IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක්ට නිදහස හිමිවන ලකුණු

දූෂණ වංචා සහ මිනීමැරුම් චෝදනා මත සිරභාරයට ගනු ලැබ සිටින ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඉදිරි දින කිහිපයේදී නිදහස් වීමට ඉඩ ඇතැයි ඔහුගේ නීතීඥවරු පවසති.

 

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ගිලන් ඇඳ පිටින්ම අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාව...



මුබාරක්ගේ නඩු විභාගය පෙරේදා (19) පැවැත්වුණු අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහු තව දුරටත් අත්අංඩගුවේ රඳවා නොගන්නා බවට අධිකරණය තීන්දු කළේය.

මුබාරක්ගේ නීතීඥවරුන් කියා සිටින්නේ ඉදිරි දින කිහිපය තුළ දී මුබාරක් ඇප මත මුදා හැරීමට අධිකරණය තීන්දු කරනු ඇති බවය.

2010 අරාබි වසන්තයෙන් පසු, වසර 30 කට ආසන්න කාලයක්  ජනපති ධුරයේ සිටි හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් විය. ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, මුබාරක් රෝගී වූයේය. ඔහුට පිළිකාවක් ඇති බව ද වෛද්‍යවරු පැවැසූහ. ඔහු අධිකරණයට පැමිණෙන්නේ ද ගිලන් ඇඳ පිටින්ය.

2010 වසරේ මුබාරක්ට එරෙහිව ජනතා විරෝධය ඉස්මතු වූ අවස්ථාවේදී ඔහු පොලිසිය යෙදවීම නිසා විරෝධතාකරුවෝ දහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මුබාරක්ට මිනීමැරුම් චෝදනා එල්ල වූයේ ඒ අනුවය.

ජනතා විරෝධය මැද ජනපති ධුරයෙන් මුබාරක් ඉවත් වූයේ, හමුදා පාලක මණ්ඩලයක් පිහිටුවා ඊට රටේ බලය පවරා දීමෙන් පසුවය. අද, ජනතා ඡුන්දයෙන් තේරී පත් වුණු ජනපති මොහොමඞ් මොර්සිට එරෙහිව හමුදා කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කළේ ද එම හමුදා පාලක මණ්ඩලයයි. මොර්සි ජනතා ඡුන්දයෙන් බලයට ආවේ, මුබාරක්ගේ ඉවත් වීමෙන් පසු ඊජිප්තුවේ පැවැත්වුණු ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයෙනි.  

ජනපති ධුරයට පත්වීමෙන් පසු මොර්සි, එම හමුදා පාලක මණ්ඩලය සමඟ ගැටුණේය. ඔවුන්ගේ බලතල කප්පාදු කිරීමට උත්සාහ කළේය. මොර්සි තරයේ කියා සිටියේ ඊජිප්තුවට හමුදා බලය අවශ්‍ය නැති බවය. හමුදා පාලකයන් සහ මොර්සිගේ රජය අතර අර්බුදයක් නිර්මාණය වූයේ එම අවස්ථාවේදීය. එය හමුදා කුමන්ත‍්‍රණයක් තෙක් දුර දිග ගියේය.
 



අදහස් (0)

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක්ට නිදහස හිමිවන ලකුණු

උපාලි Wednesday, 21 August 2013 01:53 PM

අරාබි වසන්තය අරාබි ගිම්හානයක් බවට පත්වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව කියමින් මේ බල අරගලවලට උදව් දුන් බටහිර රටවලටත් දැන් පාලනය කරන්න බැහැ තමන්ගෙන් උදව් ලැබූ කැරලිකාරයින්ව. ලේ වැගිරීම් හැමදාම. තමන්ගේ අනාගතය තමන්ම හදා ගන්නේ නැතුව බලකාමී බටහිර රටවල් උදව්වට ගෙන්න ගත්තොත් ඔය ටික තමයි කාටත්. (ස)

:       0       0

රොෂාන් Wednesday, 21 August 2013 11:58 PM

වැරදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි,මිනි මරා බේරෙන්න බැහැ කවදාවත්. මෙයාට දෙවියෝ දඩුවම් දීලා තියනවා වගේ. (නි)

:       0       0

දුම්මලසූරිය Wednesday, 21 August 2013 11:34 AM

වුනේ මොනවද වෙන්නේ මොනවද කියලා නම් හිතා ගන්න බැහැ.නමුත් මේ වෙනකොට අරාබි වසන්තය නිසා අරාබි රටවල් රැසක්ම (ඊජීප්තුව ඇතුළුව) විනාශ වෙලා කියල නම් පේනවා..අපේ හිත මිතුරු ඊජීප්තු ජාතිකයනුත් ඒ බව පවසනවා.. (ස)

:       0       0

සමීර වී Wednesday, 21 August 2013 05:37 PM

ගුවන් නියමුවෙක් ලෙස සේවය කළ හොස්නි මුබාරක් මහතා 1982 දී බලයට පත් වී මුල් වසර 10 තුල රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට උර දුන් අතර නොයෙක් කර්මාන්ත ශාලා ආරම්භ කරමින් ජනජීවිතය නගාසිටුවීමට කැපවූ නායකයෙකි. රටේ මාධ්‍ය නිදහස ව්‍යවස්ථාවෙන් නීතිගත කළ ලොව එකම නායකයා ලෙස මෙතුමා ඉතිහාසයට එක්වෙනු ඇත.එහෙත් පසුකාලීනව බලය රැකගැනීම සදහා ඔහු විසින් කරන ලද නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් ජනතා අප්‍රසාදයට පත් විය .ඊශ්‍රායලයේ අගමැතිව සිටි ඉස්රක් රබීන් සමග සාම ගිවිසුමකට එලබ ඊජිප්තුවට සාමය ලබා දුන්නේද මොහුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 217 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 132 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 149 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 46 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 888 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site