ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට පාලක කොංග්රස් පක්ෂය ප්රමුඛ රජය ගත් තීරණයට විරෝධය දක්වමින්, ඉකුත් සති අන්තයේදී ද අන්ද්‍රා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් අගනුවර විරෝධතා රැලි කිහිපයක් පැවැත්විණි.
තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි රජයට බල කළ පිරිස් සහ එම විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගත්තේය. කලහකාරීන් විසුරුවා හැරීමට, පොලිසියට කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමට ද සිදුවිය. තෙලගනා පළාතේ වැසියෝ එම පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි ඉල්ලා සිටියේ මීට මාස ගණනාවකට පෙර සිටය.
මේ අතර, තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි කොංග්රස් පක්ෂය ප්රමුඛ රජය තීරණය කළේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් යැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය චෝදනා කර ඇත. ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමත් සමඟ එය ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය වන අතර එහි අගනුවර වනු ඇත්තේ ද හයිද්‍රාබාද් නුවරය. කොංග්රස් පක්ෂය මේ වනවිට දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක් වී ඇත. ඒ දිනෙන් දින ඉහළ යන රජයේ දූෂණ වංචා හේතුවෙනි. ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය කොංග්රස් පක්ෂයට අවාසි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කර ඇත.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවේ තෙලගනා පළාත වෙනම ප්‍රාන්තයක් කළැයි ජනතා විරෝධය
නිමල් Tuesday, 06 August 2013 09:44 AM
ජනතා විරෝදය මැද අපි තෙලගානා ප්‍රාන්තය බිහිකළා. එම ක්‍රමයටම ජනතා විරුද්ධත්වය නොතකා ලංකාවෙත් දෙමල ඊලම බිහි කළ යුතු යැයි කියා ඉන්දියානු රජය අපිට බල කරාවිද ? (නි)
ලොක්කෙ Monday, 05 August 2013 11:17 AM
අර ජයලලිතයි කරුණානිධියි මේකට මුකුත් කියන්නෙ නැද්ද දන්නෙ නැහැ (නි)
දුම්මලසූරිය Tuesday, 06 August 2013 12:40 AM
ඉන්දියාව ඇතුලෙම තවත් ප්‍රාන්ත හදන්න උත්සහ කරන ඉන්දීය රජයට ඒ රටෙහිම මේ මිනිස්සු විරුද්ධ වෙද්දී අපේ රට කෑලි කරන්න අපි ඉඩ දෙනවද? මේකෙන්වත් ඉන්දීය ආණ්ඩුවට ඒ බව වැටහේවිද? (නි)
අසේල Monday, 05 August 2013 05:18 PM
ඉන්දියාව කෑලි කඩලා ඉතාලියට විකුණනකන් ඉන්දියාවේ ඉන්න අය මේවා තේරුම් ගන්නේ නැහැ. (නි)