ආරක්ෂක ගිවිසුමකට අස්සන් කිරීමේ අරමුණින් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, පැය කිහිපයකට ඊයේ (2) හදිසියේම ඇෆ්ගනිස්තානයට පැමිණි අතර, ඔහු පිටත්ව යෑමට ඔන්න මෙන්න කියා තිබියදී තලේබාන් සටන්කාමීහු කාබුල් නුවර විදෙස් කඳවුරකට පහර දුන්හ. එම ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ජනපති ඔබාමා ඉලක්ක කර ගනිමින් විය හැකි යැයි ඇමෙරිකා ආරක්ෂක අංශ අනුමාන කරයි. ප්‍රහාරය එල්ල වූයේ ‘ගී්රන් විලේජ්’ නමැති විදෙස් කඳවුරටය. ඇමෙරිකා තානාපති කාර්යාලය, යුරෝපා සංගම් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය පිහිටා ඇත්තේ අධි ආරක්ෂක කලාපයක පිහිටි එම කඳවුරේය. කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටු පොළත් ඒ අසලින්ම පිහිටා තිබේ. ජනපති ඔබාමා, එයාර් ෆෝස් වන් ගුවන් යානයෙන් පැමිණියේ එම ගුවන් තොටුපොළටය. ඇෆ්ගන් ආරක්ෂක අංශ සැක කරන්නේ ඔබාමාගේ ගුවන් යානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සටන්කාමීන් උත්සාහ කළ බවය. කෙසේ නමුත් ප්‍රහාරය එල්ල වෙද්දී ජනපති ඔබාමා කාබුල් නුවරින් පිටව ගොස් තිබුණි. ප්‍රහාරයට පැමිණි සටන්කාමීන් තිදෙනාගෙන් එක් අයකු පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථයකින් කඳවුරේ ගේට්ටුව අසලට පැමිණ පුපුරුවාගෙන ඇති අතර එම පිපිරීමත් සමඟ හටගත් කලබලය මැද අනෙක් සටන්කාමීන් දෙදෙනා බෝම්බ කබාවලින් සැරසී කඳවුරට කඩා වැදී ඇතැයි වාර්තා වේ. ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන් දෙදෙනාට වෙඩි තැබූ අවස්ථාවේදී ඔවුන් ද බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටියි. ප්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 15 දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන් අතර හමුදා සෙබළුන් ද සිටින බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් තලේබාන් සටන්කාමීන් පවසා ඇත්තේ ඔවුන් ඔවුන්ගේ මුජහදීන් (ශුද්ධ යුද්ධයට මැදි වී සිටින සටන්කාමීන්) සටන්කාමීන් ලවා කඳවුරට පහර දුන්නේ ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයට පැමිණීම ගැන විරෝධය පළ කිරීම සඳහා බවය. ජනපති ඔබාමා, මීට පෙර අවස්ථා කිහිපයකදී සිදු කළාක් මෙන් හොර රහසේම ඇෆ්ගනිස්තානයට පැමිණියේ කවුරුත් පුදුමයට පත් කරමින්ය. ඔහු ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි හමුවී අස්සන් කළ ගිවිසුමට අනුව, 2014 වසරෙන් පසුවත් ඇමෙරිකන් හමුදාවේ ආරක්ෂාව සහ මුල්‍ය ආධාර ඇෆ්ගන් රජයට හිමිවේ. ඇමෙරිකා හමුදා ඔවුන්ගේ මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිට වී යෑමට නියමතව ඇත්තේ 2014 වසරේ ජූලි මාසයේදීය. ඉන් පසු කුඩා ඇමෙරිකන් සෙබළ කණ්ඩායමක් පමණක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිමින් ඇෆ්ගන් හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂක කටයුතුවලට සහාය දීමට නියමිත බව ජනපතිවරුන් දෙදෙනා අතරේ අත්සන් තැබුණු ගිවිසුමේ වැඩි දුරටත් සඳහන් වෙයි. ඇෆ්ගන් ජනපති හමුවීමෙන් පසු ජනපති ඔබාමා, බාගම් නමැති ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරේදී ඇමෙරිකා සෙබළුන් හමුවී කතා බහ කළේය. ජනපති ඔබාමා මේ වසරේ නොවැම්බරයේදී ජනාධිපතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටින අතර ඔහු ඇමෙරිකන් සෙබළුන්ට ඉඟි කළේ මේ වසර අවසන් වෙද්දී ඔවුන් යළි ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කර වසරක් ගත වෙද්දී ඇමෙරිකන් හමුදාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා සිටින බව ද ඇමෙරිකා ජනපතිවරයා එහිදී කියා සිටියේය. බින් ලාඩන් මරා දැමීම මගින් යුක්තිය ඉටු වූ බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. ඇමෙරිකන් ජනපතිවරයාගේ පැය 6 කට සීමා වූ එම ඇෆ්ගන් සංචාරය මැතිවරණ ප්රචාරක සංචාරයක් යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. හිටපු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් බුෂ්, තලේබාන් වරුන්ට එරෙහිව ආරම්භ කළ ඇෆ්ගන් යුද්ධය, ඡුන්ද ලබා ගැනීම සඳහා යොදා ගැනීමට ජනපති ඔබාමා උත්සාහ කරතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇෆ්ගන් සංචාරය නිමකර ඔබාමා පිටවෙද්දී කාබුල් නුවරට ප්‍රහාරයක්
විතුෂාන් Thursday, 03 May 2012 05:03 PM
ඔබාමා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරාවි
තරිදු Thursday, 03 May 2012 07:03 PM
ලෝකේ හැමතැනකමදීම ඇමෙරිකාවට නම් යුක්තිය ඉටු වෙනවා. ඒක වෙන්නේ නැත්තේ අනිත් රටවලටයි....
අලිබබා Thursday, 03 May 2012 12:55 PM
මේවා ඔක්කොම ඡන්ද ගුන්ඩු. හැබැයි ජාමෙ බේරගෙන ගිය එක ලොකු දෙයක්. තව පොඩ්ඩෙන් එයාටත් මොනවා වෙයිද දන්නේ නෑ.