IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඊශ‍්‍රායල අගමැති නෙදන්යාහු රුසියා ජනපති පුටින් හමුවෙයි

රුසියාවේ මොස්කව් නුවර සංචාරයක යෙදෙන ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (14) එරට ජනපති ව්ලැඩිමීර් පුටින් හමුවී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
ඇමෙරිකාවේ හිතවතා වන ඊශ‍්‍රායලය සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙයි. රුසියාව සහාය දෙන්නේ සිරියානු රජයටය. සිරියානු අර්බුදය විසඳීමට නොහැකි වී ඇත්තේ ලෝකය බල කඳවුරු දෙකකට වෙන් වී සිටීම නිසාය.
සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද මොස්කව් නුවරදී පසුගියදා ජනපති පුටින් හමුවී සාකච්ඡුා පැවැත්වූහ.
ඉකුත් සතියේ ඊශ‍්‍රායලය, සිරියාවේ ස්ථාන කිහිපයකට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජනපති පුටින් ඊශ‍්‍රායල අගමැතිගෙන් කරුණු විමසීය. ඊශ‍්‍රායලය එල්ල කළ එම ගුවන් ප‍්‍රහාරයට ඇමෙරිකාවේ ද අනුමැතිය හිමිවිය.
ඊශ‍්‍රායලය කියා සිටියේ ඔවුන් එම ප‍්‍රහාරය එල්ල කළේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට සිරියානු රජයෙන් ආයුධ ලබා දීම වැළැක්වීමට කියාය.
සිරියානු ජනපති අසාද්ගේ රජය කැරැලිකරුවන්ට රසායනික අවි යොදාගෙන පහර දෙනවා යැයි චෝදනා කරමින්, එය නිමිත්තක් කර ගෙන සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකාව සූදානම් වෙයි.



අදහස් (0)

ඊශ‍්‍රායල අගමැති නෙදන්යාහු රුසියා ජනපති පුටින් හමුවෙයි

රානි Wednesday, 15 May 2013 10:50 AM

මේක තම තියන හෙනේ.රුසියාවත් කරන්නේ යුධ වෙළදාම ඇමරිකාවත් කරන්නේ යුධ වෙළදාම. මේ අය සල්ලි දීලා බඩු අරන් ආගමට මරාගන්නවා.ගිය අවුරුද්දේ ඇමරිකාව 26%,රුසියාව 24% යුද වෙළදාම ලෝකේ කරලා. වෙලාවකට හිතෙනවා බුද්ධාගමත් බොරු කියලා මෙයාලා යහතින් ඉන්න හැටි දැක්කම. (නි)

:       0       0

මුරුගන් Wednesday, 15 May 2013 08:09 PM

සදරුවන්, අන්න හරි දෙයක් කිවුවා. මාත් දෙමල වුණාට කොටි විරෝධයි.වාද බේදා ඉවතලා ත්‍රස්තවාදෙට එරෙහිව එකට හිටගන්න.ඊනියා ඇමරිකන් විරෝධී වෙලා ලංකාවේ අයට අඩහැර තියන්නේ නැතුව.කඩේ යන්න ලිබරල්වාදෙට. ප්‍රජාතන්ත්‍රවාදෙට,සමානාත්මතාවෙට (නි)

:       0       0

මුරුගන් Wednesday, 15 May 2013 03:46 PM

වැරදි වැඩ කරන අයට ඇස් පනාපිට හෙන වැදිලා ඔප්පු නොවෙනවා නම් ඒ න්‍යායෙන් ඇති පලේ කිම සදරුවන්.මොකෝ මේ බවයේදී කළ දේට තැපෑලෙන් පස්සේ බවයකදී වැදිලා වැඩක් නැහැ. මොකෝ අගතියට පත් වුණ පාර්ශවේ දැනගන්න විදියක් නැහැනේ. (නි)

:       0       0

සදරුවන් Wednesday, 15 May 2013 08:41 PM

මුරුගන්, අමෙරිකාවත් එක්තරා ත්‍රස්තවාදයක්, සෞදි අරාබියාව ආගමික ත්‍රස්තවාදයක්. ලෝකය පුරා ත්‍රස්තවාදය වපුරන්නේ මේ රටවල් දෙක. බුද්දිමතුන් ඒක දන්නවා. ඔයාල වගේ කැලා නීතිවලට හුරුවෙච්ච අයට මේවා තේරුම් ගන්න අමාරුයි.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 15 May 2013 08:54 PM

සිරියාව, ලිබියාව,ඊජිප්තුව , ඇෆ්ගනිස්ථානය මේ හැම රටකටම උන දෙය හොදට හිතල බලන්න. රට ඇතුලත බෙදීම් වැඩි වෙන තරමට , එකමුතු කමක් නැති තරමට එයින් වාසි ලබා ගන්නේ ඔය බලවත් රටවල්. අපි බෙදුනෝත් අපි ඉවරයි. ඇමෙරිකාවේ කොච්චර ප්‍රශ්න තියෙනවද? බෙදීම් තියෙනවද? ඒත් ඒ හැමෝම රට වෙනුවෙන් එකමුතු වෙනවා. මේ එකමුතු කම රකින්නේ ඒ රටවල මාධ්‍ය වන රූපවාහිණී සහ පුවත් පත්. අපේ වෙන්නේ එකේ අනෙක් පැත්ත. (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 15 May 2013 08:57 PM

