IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය මගී යානයක් හදිසියේම පාකිස්තාන ගුවන්තොටකට

මගීන් එකසිය විසි දෙදෙනකු ද සමග අබුඩාබි සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ඊයේ (9) පියාසර කරමින් තිබූ ඉන්දීය ගුවන් යානයක යාන්ති‍්‍රක දෝෂයක් හට ගැනීමත් සමඟ එය පාකිස්තානයේ ගුවන් තොටුපොළකට හදිසියේ ගොඩබෑමට නියමුවන්ට සිදු විය. එයාර්බස් ‘ඒ 320’ වර්ගයේ ‘එයාර් ඉන්දියා’  ගුවන් සේවයට අයත් මගී යානයේ ඇන්ජිමේ සහ විද්‍යුත් පද්ධතියේ දෝෂයක් හටගෙන ඇති බව නියමුවන් දැන ගත්තේ යානය ගුවන්ගත වී පැය කිහිපයක් ගත වෙද්දීය. යානයේ දෝෂයක් ඇති බව මගීන්ටද දැනුම් දුන් නියමුවන් කියා සිටියේ කලබල නොවී තම තමන්ගේ අසුන්වල රැඳී සිටින ලෙසටය. මගීන් සන්සුන් කිරීමට යානයේ ගුවන් සේවිකාවෝ යුහුසුලූ වූහ. යානයේ දෝෂය ගැන නියමුවන් නවදිල්ලි ගුවන් තොටුපොළ බලධාරීන්ට දැනුම් දුන් අවස්ථාවේදී ඔවුන් සිද්ධිය ගැන පාකිස්තාන බලධාරීන්ට දන්වා ඇත. ඒ අනුව පාකිස්තානයේ ගුවන්තොටුපොළකට යානය ගොඩබැස්සවීමට පාකිස්තාන බලධාරීන්ගෙන් අවසර ලැබුණි. එම අවස්ථාවේදී ගුවන් යානය පියාසර කරමින් තිබුණේ දකුණු දිග පාකිස්තානයේ කරච්චි නුවර සිට කිලෝ මීටර් 230 ක් දුරින් පිහිටි නවාබ්ෂා ගුවන්තොටුපොළට නුදුරිනි. නවාබ්ෂා ගුවන්තොටුපොළ බලධාරීන් යානයේ නියමුවන්ට දන්වා ඇත්තේ තම ගුවන්තොටුපොළට යානය ගොඩබස්වන ලෙසටය. ඒ අනුව ගුවන් යානය ගොඩ බැස්සූ බවත් යානයේ කිසිවකුටවත්  අනතුරක් සිදුනොවූ බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඉතා සුහදව පිළිගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට නවාබ්ෂා ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන ඇති නමුත් යානයේ නියමුවන් සහ මගීන් ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළේ යැයි පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ප‍්‍රකාශක සුල්තාන් හසන් පවසයි. පැය කීපයකට පසු යානයේ ගමන් කළ මගීන් වෙනත් ගුවන් යානයකින් නවදිල්ලි ගුවත්තොටුපොළ වෙත ගෙනයනු ලැබිණි.



අදහස් (0)

ඉන්දීය මගී යානයක් හදිසියේම පාකිස්තාන ගුවන්තොටකට

චමින්ද Tuesday, 10 July 2012 12:47 PM

"යානයේ නියමුවන් සහ මගීන් ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළේ යැයි පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ප‍්‍රකාශක සුල්තාන් හසන් පවසයි" මෙයාලට යානය ගොඩබස්වන්න විතරක් පුළුවන්. මෙයාලගේ තියෙන උද්දච්චකම.

:       0       0

නුවන් Tuesday, 10 July 2012 01:25 PM

අපරාදේ බහින්න අවසර දුන්නේ ... කොහොමත් ඉන්දියන් අය ලොකු ඔලුවෙන් තමයි ඉන්නේ ..

:       0       0

නුවන් Tuesday, 10 July 2012 01:25 PM

අපරාදේ බහින්න අවසර දුන්නේ ... කොහොමත් ඉන්දියන් අය ලොකු ඔලුවෙන් තමයි ඉන්නේ .

:       0       0

සෙමින්ද Tuesday, 10 July 2012 02:05 PM

මෙයාලගේ තියෙන අහන්කාරකම බලාන්නකෝ‍‍‍.....

:       0       0

කෝසි Tuesday, 10 July 2012 02:57 PM

ඉන්දියාවේ අයගේ තියෙන උද්දච්චකම....

:       0       0

අශාන් Tuesday, 10 July 2012 11:34 PM

ඉන්දියන් අයගේ ඔලුව වැඩි ...ඕක කඩ තව වටෙන්නි තිබුනේ

:       0       0

සරත්[.male] Tuesday, 10 July 2012 11:03 PM

ඉන්දියාවේ කට්ටියගේ ලොකුකම තාමත් අඩුවෙලා නෑ වගේ

:       0       0

සරත්[.male] Tuesday, 10 July 2012 11:03 PM

අපරාදේ බස්සන්න දුන්නේ අපේ රටට

:       0       0

අමරා Tuesday, 10 July 2012 11:39 PM

අහංකාරකමක හැටි

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 140 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 92 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 82 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 289 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 132 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site