සතුරු යාත‍්‍රාවකැයි වරදවා වටහා ගෙන ඇමෙරිකානු නාවික හමුදාව ඉන්දීය ධීවර බෝට්ටුවකට පෙරේදා (16) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඉන්දීය ධීවරයකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙක් තුවාල ලැබූහ. ඉන්දීය බෝට්ටුවට එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබල් අලී වරායට ඔබ්බෙන් මුහුදේදීය. ප්‍රහාරයට ලක් වෙද්දී ඉන්දීය ධීවර යාත්‍රාව ඇමෙරිකා නාවික හමුදාවට අයත් යූ.එස්.එස් රබානොක් නමැති ඉන්ධන පිරවුම් නෞකාවට කිට්ටු වී ඇත. ධීවර බෝට්ටුව නැවට කිට්ටු වෙද්දී ඇමෙරිකා නාවික හමුදා නිලධාරීන් ඊට අනතුරු ඇඟවීම් කර ඇති නමුත් ධීවර බෝට්ටුව ගමන් මඟ වෙනස් නොකර නැව දෙසට පැමිණ ඇත. එම අවස්ථාවේදී සතුරන් නැවට පහර දීමට පැමිණැයි අනුමාන කරමින් මැෂින් තුවක්කුවලින් වෙඩි තැබූ බවත් පසුව පරීක්ෂා කර බලද්දී පහර දී ඇත්තේ ධීවර බෝට්ටුවකට බවත් එහි සිටියේ ඉන්දීය ජාතිකයන් යැයි දැනගත් බවත් ඇමෙරිකා නාවික හමුදාව පවසයි. යූ.එස්.එස් රබානොක් වැනි ඉන්ධන ප්‍රවාහන නැව්වලට පමණක් නොව යුද නැව්වලට පවා කුඩා බෝට්ටුවලින් පැමිණ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාවේ සතුරෝ පසුබට නොවෙති. මීට පෙර 2000 වසරේ දී ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් කුඩා බෝට්ටුවකින් පැමිණ යූඑස්එස් කෝල් නමැති යුද නැවට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඇමෙරිකා නාවික හමුදා සෙබළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉරාන නාවික හමුදාව ද අනතුරු අඟවා ඇත්තේ මධ්‍යධරණී මුහුදට පැමිණෙන ඇමෙරිකානු නැව්වලට කුඩා බෝට්ටු භාවිත කරමින් පහර දෙන බවය. ඉන්දීය ධීවර යාත්‍රාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණ පවත්වන බව ඇමෙරිකාව මෙන්ම ඉන්දියාව ද පවසා ඇත.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දීය ධීවර බෝට්ටුවකට ඇමෙරිකා නාවික හමුදාවෙන් වෙඩි ප්‍රහාරයක්
උපාලි Wednesday, 18 July 2012 11:30 PM
දැන් ජයලලිතයි, කරණානිධියි මේකට කරන්නේ මොකක්ද බලමු.
ලොක්ක Thursday, 19 July 2012 10:34 AM
රොහාන්-ඉන්දියාවේ හැමෝම හින්දි අපි දන්නා තරම් වත් දන්නේ නෑ. දෙමළෙන් හරි මල්බෙරි වලින් හරි කිවුවා නම් හරි. ඔන්න දැන් අපිට පාට් දාන ජයලලිතයි, කරණානිධියි පුද්ගලිකව ගිහින් ඔබාමට දෙකක් ඇනල එයි.
රොහාන් Thursday, 19 July 2012 12:03 AM
අනේ මන්දා, ඇමරිකන් කාරයින්ට තිබුණේ හින්දි වලින් අනතුරු හගවන්නනේ.මේ අයට වෙන මොලෝ දෙයක් තේරෙන එකක්යෑ.
ඩබ්.ඩබ්.ඩබ්. Thursday, 19 July 2012 01:06 AM
කොල්ලනේ යන්න ඒපා. ඔන්න ඇමරිකන් කරය වෙඩි තියනවා . ඔචිචර බය තිබුනොත් ඇති
වර්ණ Thursday, 19 July 2012 06:53 AM
ධීවරයන්ට වෙඩි තියපු ඉතාලි සොල්දාදුවෝ දෙන්න තාම හිරේ බලමු ඇමරිකන් කාරයින්ව ගෙනල්ල හිර කරයිද කියල ? නැත්නම් ඇමරිකාවට නකුට වනයිද කියල
ප්‍රබා Friday, 20 July 2012 03:51 AM
ඒ අය මක්ක කියන්නද එක කලේ අපේ හමුදාව යෑ . ඇමෙරිකාව ඒ කට්ටියගේ සුරපුරය නේ . ඉතින් ඕක අපි අමතක කරලා දාමු කියයි
මධු Wednesday, 18 July 2012 01:12 PM
මෙයාල මොකටද එහෙ ගියේ ?
ද සිල්වා Thursday, 19 July 2012 01:31 PM
ජයලලිතගේ කරුණානිධිගෙ කටේ පිට්ටුද? කතා කරන්නෙ නැත්තෙ.. ඇමරිකාව කොච්චර කට ගැහුවත් කළාමැදිරිඑළියටත් බයයි..!!
නිශාන්ත Thursday, 19 July 2012 07:07 PM
ජයලලිතා නිදිද?
විරු Wednesday, 18 July 2012 10:31 PM
එක අතකින් හොද වැඩේ. දැන් අර ජයලලිත මොකද කියන්නේ? මෙන්න මරනවෝ කියල කෑ ගහනවානම් ඇහුනේ නෑ! නැත්නම් කියයි ලංකාවේ නාවික හමුදාව තමයි වෙඩි තිබ්බේ කියල කොහොමද මේ අය මුහුදු කොටින්ට මුහුණ දුන්නොත්! කෑලිවත් හොයා ගන්න බැරි වෙයි.