ඉරාකයේ බැග්ඩෑඞ් නුවර මධ්‍යයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් සියගණනක් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.
මෙම බෝම්බ පිපිරුම් දෙකෙන් එක් පිපිරීමක් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සදහන් කර තිබෙන අතර, අනෙක් බෝම්බය මෝටර් රථයක ඇටවූවක් බව එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.
ඉරාකයේ අයිඑස් ත‍්‍රස්තයින් අත්පත් කරගෙන සිටින අවසන් බලකොටුව ලෙස සැළකෙන මොසුල් නගරය මුදා ගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක වෙමින් පවතින මෙම අවදියේ දී සිවිල් වැසියන් ඉලක්ක කර සිදුවන බෝම්බ ප‍්‍රහාර වල ඉහළ යෑමක් දැකගත හැකි බව යුද නිරීක්ෂකයෝ පවසති.
මොසුල් නගරය අහිමි වීම යනු අයිඑස් ත‍්‍රස්තයින්ගේ ඉස්ලාමික කැලිපේට සිහිනය සදහටම බොදවී යාමකි.කැලිපේටය පිහිටවනු වස් ඔවුන් අත්පත් කරගෙන සිටි පෙදෙස් බොහෝමයක් ඔවුන්ගේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට ඉරාක ආරක්ෂක අංශ සමත්ව ඇත.
ඉරාක අගමැතිවරයා පවසා ඇත්තේ එළැඹෙන අපේ‍්‍රල් මාසය වන විට අයිඑස් ත‍්‍රස්තයින් ඉරාකයෙන් සම්පූර්ණයෙන්ම එළවා දැමිය හැකිවනු ඇති බවය.එය එසේ වුවත් අනතුරුව එල්ල විය හැකි අයිඑස් ගරිල්ලා ප‍්‍රහාරයන්ට ඉරාකය සූදානමින් සිටින යුතු බවට විචාරකයෝ අනතුරු අගවති.
ඉරාක හමුදා සහ ඇමරිකා ආරක්ෂක අංශ එක්ව අයිඑස් ත‍්‍රස්ත මර්දන මෙහෙයුම දියත් කර තිබෙන අතර, මෙම මෙහෙයුම දෙවැනි වන්නේ ඉරාකයේ හිටපු පාලක සදාම් හුසේන් බලයෙන් පහ කිරීම සදහා ඇමරිකාව දියත් කළ මෙහෙයුමට පමණක් බව විදෙස් වාර්තා වල සදහන්ය.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉරාකයේ බෝම්බ පිපිරීම් දෙකක්