IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉතාලි දොස්තර හිසක් බද්ධ කිරීමට යයි

සිරුරකින් වෙන්කරගත් මිනිස් හිසක් තවත් සිරුරකට බද්ධ කෙරෙන විස්මිත සැත්කමකට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

නමින් සර්ජියෝ කනෙවෙරෝ නම් වන මේ වෛද්‍යවරයා ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ලොව පිළිගත් ප‍්‍රවීණයෙක් වන අතර අසීරු සැත්කම් කිහිපයක්ම සාර්ථකව නිමා කර අත්දැකීම් ලබා ඇති අයෙකුද වේ.

ඔහු පවසන ආකාරයට මිනිස් හිසක් තවත් මිනිස් සිරුරක් හා බද්ධ කළ හැකිය.සැත්කමේදී වඩාත් සැළකිලිමත් විය යුත්තේ බද්ධ කෙරෙන හිසේ මොළයෙන් පිටතට විහිදෙන සුෂුම්නාව එම හිස සවිකෙරෙන සිරුරේ ඇති සුසුම්නාව හා බද්ධ කිරීමේදී බව කියන ඔහු ඒ සදහා තමන් නව ක‍්‍රමයක්ද සොයාගෙන තිබෙන බවද පවසයි.

බද්ධ කෙරෙන සිරුර සදහා තෝරාගැනෙන්නේ අනතුරකට ලක්ව මොළය මියගොස් නමුත් සිරුර නිරුපද්‍රිතව ඇති පුද්ගලයෙකුගේ සිරුරකි.

අනතුරුව සිදුකෙරෙන බව පැවසෙන්නේ රුධිර වාහිනී ආදිය සම්බන්ධ කිරීමය.මෙසේ හිස හා සිරුර සම්බන්ධ කෙරුණු පසු සති කිහිපයක් රෝගියා කෝමා, එනම් සිහිමුර්ජා තත්ත්වයේ තබා තුවාළ සුවවූ පසු පියවි සිහියට ගැනීම සිදුකෙරෙන බව සදහන්ය.

සර්ජියෝගේ සැත්කම සදහා දැනටමත් පුද්ගලයෙකු ඉදිරිපත්ව සිටින අතර විරල ගණයේ ස්නායු ආබාධයකට ලක්ව අත්පා අඩපණව සිටින ඔහු රුසියා ජාතිකයෙකි.

වැලරි ස්පිව්ඩිනොව් නම් ඔහු පවසන ආකාරයට මේ සම්බන්ධයෙන් වෛද්‍ය සර්ජියෝ හා අවස්ථා රාශියකදී සාකච්ඡා  කිරීමට ඔහු කටයුතු කර තිබේ.

සැත්කම සාර්ථකව සිදුකළ හැකිවේයැයි ලොකු විශ්වාසයක් වැලරිගේ සිතේ ඇත.

සැත්කම සදහා වැයවනු ඇතැයි අපේක්ෂිත මුදල පවුම් ලක්ෂ 75 කි.

සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු වුවද, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු වුවද සර්ජියෝගේ මේ උත්සාහය දෙස ඔහුගේ සමකාලීනයෝ බලන්නේ අවඥාවෙනි. ඇතැමුන් ඔහු පිස්සෙක් යැයිද හදුන්වාදී ඇත.

අතීතය සැළකුවහොත් 1970 තරම් ඈත සමයේ වදුරෙකුගේ හිසක්,වෙනත් වදුරු සිරුරක් හා බද්ධ කිරීමක් සිදුව තිබෙන අතර එය යම් තරමකට සාර්ථක ප‍්‍රතිඵල අත්කරදී තිබේ.මෑතකදී චීන විද්‍යාඥයින් පිරිසක් මූසිකයෙකුගේ හිසක් වෙනත් මූසිකයෙකුගේ සිරුරක් හා බද්ධ කළ අතර එම සැක්කමද සාර්ථක වුනි.

නමුත් කිසිවෙක් මිනිසා ඇසුරින් මෙවන් සැත්කමක් සිදුකළ හැකිදැයි අත්හදා බැලීමක් සිදුකර නොමැති නිසා මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කළ නොහැකි බව මධ්‍යස්ථ මතධාරීන් පවසයි.

