගේ අවි ගනුදෙනු කරන රටවල්......එහෙම වුනොත් ඒ ගොල්ලන්ගේ යුධ අවි විකුණන්නේ කාටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 80 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 181 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 136 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1456 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 732 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site