මුරුගන් , සදරුවන් බෙදී සිටියහොත් රට යයි සුන් වී එක්ව සිටිය හොත් මෙය වෙයි ලෝකෙන් උතුම් රට .සිංහල, දෙමල, මුස්ලිම් අපි එකට එක්වෙමු මේ අපේ රටයි.(නදී)

:       0       0

සිල්වා Wednesday, 15 May 2013 12:14 PM

ජනපති පුටින්, ඔබ ඔය බළල් අත අඹරා දමා, පුලුවන් නම් ගහපන් කියා පලවා හරින්න.  (නි)

:       0       0

පාල Wednesday, 15 May 2013 05:10 PM

මෙහෙමනේ රානි යුද අවි කියන ඒවා පේමන්ට් එකේ වෙළෙන්දෝ වගේ බලෙන් ඇගේ ගහන්නේ නැහැ. මේවා ඉල්ලගන්න ඒවා. අනික නිෂ්පාදකයෝ නොදුන්නොත් කරන්නේ තුන්වෙනි පාර්ශවයක් හරහා ගන්න එක. මෝඩයෝ ඉන්න තාක් තුරාවට ලොකු රටවලට හොදයි.(නදී)

:       0       0

සූකිරි Wednesday, 15 May 2013 05:12 PM

මේ වසරේ වැඩිම යුද අවි ප්‍රමාණයක් මිලට අරන් ඇත්තේ ඉන්දියාව. ඒ ඇයි. බලකාමේ. රට දියුණු වෙද්දී දුප්පත් ජනයට සලකනවා පසෙකලා කරන්නේ අනවශ්‍ය වැඩ. හදට යනවා රටේ වැසිකිලි නැහැ. ඒකට බලන්න සිංගප්පුරුව, මොනාකෝ, ඔස්ට්‍රියාව(ඔස්ට්‍රේලියාව නොව) නවසීලන්තේ වගේ රටවල් ආදර්ශමත්.(නදී)

:       0       0

පද්මා Wednesday, 15 May 2013 02:24 PM

හිට්ලර් කල ඵෙතිහාසික වරදක් වේ නම් ඔහු මැරිය යුතුව තිබුනේ ඊශ්‍රායල්කාරයින් නොව අද ලොවටම පිළිකාවක්ව ඇති අන්තවාදී මුසල්මානුවන්ය. (නි)

:       0       0

සදරුවන් Wednesday, 15 May 2013 03:10 PM

රානි,බුදුගුණ බලය මේ මුළුමහත් ලෝකයේ ඒකාන්ත සත්‍ය දෙයක්. අවරුදු 5000 ක් ගිය කල බුදු දහම පිරිහෙනවා කියන්නේ සත්‍ය යටපත් වෙලා බොරුව මුලාව අසත්‍යයෙන් අන්ධකාරයෙන් ලෝකය ආයෙත් නොමග යන්ඩ පටන් ගැනීම. නමුත් බුද්ධ ධර්මය අකාලිකයි. මේ අසංකෙයිය හතරකුත් කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරුදු කරපු පාරමී ගුණ නුවනක් එක්ක මේ අවුරුදු දහයක් පහලවක දැනීමක් ඇති ඔයාල වගේ අය හැප්පෙන එක බරපතලයි.(නදී)

:       0       0

සදරුවන් Wednesday, 15 May 2013 07:15 PM

මුරුගන්, වැරදි කරන අයට ඇස් පනාපිට හෙන වදිනවා බලාගන්න නම් ශ්‍රීලංකා යුධ හමුදාවේ ක්‍රියාකලාපය සිහිකරගන්න. මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ට එලව එලවා ගැහුවේ ඇස්පනාපිට නේන්නම්. ඒ කාලේ ඔයා කොහෙද හැංගිලා හිටියේ. ඕවට තමා කියන්නේ සිංහ නාද බලු කෙඳිරිලි කියලා. අද ඉඳන් ඔබ ශ්‍රීලංකා යුධ හමුදාවේ න්‍යාය අදහන්න පටන් ගන්න. තෙරුවන් සරණයි.(නදී)

:       0       0

සදරුවන් Wednesday, 15 May 2013 07:28 PM

මුරුගන්,ශ්‍රීලංකා යුධ හමුදාව මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ට ඇස් පනාපිට ගැහුවා.තැපෑලෙන් නෙමෙයි අධිවේගී මිග්,කෆීර් යානා වලින්.අගතියට පත් අපිත් දැක්කා කොටි කන කෑම. ප්‍රභාකරන් මැරුණ දවසේ මමත් කිරිබත් කෑවා.ඒ කියන්නේ ඔබට හරියන්නේ ශ්‍රී ලංකා යුධ හමුදා න්‍යාය.බුදුබණ හරියන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩා Wednesday, 15 May 2013 03:20 PM

දෙගොල්ලම එකයි. මිනි මරගන්නවට දෙගොල්ලම කැමැතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 28 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 26 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 30 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 16 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 829 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 122 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site