IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉවෙන් මුල් තැන මී මැස්සාට?

සගවා ඇති පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට මිී මැස්සන්ගේ සහයද ඉදිරියේදී ලැඛෙන සෙයකි.

ඉන්සෙන්ටිනෙල් නම් බ්‍රිතාන්‍යය සමාගම පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීම සදහා මී මැස්සන් පුහුණු කිරීමේ

ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.පුපුරණ ද්‍රව්‍යයන් වලින් නිකුත් වෙන විවිධ ගඳ සුවඳ හදුනාගැනීමට මී මැස්සන් පුහුණු කිරීම මෙහිදී සිදු කෙරෙන බව සදහන් වේ. ‘ඉව‘ කිරීමෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට පුහුණු කරන බල්ලෙකුට ඒ සදහා මාස හයක පමණ කාලයක් ගත වූවත් පර්යේෂණ වලින් හෙළිවූ ආකාරයට මී මැස්සෙකුට ගතවන්නේ තත්ත්පර හයක් වැනි කෙටි කාලයක් බව පර්යේෂණ කටයුතු මෙහෙය වන විද්‍යාඥ පිරිස කියයි.

අනතුරුව මේ පුහුණුව ලැබූ මී මැස්සන් ජංගම බෝම්බ අනාවරකයක් වැනි උපකරණයකට බහාලන අතර පුපුරණ ද්‍රව්‍ය ආසන්නයේ මී මැස්සන්ගේ හැසිරීම අධ්‍යනය කිරීමෙන් පුපුරණ ද්‍රව්‍ය හදුනාගත හැකි බව විද්‍යාඥයන් පිරිස පවසයි.

තවමත්  පර්යේෂණ මට්ටමේ පැවැතියද ව්‍යාපෘතිය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් ඉදිරියේදී ලන්ඩනයේ හීත්රෝ ගුවනතොටුපලේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් මී මැසි බලකායක්ද යෙදවීමට බළධාරීන් අපේක්ෂා කරයි.



අදහස් (0)

ඉවෙන් මුල් තැන මී මැස්සාට?

හේවාවිතාරණ Tuesday, 30 April 2013 07:09 PM

රිචාර්ඩ් ' කුරානෙට වයස තවම අවුරුදු එක දහස් හාරසිය ගානයි. මී මැස්සෝ හිටියේ මීට අවුරුදු දහස් ගණනකට පෙර බව ඔබ නොදනීද ? (නදී)

:       0       0

නිමල් Tuesday, 30 April 2013 08:23 AM

සිල්වා මන් කිවේ පොදුවේ අපේ අය හිතන විදිය. ඒකම තමයි මේ රටට වෙලා තියන වින්නැහිය. පාපැදියක්,පැන්සලක් වත් හදන්න බැරි තත්වෙට රට පත් කරන අයට චන්දෙ දීලා. වෙන රටක් දෙයක් කලොත් පුරාජේරු කතාවක් හරහා පහත් කරන්න තමයි දන්නේ.(නදී)

:       0       0

සිල්වා Monday, 29 April 2013 07:26 PM

නිමල්, ඔබගේ පරගැතිකමට අනික් අයද ඈඳා නොගන්න, අපහාස නොකරන්න.(නදී)

:       0       0

නිමල Monday, 29 April 2013 02:55 PM

මෙය දකින ලංකාවේ පුරාජේරුකරුවන් මෙසේ කියනවා ඇත...."මේවා සුද්දන්ට ඉස්සර අපේ කාශ්‍යප රජතුමාත් පාවිච්චි කළා" (නි)

:       0       0

සිතිර Tuesday, 30 April 2013 09:36 PM

රේගුවටත් හොඳ ක්‍රමයක්.(නු)

:       0       0

මධු Tuesday, 30 April 2013 12:06 AM

රිසාර්ඩ්, ඔව් ඔව් කුරානේ ගොඩක් දේවල් තියෙනවා නේන්නම්? ඒවා කියන්න බැහැ. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 30 April 2013 01:34 AM

පුපුරන ද්‍රව්‍ය අස්සේ මී මැසී රැජින හිටියොත් ? (නි)

:       0       0

බණ්ඩා Tuesday, 30 April 2013 01:36 AM

රිෂාඩ්, බෝම්බ සහ කුරානය අතර සම්බන්ධය මොකක්ද ? (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 29 April 2013 04:37 PM

මේ ගැන දැනුම ගන්න කුරානයෙන්.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 59 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 56 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 46 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 15 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site