එර්බිල් (ඒ.එෆ්.පී).
ස්වයං පාලනයක් සහිත ඉරාකයේ කුර්දි පළාතට නිදහස දිනා ගැනීම සඳහා පැවැති ජනමත විමසුමෙන් පසු ඉරාක ජනාධිපති හයිදර් අල් අබාදි සහ කුර්දි නායක මසූද් බර්සානි අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
කුර්දි පළාතට නිදහස දිනාගැනීම උදෙසා පසුගිය 25 වැනි දා ජනමත විමසුමක් පැවැත්විණි. එහි ප්‍රතිඵල දැන් නිකුත් වෙමින් පවතින අතර බොහෝ දෙනකු කුර්දිස්තාන පළාතට නිදහස දිනාගැනීම වෙනුවෙන් ඡන්දය භාවිත කර ඇතැයි ද පැවසේ.
කුර්දිස්ථාන ජනමත විමසුමේ ප්‍රතිඵලය ‘ඔව්’ වුවද කිසිදු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවලට නොයන බව ඉරාක අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. ජනමත විමසුමට ඉරාක අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ සහ එරට පාර්ලිමේන්තුවෙන් දැඩි විරෝධයක් එල්ල විය. එපමණක් නොව අසල්වැසි රටවල් වන ඉරානය, තුර්කිය ඇතුළු ජාත්‍යන්තරයෙන්ද විරෝධය එල්ල විය. කෙසේ නමුත් කුර්දිවරුන්ට වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා සහාය වන බව ඊශ්‍රාය අගමැති බෙන්ජමින් නෙදන්යාහු මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේය.
‘සාකච්ඡාවලට තිබෙන දොර වහන්න එපා. සියලු අර්බුදවලට විසඳුම සාකච්ඡාව” යැයි කුර්දි පළාතේ අගනුවර වන එර්බිල්හිදි ප්‍රකාශය කළේය. ඔහු අදහස් දක්වන අවස්ථාවේදී එය සජිවීව විකාශය කරන ලදි. ‘අපි සාකච්ඡාවලට විවෘතයි. ඒ බව ජාත්‍යන්තර ප්‍රජාවට කිව යුතු” යැයි ද කුර්දි නායකයා පැවැසීය.
ඉරාක රජයේ පාලනයට අනුව කටයුතු නොකළහොත් කුර්දි පළාතේ එර්බිල් සහ සුලෙයිමනියාහ් හි පිහිටි ගුවන් තොටුපොළ දෙක දින තුනක් ඇතුළත දී වසා දමන බවත් එම ගුවන් තොටුපොළවලට ජාත්‍යන්තර ගුවන් යානා නවතා දැමීමට කටයුතු කරන බව ද කීවේය.
‘ව්‍යවස්ථාවට අනුව අපි කටයුතු කරනවා. ඒ අනුව අවශ්‍ය වුවහොත් නීතිමය පියවර ගන්නවා. අපි සාකච්ඡාවලට සූදානම්. එහෙත් ජනමත විමසුම හෝ එහි ප්‍රතිඵලවලට අනුව සාකච්ඡා පවත්වන්නේ නැහැ. අපි අපේ සමඟය එකමුතුව දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. අපේ වගකීම් ඉටු කළ යුතුයි. ඉරාකයේ ස්වෛරීත්වය කිසිදු අවස්ථාවක පහත හෙළන්නේ නැහැ. අපේ ජාතික වගකීම් ඉටු කරනවා” යැයි ද ඉරාක අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(055)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරාක අගමැති - කුර්දි නායකයා උණුසුම් වචන හුවමාරුවක
kumar (galf) Thursday, 28 September 2017 06:52 AM
කුර්දිස්වරු ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයකට උරුමකම් කියන පැරණිම ජාතීන්. සටන්නායක සලහුදීනුත් මේ කුර්දිස් ජාතිකයෙක් තමයි.