අල් කයිඩා සටන්කාමීහු ඊයේ (01) ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර අධි බලැති කාර් දෙකක් පුපුරුවා හරිමින් නගරයේ පොලිස් ස්ථානයකට කඩා වැදී පහර දුන්හ. එම ප්‍රහාරයෙන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් තුවාල ලැබූහ. සටන්කාමීන් එම ප්‍රහාර එල්ල කොට ඇත්තේ ඉතා සැලැසුම් සහගතව යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. ඔවුන් මුලින් කාර් බෝම්බ පුපුරුවා හැර ඇත. කාර් බෝම්බ එකම වේලාවක කාර්ය බහුල වීදියක පුපුරා හැර ඇත. මගී බස් රියක් ද එක් බෝම්බයකට හසුවූ අතර එහි කුඩා දරුවන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිටි බව ද වාර්තා වේ. බෝම්බ පිපිරී යෑමත් සමඟ හටගත් කලබලය මැද පොලිස් සහ හමුදා නිලධාරීන් එම ස්ථානයට පැමිණෙද්දී තවත් අල් කයිඩා බෝම්බකරුවෝ දෙදෙනෙක් ඊට නුදුරින් වූ පොලිස් ස්ථානයට කඩා වැදී බෝම්බ පුපුරුවා ගත්හ. එම බෝම්බකරුවන් දෙදෙනා පොලිස් ස්ථානයට ඇතුළු වී ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සැරසීය. එම පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් අල් කයිඩා සටන්කාමීන් කිහිප දෙනකු සිටි බවත් බෝම්බකරුවන්ගේ අරමුණ වී ඇත්තේ ඔවුන් මුදා ගැනීම බවත් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. පොලිසියට ඇතුළු වූ බෝම්බකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඇමෙරිකා හමුදා ඉරාක සංග්‍රාමය අවසන් කොට ඉකුත් වසරේ ඉරාකයෙන් නික්ම යෑමෙන් පසු ප්රචණ්ඩ කි‍්‍රයා යළිත් හිස ඔසවා ඇත. ඇමෙරිකා හමුදා ඉරාකයෙන් පිටවී ගියේ රටේ ආරක්ෂක කටයුතු ඉරාක ආරක්ෂක අංශ වෙත බාරදීමෙන් අනතුරුවය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරාකයේ කාර් බෝම්බ දෙකක් පුපුරා 19ක් මරුට
සමන් බහරේන් Saturday, 04 August 2012 12:07 PM
මා මෙයට අදහස් යොමු කළා. පළවී නෑ. ඒ ඇයි?
නිමල් Saturday, 04 August 2012 05:42 PM
නියමයිනේ. තව පිපිරියන් බෝම්බ ඇති වෙන්නම. (නි)
ප්‍රියන්ත Monday, 06 August 2012 07:17 PM
විදෙස් පුවත් නැද්ද? (නි)