2759A12100000578-3029376-image-a-2_1428445453372 2759994700000578-3029376-Mr_Spiridonov_I_don_t_do_this_because_I_don_t_have_a_life_but_I_-a-32_1428448339300



අදහස් (0)

ඉතාලි දොස්තර හිසක් බද්ධ කිරීමට යයි

රූපවතී Tuesday, 14 April 2015 10:00 AM

ඇත්තටම මෙය සාර්ථකවේවායි ප්‍රාර්ථනා කරනවා ..!!!එය එසේම සාර්ථක වුණොත් ලොව ඉතිහාසයේ නොවූ විරු අන්දමේ වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළියක්ම වේවි. මේ වෙනතුරු ලෝකයට අලුත් වගේම විශ්මිත නව සොයාගැනීම් කළ ඒ සෑම බුද්ධිමතෙක්ම තම අභිප්‍රාය ඉටුවෙනතුරු ඔවුන් අප්‍රමාණ කැපකිරීම් කළා.ගොඩාක් මහන්සියෙන් ඔවුන් අපිට ඒ ලබාදුන් දැනුම තමයි අද අපි මේ නිකම්ම අහසින් පාත්වෙලා වගේ භුක්ති විඳින්නේ. ඔහුගේ බලාපොරොත්තුව සාර්ථක වේවා! (නි)

:       0       0

රූපවතී Tuesday, 14 April 2015 10:04 AM

ඒ වගේම මේ සැත්කම සාර්ථක වුවහොත් ඉන් ජීවය ලබන මිනිසාගේ හිස අයිතිකරුවාටයි මතක ශක්තිය හිමි. හිස අයිතිකරුගේ මොළයේ ස්නායු වලින් ශරීරය පාලනය කරන්නේ.හිස අයිතිකරු කය පාලනය කරයි.දෙදෙනාගෙන් කාටවත් අයිති නැති කුණු ශරීරයක් ..!!! (නි)

:       0       0

අනුෂ්කා Tuesday, 14 April 2015 10:54 AM

ඇසළ, ඔබේ අදහසත් වැරදීම නැහැ. ඔබ ඔය කියන වානරයාගේ පරිණාමය තුළින් බිහිවූවා යැයි සිතන පිරිස වානරයින් මෙන් ක්‍රියාකරන අන්දමත්, තමන් දෙවියන්ගේ මැවිමකයි සිතන මිනිසා ඒ තමාට උපතින්ම හිමිවෙන පුජනීයත්වය පෙරදැරිව දේවත්වයෙන් ක්‍රියා කිරීමට පෙළඹීමත් තුළින් මේ ලෝකය තුළ බිහිවී තිබෙන ගුණාත්මක හා සංසන්දනාත්මක වෙනස ඔබට යම් අවස්ථාවක වැටහී නැද්ද? එසේ නොවැටහුනි නම්, ඔබ විසින්ම ඔබවම පරිණාමයට ලක්කර ගත යුතු කාලය එළඹ ඇත. නමුත් ඔබ වැනි අයෙකුට "කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින දිනයක"ට සමාන දිනයක මෙම කරුණු කාරණා ගැන යම් අවබෝධයක් ලබාගත හැකි බව මගේ හැඟීමයි. (නි)

:       0       0

රංජිත් Monday, 13 April 2015 04:23 AM

මම ඔබට ගරුකරමි..අනෙක් බහුතරයක් හිස් වදන් කියන මෝඩයන් වීම ලොකු දුකක්. (බ)

:       0       0

හැරිස් Sunday, 12 April 2015 12:36 PM

ඕක දන්නා නිසයි ඉස්සර මිනිස්සු ඔලුව ජපන් කඳ ජර්මන් කියලා කිවේ. (නදී)

:       0       0

විජිත Tuesday, 14 April 2015 12:16 PM

බලමුද අපේ කෙනෙක්ගේ ඔළුවක් සවිකරලා (නි)

:       0       0

ගයාන් Sunday, 12 April 2015 01:43 PM

මැරුණ කෙනාගේ මතකය අනිත් කෙනාට යයිද ? (නදී)

:       0       0

මැටිපහන Monday, 13 April 2015 05:50 AM

සෑම්, ඔයාගේ අදහස හරිම කුතුහලය දනවන සුළුයි. තව ආගමක කියනවා දෙවියන් විශ්වය මැවුවේ දවස් 6කින් කියල. ඒ කියන්නේ මේ සියලු දේවල් මිනිසත් ඇතුළුව. මම කිව්වා දවස් 6කින් මේ වගේ සංකීර්ණ ලෝකයක් මවන්න බැහැ කියල. එතකොට කවුද කිව්වා ඒවා දෙවියන්ගේ දවස්, ඒවා අපේ සාමාන්‍ය දවස් වගේ නෙමෙයි හරි දිගයි කියල. එන පොට හොඳ නැති නිසා මම හෙමිහිට එතනින් මාරු වුනා. මම එදා තේරුම් ගත්ත විද්‍යාව සම්බන්ද සංවාද හැමෝමත් එක්ක කරන්න බෑ, එහෙම කරන්න ගියොත් විවිධාකාර අපහසුතා ඇති වෙන්න පුළුවන් කියල. (නදී)

