අවසන් සටනේ ඉලක්කයන් ලෙස ඉන්දියාව හා ඇමරිකාව නම් කර අයිඑස් අන්තවාදීන් විසින් නිකුත් කැරුණු රහසිගත ලියවිල්ලක තොරතුරු අනාවරණය කරගැනීමට ඇමරිකා බුද්ධි අංශ සමත්ව තිබේ.
මෙම ලියවිල්ලෙන් ආසියා කලාපයේ කි‍්‍රයාත්මක වෙනත් අන්තවාදී සංවිධානයන්ටද තමන් හා අත්වැල් බැදගන්නැයි අයිඑස් සංවිධානය ආරාධනා කර තිබෙන අතර සියලූදෙනා එක්ව කරන අවසන් සටනකින් පසු ඉස්ලාමික කැලිපේටය පිහිටුවීමට හැකිවනු ඇතැයිද එහි සදහන්ය.
පකිස්තානයේ කි‍්‍රයාත්මක අන්තවාදී සංවිධානයන්ට මෙම ලියවිල්ලේ වැඩි තැනක් වෙන්ව ඇතැයි එය විමර්ෂණය කර ඇති විශේෂඥයින් කියයි.
ඉන්දියාවට පහර දීමේ තැතත් ගැනද සදහන්ව ඇති හෙයින් මෙය කිසිසේත්ම සුලූවෙන් තැකිය නොහැකියැයි ඔවුන්ගේ මතයයි.
අයිඑස් සංවිධානය දියත් කිරීමට සැළසුම් කර තිබෙන විනාශකාරී මෙහෙයුම් කිහිපයකම තොරතුරු පසුගිය සමයේ අනාවරණයවූ අතර ඇෆ්ගනිස්ථානයේ සිට තම මව්රට බලා යමින් සිටින ඇමරිකා සෙබළුන් ඉලක්කර කර එල්ල කිරීමට සැළසුම් කර තිබූ ප්‍රහාරය එවැන්නකි.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඉන්දියාව පවසන්නේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි.
අයිඑස් සංවිධානයට බැදීමට යැයි කියා ඉන්දියාවෙන් පිටවීමට තැත් කළ 25 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔවුන් පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙන බවද ඉන්දියා බළධරයින් කියයි.
අයිඑස් සංවිධානයේ මුදල් බලය හමුවේ ඔවුන්ට න්‍යෂ්ඨික අවි විකිණීමට ඇතැම් රටවල් පෙළඹෙනු ඇතැයි ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාවෝ සිං අනතුරු අගවයි.ඔහු නොකියා පහර එල්ල කරන්නේ පකිස්තානයටය.
එසේවුවද අයිඑස් සංවිධානයේ අවි ශක්තිය සළකා බලන විට ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා පවසන දෙයද දැඩිව සැළකිල්ලට ගතයුතුව තිබෙන්නකි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවටයි ඇමරිකාවටයි අයිඑස් ත්‍රස්ත ඉලක්ක දෙකක්
දම් Thursday, 30 July 2015 06:02 PM
දැන්ම මරාගත්තේ නැත්නම් අායෙත් ජෙනරාල්ට යුද්ද පිටියට යන්න වේවි.(නදී)
චමල් Sunday, 02 August 2015 05:43 AM
ලංකාවට ඒගොල්ලෝ යුදමය වශයෙන් පහර දෙන්නේ නැහැ. එහෙම කරන්න බැරි අපේ හමුදාව ශක්තිමත්. එ්ත් තැන තැන ඔවුන්ගේ පිබිදීම් ඇතිවෙනවා.(නදී)
නිරෝධා Monday, 03 August 2015 06:43 AM
අබ්දුල් නසීම්, දෙන්නකෝ දන්නා අයගේ නම් ගම් ඒ ඒ ආයතන වලට. දැන්ම ඉදන් මේක නවත්තන්න පුළුවන් (නදී)
