ඊශ්‍රායල දේශසීමාවෙහි පිහිටි සීනායි ප්‍රදේශයට ඊජිප්තු හමුදා සහ ජෙට් යානා ඊයේ(8) එල්ල කළ ප්‍රහාරයකින් ඉස්ලාමීය සටන්කාමීහු 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සීනායි අර්ධද්වීපයට උතුරින් පිහිටි ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ ඉස්ලාමීය සටන්කාමීන්ගේ වාහන පෙළකට ඊජිප්තු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අල් ටූමා ගැමි පෙදෙසට ඇතුළු වූ ඊජිප්තු හමුදා ත්රස්තවාදීන්ට අයත් සන්නද්ධ රථ තුනක් ද විනාශ කළ බව සීනායි අණදෙන නිලධාරියෙක් පැවැසීය. පසුගියදා ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් ඊජිප්තු-ඊශ්‍රායල් දේශසීමාසන්නයෙහි සේවයේ යෙදී සිටි හමුදා භටයන් පිරිසක් ඝාතනය කිරීමෙන් අනතුරුව ඊජිප්තු හමුදාව මෙම මෙහෙයුම දියත් කළේය. මේ අතර පෙරේදා රාත්‍රියේ හඳුනා නොගත් සටන්කාමීන් පිරිසක් සිනායි ප්‍රදේශයේ හමුදා මුරපොළකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඊජිප්තු හමුදා ප්‍රකාශකයෙක් කීයේය. ගාසා තීරයේ සිටින බෙඩුයින් සටන්කාමීන් සහ ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙම ප්‍රහාර එල්ල කරන ලද බවට සැක කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඊජිප්තු නව ජනපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්ව පක්ෂය සහ ගාසා තීරයේ සිටින හමාස් සංවිධානය අතර පවතින යහපත් සබඳතා මෙම ගැටුම්කාරී තත්ත්වය නිසා අභියෝගයට ලක් වන බව විදෙස් විශ්ලේෂකයෝ පවසති. සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව ගාසා තීරයට පිවිසුම් මාර්ගය වන රෆා ප්‍රවේශ මාර්ගය වසා දැමීමට ඊජිප්තු රජය තීරණය කළේය. ඊශ්‍රායල පාලනය නොකරන පලස්තීනය බාහිර ලෝකය සමඟ සම්බන්ධ වන එකම ප්‍රවේශ මාර්ගය වන්නේ ද රෆා මාර්ගයයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඊජිප්තු හමුදා එල්ල කළ ප්‍රහාරයෙන් ඉස්ලාමීය සටන්කාමීහු 20ක් මරුට
ගාමිණී -කුවේට් Friday, 10 August 2012 03:30 AM
ෂෙරිෆ්, මනුෂ්‍යයෙක් මියයාම,මැරීම අපි කිසිවෙක් අනුමත නොකරන්නෙමු.එහෙත් ත්රස්තවාදීයා යනු ලොවින් තුරන් කළයුතු පිළිලයකි.මට හිතෙන විධියට මොවුන් උත්සාහ කළේ මෙම ශුද්ධවූ රමදාන් උපවාස කාලයේදී ඊශ්‍රායලය හා ඊජිප්තුව අතර ආරවුලක් ඇතිකිරීමටයි.එහෙත් ඊජිප්තුව කල්පනාකාරීව ක්‍රියාකළ නිසා එය වැළකින. (නි)
ෂෙරිෆ් Thursday, 09 August 2012 03:57 PM
මට නම් හරි දුකයි. මුස්ලිම් විසිදෙනෙක්...!!(නු)
ශාන් Thursday, 09 August 2012 06:01 PM
අල්ලාහු අක්බර්. (නි)
මධු Thursday, 09 August 2012 12:52 PM
මෙහෙමවත් තුරන් වෙනවා නම් හොදයි. (නි)
ලක්මාල් Thursday, 09 August 2012 06:37 PM
කරන හොද තමයි ඔය පළිසන් දෙන්නේ. (නි)