ඇමෙරිකාවට ගැති වාල්කම් නොකරන ලෙසත්, පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට වහා ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ නායක ඉම්රාන් ඛාන් ලක්ෂයකට වැඩි පිරිසක් පිරිවරාගෙන පෙරේදා (30) ලාහෝර් නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විය. පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මීට පෙර ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ රැලියකට මෙතරම් විශාල ජනකායක් සහභාගී නොවූ බවය. සංවිධායකයන් කියා සිටියේ 150,000 ක් රැුලියට සහභාගී වූ බවය. රැලියට සහභාගී වීමට පාකිස්තානයේ නන් දෙසින් බස්, ට‍්‍රක් රථ, වෑන් සහ ට‍්‍රැක්ටර්වලින් ද ජනතාව ඇදී ආ බව මාධ්‍ය වැඩි දුරටත් කියා සිටියි. රැලියට පැමිණි මහා ජනකාය පාලනය කිරීමට ලාහෝර් නුවර පොලිසිය සහ හමුදාව අසමත් වූ බවද වාර්තා වේ. රැලියට සහභාගී වූ පිරිස අමතමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ පාකිස්තාන රජය, ඇමෙරිකාවේ වාලකු නොවිය යුතු බවත් ඇමෙරිකාවට ගැතිකම් නොකළ යුතු බවත්ය. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ප‍්‍රමුඛ රජය ඇමෙරිකාවේ පදේට නටන බවටත් ඉම්රාන් ඛාන් චෝදනා කළ අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ ජනපති සර්දාරි ධුරයෙන් ඉවත් විය යුතු බවය. ඇමෙරිකාව සමඟ මිතුදමක් පැවැතිය යුතු නම් එය වාල්කමක් නොවිය යුතු බවත් ඉම්රාන් ඛාන් අවධාරණය කළේය. රැස්ව සිටි පිරිස ඊට ප‍්‍රතිචාර දක්වමින් පී‍්‍රති ඝෝෂා පවත්වන්න වූ අතර ඔවුන් එක හඬින් කෑ ගසන්න වූයේ ‘පාකිස්තානයේ ගැලවුම්කරු ඉම්රාන් ඛාන්, කියාය. පාකිස්තානයේ අසහාය කි‍්‍රකට් විරුවකු වන ඉම්රාන් ඛාන් (58) දේශපාලනයට පිවිස වසර 15 ක් ගත වී ඇත. ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මීට පෙර අවස්ථා ගණනාවකදී ද ඇමෙරිකාව එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් වීදි බැස විරෝධතා රැළි පවත්වා තිබේ. ඉම්රාන් ඛාන්, පෙරේදා (30) පැවැති රැළියේ දී ඇමෙරිකා රජයෙන් ද ඉල්ලීමක් කළේය. පාකිස්තානය ඇමෙරිකාවේ වාලකු නොවන බවත් පාකිස්තානයේ ස්වෛරීත්වයට ගරු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය. පාකිස්තානය තම වාලකු ලෙස ඇමෙරිකාව සලකන්නේ නම් පාකිස්තානය ඇමෙරිකාව සමඟ ඇති සියලූම මිතුදම් නැවැත්විය යුතු බව ද ඉම්රාන් ඛාන් පෙන්වා දුන්නේය.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉම්රාන් ඛාන් ලක්ෂ ගණනක් සමඟ රජයට එරෙහිව වීදි බසී
anusha prasad Wednesday, 02 November 2011 09:49 PM
හරි හොදයි