IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉස්ලාමාබාද් නුවර ගැටුම්වලින් 200කට තුවාල

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දෙවැනි දිනයටත් පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්නුවර ගැටුම් ඇති වී තිබේ. පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව ගැටුම් හේතුවෙන් හය දෙනකු මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. 
 
පාකිස්තානයේ විවිධ ක්‍රියාකාරීන් සහ ආගමික කණ්ඩායම් සති තුනක් මුළුල්ලේ අගනුවරට පිවිසෙන ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටි අතර ඔවුන් ඉවත් කිරීමට පොලිසිය යෙදවීමත් සමඟ මෙලෙස ගැටුම් ඇතිවිය. විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් වාහනවලට ගිනි තබමින් සහ ආරක්ෂක අංශ වෙත ගල් විසි කළහ. 
 
‘තරීක් ඊ ලබායික් රසූල් අල්ලා පාකිස්තාන්’ පක්ෂයේ විරෝධතාකරුවෝ නොවැම්බර් 6 වැනිදා ඉස්ලාමාබාද් අගනුවරට පිවිසෙන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවල නිරත වූහ. එම විරෝධතා නිසා දහස් ගණනක් ගමන් ගන්නා මාර්ගයේ දිගු වාහන තදබදයක් දක්නට ලැබුණි. 
 
අධිකරණ අමාත්‍ය සහීද් හමීද් ඉවත් කරන්නැයි ඉල්ලමින් මෙම විරෝධතා එල්ල විය. සහීද් හමීද් දේවපහාසයක් කළ බව විරෝධතාකරුවෝ පෙන්වාදෙති.   විරෝධතා ලාහෝර් සහ කරච්චිහි දකුණු වරාය පැතිවලටත් පැතර ගොස් ඇතැයි තවදුරටත් වාර්තා වේ. 

 
ආගමික ගැටුම් ඇතිවීමේ අවදානම සලකා බලමින් පෞද්ගලික පුවත් නාලිකා, ඇතැම් ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ ජාල කිහිපයක් අවහිර කිරීමට පාකිස්තාන රජය කටයුතු කර තිබිණි.  
 
055

 



අදහස් (0)

ඉස්ලාමාබාද් නුවර ගැටුම්වලින් 200කට තුවාල

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 168 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 104 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site