:       0       0

ගයාන් Sunday, 12 April 2015 02:08 PM

ඉස්සෙලම වැඩේ සාර්ථකද කියල බලන්න ? බෙදාගන්න එක පස්සේ කරන්න පුළුවන් (නදී)

:       0       0

නදුන් Monday, 13 April 2015 05:58 AM

සෑම් ඔබට බුදු රජාණන් වහන්සේ ධර්මයේ දේශනා කොට ඇත්තේ සිත තිබෙන්නේ අැස, කන, නාසය, දිව, ශරීරය හා මනසේ බවය. ඇස රුපය හා එකතු වීමෙන් සිත හට ගන්නවා නේද? අනික් ඒවා ඔබම සිතන්න. මනස සිතුවිලි සිත සිතා චේතනා පහල කරමින් කර්ම රැස් කරනවා. බලන්න කොතරම් නම් සත්‍යක්ද. බොහෝ සුත්‍ර දේශනා වල මේ බව සඳහන් වෙනවා. (නදී)

:       0       0

චන්දිම Sunday, 12 April 2015 04:22 PM

ඔලුව පිටිපස්ස දිහාවට හරවල සෙට් උනොත් මාර කෙලිය තමා.(බ)

:       0       0

බෙනට් Sunday, 12 April 2015 04:43 PM

බෙදාගන්න එක ගැන අපි කලබල වෙන්න ඕන නැ .. ඒක ඔළුවයි කඳයි දෙක එකතු උනාට පස්සේ ඒ පුද්ගලයාම තීරණය කරගනී.. (බ)

:       0       0

තමරා Monday, 13 April 2015 07:17 AM

හොඳ උත්සාහයක්. සාර්ථක වේවායි පතමි (නදී)

:       0       0

ටිකිරි Tuesday, 14 April 2015 02:33 AM

ශල්‍යකර්මයට අවශ්‍ය කඳවල් නම් ඕනෑතරම් ලංකාවෙන් සපයන්න පුළුවන්. දැනටත් ලංකාවේ දේශපාලනය කරන්නේ චීන, ඇමරිකන්, ඉන්දියන්, අරාබි ඔලු තිබෙන අය. මොළය මැරිච්ච මන්ත්‍රීවරු රාශියකුත් ඉන්නවා (නි)

:       0       0

සෑම් Sunday, 12 April 2015 06:05 PM

මේක කළහැකි දෙයක්.මොකද තථාගතයන් වහන්සේ දෙසා වදාළ අතිඋත්තම වූ අභිධර්ම දේශනයට අනුව ජීවිතේන්ද්‍රිය කියන එක (සිත ) හෘදය වස්තුව ඇසුරුකොට පහළවන බව දක්වා ඇත.හෘදය වස්තුවේ පිරිසිදු රුධිරය පවතින ප්‍රදේශයේ මෙය ඇති බවයි උන්වහන්සේ පෙන්වා වදාළේ .එහෙම කියනකොට කෙනෙක් කියයි හෘදය වස්තුව යන්ත්‍රයකින් පණගන්වන ඒ කියන්නේ කෘතීම හෘදය භාවිතා කරන කෙනා කොහොමද කියලා.එතකොට වෙන්නෙත් එකම දෙයයිනේ.මොකද එංගලන්තයේ එක්තරා පුද්ගලයෙක් හමුවී තිබෙනවා මොළයක් නොමැතිව.නමුත් හදවතක් නැති පුද්ගලයෙක් හමුවුණු බවක් වාර්තා වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

මැටියගනේ Tuesday, 14 April 2015 03:33 AM

ආගම් කියන්නේ හරිම සංවේදී දෙයක්. ආගම නිසා අමානුෂිකත්වය ඇතිවෙන්න යන්නේ තත්පර කීපයක් විතරයි. හැබැයි කියන්නේ නම් ආගම නිසා සාමය, නිවීම ඇතිවෙනවා කියලයි. හොඳට බැලුවොත් තමයි පෙන්නේ ඇත්තටම ආගම් කරලා තියෙන්නේ මිනිසුන් බෙදීම සහ බෙදා පාලනය කිරීමට පාලකයන්ට මෙවලම් සැපයීම කියල. (බ)

