IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇෆ්ගන් තලේබාන් නායකයෙක් මරා දැමේ

ඇෆ්ගනිස්තානයේ බල්කා ප‍්‍රාන්තයේ සැඟවී සිටි තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක සා ගූල් ඝාතනය කිරීමට ඇමෙරිකන් සහ ඇෆ්ගන් හමුදා සෙබළු ඊයේ (17) සමත් වූහ.
 තවත් තලේබාන් නායකයකු අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශවලට හැකිවිය.
බුද්ධි අංශ තොරතුරුවලට අනුව ඇෆ්ගන් සහ ඇමෙරිකන් හමුදා සෙබළුන් සා ගූල් සැඟවී සිටි තිප්පොල සොයා වටළද්දී, සා ගූල් සහ ඔහුගේ ආරක්ෂාවට සිටි තලේබාන් සටන්කාමීන් ආරක්ෂක අංශ වෙත වෙඩි තබා ඇත.
එම අවස්ථාවේදී ආරක්ෂක පෙරළා පහර දුන් බවත් සා ගූල් සහ ඔහුගේ ආරක්ෂාවට සිටි තලේබාන් සටන්කාමීන් සිව් දෙනකු මරා දැමුණු බවත් පැවැසෙයි. සෙසු සටන්කාමීන් ආරක්ෂක අංශවලට යටත් වූ බවද වාර්තාවේ.  ඇමෙරිකා සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ එම ඒකාබද්ධ මෙහෙයුම සිදු කළේ පෙරේදා (16) උදේ විදෙස් හමුදා රථ පෙළකට කාබුල් නුවරදී  මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීමත් සමඟය.
එම ප‍්‍රහාරයෙන් ඇමෙරිකන් සෙබළු හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇෆ්ගන් සෙබළුන් 10 දෙනකු සහ සිවිල් වැසියෝ 14 දෙනෙක් තුවාල ලැබූහ. තවත් සිවිල් වැසියෝ 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එය තලේබාන් බෝම්බ ප‍්‍රහාරයක් බවත්, බෝම්බකරු ටොයෝටා කොරෝලා වර්ගයේ මෝටර් රථයකින් පැමිණ, විදෙස් හමුදා රථ පෙළ හරස් කොට සිය බෝම්බය පුපුරුවා ගෙන ඇති බවත් වාර්තා විය.
ප‍්‍රහාරයෙන් අසල පිහිටි නිවාස 10 කට ද හානි සිදුවී ඇත. ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසන්නේ එය අධිබලැති බෝම්බ ප‍්‍රහාරයක් කියාය.



අදහස් (0)

ඇෆ්ගන් තලේබාන් නායකයෙක් මරා දැමේ

මා.උපරතන හිමි -ස්වීඩන් Saturday, 18 May 2013 12:09 PM

මානව හිමිකම් වලට එකඟ ඝාතනයක් වෙන්න ඇති. (නි)

:       0       0

ජනක Sunday, 19 May 2013 08:27 AM

අන්න හරි.... ජපානේ හොද රටක් නම් හිට්ලර්ට හේත්තු වෙලා ඇමරිකාවටත් ගහලා ලංකාව වගේ රටවලට බෝම්බ දාලා ඕස්ට්‍රේලියාවේ ඉන්දුනීසියාවේ දහස්ගානක් මරා දමයිද? දැන් කෙදිරිගානවා පරමාණු ගැහුවා කියලා... (නි)

:       0       0

මුරුගන් Saturday, 18 May 2013 06:44 AM

පරමාණුවක් ගහල දාන්න. (නි)

:       0       0

මහේෂ් Saturday, 18 May 2013 04:00 PM

මුරුගන් කියලා තිබුනා වගේ ජපානෙට දාපු බෝම්බ කැල්ලක් හරි ගහලා දාලා දඩුවම්ක දුන්නට පව් නෑ (නි)

:       0       0

රොක්සි Sunday, 19 May 2013 09:43 AM

උපරත්න හිමියනි, මම දකින විදියට ඇමරිකාව සහ එංගලන්ත හමුදා තලෙයිබාන් පණපිටින් අල්ලගෙන ඉන්න සටන්කරුවන්ට හා තුවාල වූ සටන්කරුවන්ට සලකන විදයට අපේ රටේ සළකයිද? (නි)

:       0       0

රිටා Sunday, 19 May 2013 11:36 AM

මානව හිමිකන් වලට පාලකයෝ අකමැති වුණාට අපේ රටේ නීතිය පොඩි මිනිසුන්ට නිතිය ක්‍රියාත්මක නොවන තැන යන්න තියෙන්නේ එතෙන්ට.කැමති ඕනෑම කෙනෙක්ට ඔය සුරියකන්ද,චෙම්මිනි,බටලන්ද වගේ දේවලට සටන් කරන්න පුළුවන්.අවාසනාවකට මිනිස්සු දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 164 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 101 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 92 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site