ඉසුරන්දි Tuesday, 04 August 2015 05:20 AM
අපේ රටට ත්‍රස්තවාදය ආපහු ඕනෙම නැහැ. මේවා තුලින් අන්තිමේදී වෙන්නේ ජාතින් අතර අසමගිය වර්දනය වී තියෙන නිදහසත් නැතිවෙන එක විතරයි.(නදී)
සුදත් Thursday, 30 July 2015 07:01 AM
අයි.එස් කෙරුම් වැඩිකල් පවතින්නෑ..(ම)
රෝහණ Wednesday, 05 August 2015 01:57 AM
අන්තවාදයට ආයුෂ කෙට්යි (නදී)
කුමාර Saturday, 01 August 2015 05:32 AM
ඉසිස් කියන්නේ ගොඩක් දරුණු සංවිධානයක්. මෙයාල ලංකාවට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. නමුත් ලෝකයේ මොන හමුදාවට බැරි උනත් අපේ හමුදාවෙන් මාට්ටු වෙනවා. එ්ක ඒ කාන්තයෙන්ම සිදුවෙනවා. ඒ වගේම අැමෙරිකාවත් බලාගෙන ඉන්නේ තව ටිකක් උන් නැගිටිනකන්, ඊට පස්සේ උන්ව සමුල ඝාතනය වෙනවා.(නදී)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 31 July 2015 06:48 AM
ඉන්දියාව අනතුර තේරුම් අරන් ආරක්ෂාව ගැන වෙහෙසුනාට අපේ රටෙත් හිටපු එකෙක් මැරුන නිසා තමා දැනගත්තේ. මෙහෙත් ඉන්නවා කියල ඊට පස්සේත් තොරතුරු ලැබුනත් උනන්දුවක් නැත්තේ දීපු පොරොන්දු නිසා වෙන්න ඇති. (නදී)
අබ්දුල් නසීම් Thursday, 30 July 2015 12:45 PM
සියලුම අන්තවාදී කල්ලි සහමුලින්ම නැති කරන්න ඕනේ. මම මුස්ලිම් උනත් මම කිසිම විදියකට කැමති නැහැ අපි හැමෝගෙම රටේ එක ලේ බින්දුවක් වත් හෙලවෙනවට. ඇයි අපි හොදට ඉන්න පුළුවන් කම තියාගෙන ලේ පෙරාගන්නේ. අපේ රටෙත් ඔය වගේ ප්‍රශ්න ඇති කරන්න බලාගෙන ඉන්න කාලකන්නි ටිකක් ඉන්නවා පකිස්තානයෙන් ඇවිල්ලා. එ්ක නිසා මම හැම මුස්ලිම් යාලුවන්ගෙන් ඉල්ලන්නේ අපිව නැති කරන්න අාපු එවුන් ගැන හැමෝටම කියල මේ රටෙන් එලවල දාන්න උදව් වෙන්න. නැත්තන් උන් කරන දේවල් වලට වන්දි ගෙවන්න වෙන්නේ අපේ ළමයින්ට. දැන් ලෝකේ අන්තවාදය නිසා කොච්චර ළමයි සෆර් කරනවද. අද ලෝකේ ඇතිවෙලා තියෙන හැම යුද්දයක්ම පටන් අරන් තියෙන්නේ අන්තවාදීන්. මමත් මුස්ලිම් තමා. එ්ත් ඇත්ත වහන්න අපිට බැහැ. උන් අපේ රටේ නැගෙනහිර හැංගිලා ඉදන් වැඩ පටන් ගන්න හදන්නේ. උන්ට ළමයි ගැන, උන්ගේ පවුල් ගැන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. උන්ට ඕනේ අනික් එවුන් මරාගෙන ඉන්න. (නදී)
රනුක Sunday, 02 August 2015 09:50 AM
අයිඑස්අයිඑස් ලංකාට පහරදුන්නොත් අපි කනවා. ලංකාවේ ආමි එක දැන් දුර්වලයි.(නදී)
දුමින්ද Sunday, 02 August 2015 02:48 PM
ඇමරිකන් කිරි බී හැදුන සත්ත්වයෙක් (නදී)