IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් ජනපති කර්සායිගෙන් ඇමෙරිකාවට විරෝධයක්


කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සාම කාර්යාලය හැඳින්වීමට ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යන නම භාවිතා කිරීම සඳහා තලේබාන් සංවිධානයට ඇමෙරිකාවේ අනුමැතිය ලැබීම ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ දැඩි විරෝධයට හේතු වී ඇත.
විරෝධය පාමින්, ඇමෙරිකාව සමඟ පවත්වන ආරක්ෂක සාකච්ඡුා වහා නවතා දැමීමට ද ඇෆ්ගන් ජනපති පෙරේදා (19) තීරණය කළේය.
‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනු 2001 වසරට, පෙර තලේබාන් පාලනය පවතිද්දී, ඇෆ්ගනිස්තානය හැඳින්වුණ නම විය.
1996 වසරේ සිට 2001 වසර තෙක් පැවැති එම තලේබාන් පාලනය පෙරළා දැමුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේදීය.
විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ, 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගනිස්තානයේ සැඟවීමත්, තලේබාන් සංවිධානය ඔහුට සහාය දීමත් මුල්කොට ගනිමිනි.
මේ වනවිට සාම සාකච්ඡුාවලට එන්නැයි තමන් කළ ඇරැුයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව පවසා ඇත.
සාම සාකච්ඡුා පවත්වමින් පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට ඇමෙරිකා රජය කළ ආරාධනාව තමන් ද පිළිගත් බව කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය ද නිවේදනය කර තිබේ.


වසර 12 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින ඇෆ්ගන් යුද්ධය 2014 වසරේ දී නිමා කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව සූදානම් වන අතර, තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට සූදානම් වන්නේ එහෙයිනි. 2014 දී විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ රටේ ආරක්ෂක කටයුතු ඇෆ්ගන් ආරක්ෂක අංශවලට පවරා දෙමිනි.
ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ප‍්‍රමුඛ රජය ඇමෙරිකාවට කියා ඇත්තේ, තලේබාන් සාම කාර්යාලය හැඳින්වීමට ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යොදා ගැනීම ගැන තමන් විරුද්ධ බවත් එම නම වහා ඉවත් කරන්නැයි තලේබාන්වරුන්ට බල කරන ලෙසත්ය.
වසර 12 ක් තිස්සේ පවතින අවි ගැටුම් නිමා කිරීමේ අරමුණින් සාම සාකච්ඡුා පැවැත්වීමට මුලින්ම උනන්දු වූයේ ඇෆ්ගන් රජයයි.
ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි ඒ වෙනුවෙන් සාම මණ්ඩලයක් ද පිහිටුවීය.


අවස්ථා ගණනාවකදී තලේබාන් නියෝජිතයන් සහ ඇෆ්ගන් බලධාරීන් අතර සාකච්ඡුා පැවැත්වුවත්, ඒවා අසාර්ථක විය. ඇෆ්ගන් සාම මණ්ඩලයේ සාමාජිකයෝ ද තලේබාන් බෝම්බ ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.
ඉකුත් වසරේ පාකිස්තාන අත්අඩංගුවේ සිටි ඇෆ්ගන් තලේබාන් සිරකරුවන් නිදහස් කිරීමට ඇෆ්ගන් රජය පාකිස්තාන රජය සමඟ එක් වී කටයුතු කළේය. ඒ අනුව ඇෆ්ගන් තලේබාන්වරු සාමයට පිවිසීමට උනන්දු වූහ.



අදහස් (0)

ඇෆ්ගන් ජනපති කර්සායිගෙන් ඇමෙරිකාවට විරෝධයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 110 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 82 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 71 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 23 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 131 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site