:       0       0

චමින්ද Sunday, 12 April 2015 07:50 PM

හොඳ උත්සාහයක්. සාර්ථක වේවා කියා පතනවා (නි)

:       0       0

අශෝක රළපනාව Sunday, 12 April 2015 05:17 AM

මෙහෙම කළොත් ඒ දෙන්නගේ අයිතිකාරයා කව්ද ? (නදී)

:       0       0

හේමන්ත Sunday, 12 April 2015 08:31 PM

ඉතාම වටින ප්‍රවෘත්තියක්. නමුත් අවාසනාව කියන්නේ ගොඩක් අය මෙහි ඇති වැදගත්කමට වඩා බෙදාගන්න හැටි කල්පනා කරන එකයි. මෙහෙම උදවිය සමඟ තමයි අපිට අනාගතයට යන්න වෙලා තිබෙන්නේ. ජාතියක අවාසනාව. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 14 April 2015 08:42 PM

අහනකොටත් පුදුමයි (නි)

:       0       0

සොපී Tuesday, 14 April 2015 05:47 AM

දෙයියන්ගේ පිහිටෙන් මේක සාර්ථක වුනොත් අපේ දේශපාලුවන්ට දුරදිග පෙනෙන ප්‍රඥාවන්ත ඔලුගෙඩි ටිකකුයි ,ඊට අමතරව ජනතාවගේ දුක දැනෙන සංවේදී හදවත් ටිකකුයි බද්ධ කරගන්න බැරියැයි....(බ)

:       0       0

මාටින් Wednesday, 15 April 2015 12:57 AM

අපේ රටේ කෙනෙකුගේ හිසක් බද්ධකරලා බලමුද? (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 15 April 2015 01:39 AM

අපිත් මෙහෙම එකක් කරලා බලමුකෝ (නි)

:       0       0

රේමන් වොෂින්ටන් Monday, 13 April 2015 12:59 PM

මැට්ටපහන මෙතනත් ආගමක් ගාවාගෙන තර්කයක් ගෙනෙන්න හදනවා. ලෝකෙන්ම බුද්ධිමතුන් අදහන ධර්මය අදහන බුද්ධිමතුන් ඉන්න ශ්‍රී ලංකාවේ කියලා ලෝකයේ ඉන්න හැම බුද්ධිමතෙක්ම දන්නවා හොඳට. ඒක හින්දා අපි වැඩිය කතා කළයුතු නැහැ, ඒ ගැන. (නි)

:       0       0

රෝහිත Sunday, 12 April 2015 10:42 AM

බද්ද කළාට පස්සේ එයා හිස අයිති කෙනාද ? කඳ අයිති කෙනාද? (නදී)

:       0       0

ඇසළ Monday, 13 April 2015 02:12 PM

මැටිපහන අදවත් දැනගන්න. මිනිසා විසින් දෙවියන් මැවුවා මිස මිනිසා පරිණාමයෙන් බිහිවෙන්න පෙර දෙවියන් ඉඳලා නැහැ. ඒ නිසා තමයි බුදු දහමේ හැටියට අපි දෙවියන්ට පින්දෙනවා මිස දෙවියන් අපිට පින්දෙන්නේ නැත්තේ. මේ ලෝකය මැවූ කෙනෙක් නැහැ ස්වාභාවිකව සෑදුන දෙයක්. පිළිගන්නවා නම් පිළිගන්න. නැත්නම් තර්ක ඉදිරිපත් කරන්න එපා. (නි)

:       0       0

නුවන් Monday, 13 April 2015 02:38 PM

ඇසළ , දෙවියන් නැහැ කියන මිනිසුන් ඉන්න රටවලට වඩා දෙවියන් ඉන්නවා කියන මිනිසුන් ඉන්න රටවල් ගව්ගණන් ඉදිරියෙන් ඉන්නේ ඔවුන්ට දෙවියන් බලන නිසා (නි)

:       0       0

මධු Tuesday, 14 April 2015 08:12 AM

නුවන්, දෙවියන් අදහන රටවල් ගව්ගාණක් දුරින් ඉන්නේ අධ්‍යාත්මික දියුණුවකින්ද? කෙළවරක් නැති සසරේ මැරි මැරි උපදින එක දියුණුවක් නොවේ (නි)

:       0       0

සඳමාලි Monday, 13 April 2015 03:14 PM

සාර්ථක වේවා කියලා පතනවා (බ)

:       0       0

චම්පික Monday, 13 April 2015 03:15 PM

මේ අත්හදා බැලීම සාර්ථක වේවායි පතමු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 169 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 105 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site