IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් තිදෙනකු මරුට

මුර සංචාරයේ යෙදී සිටි ආරක්ෂක අංශ මෝටර් රථ පෙළකට නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විදෙස් සොල්දාදුවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ‘නේටෝ’ සංවිධානය අද (5) නිවේදනය කළේය.
 
ඇෆ්ගනිස්තාන හමුදා සමඟ මුර සංචාරවල යෙදී සිටි ‘නේටෝ’ හමුදා රථ පෙළකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ. 
 
ප්‍රහාරයෙන් ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවකු සහ ඇෆ්ගනිස්තාන සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව නේටෝ සංවිධානය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළ ද මියගිය විදෙස් සොල්දාදුවන්ගේ රටවල් අනාවරණය නොකළේය.
 
නිවේදනයක් නිකුත් කරමින් තලේබාන් සංවිධානයේ ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා 2014 වසරේ දී ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කළ අතර එරට සිටි හමුදා බොහෝමයක් නැවත කැඳවාගන්නා ලදි. එහෙත් පුහුණ සහ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් දියත් කිරීම සඳහා සොල්දාදුවන් 16,000ක් ආසන්න පිරිසක් තවමත් ඇෆ්ගනිස්තානයේ රැඳි සිටිති.  
 
ඒ.එෆ්.පී 
055



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් තිදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා
2024 අප්‍රේල් මස 15 3244 1

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.


තවත් යුද්ධයක් එපා: ජගත් මහ ලේකම් කියයි
2024 අප්‍රේල් මස 15 931 1

මැද පෙරදිග කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරා ගත නොහැකි බවත්, එම නිසා ඉරානයත් ඊශ්‍රායලයත්, අඩියක් ආපස්සට තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝන


මෝදිගේ ජනතා පක්ෂය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
2024 අප්‍රේල් මස 14 77 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීය.


ලෝක නායකයෝ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළා දකිති
2024 අප්‍රේල් මස 14 3021 5

ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගිය 14 වැනිදා ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරය


සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි
2024 අප්‍රේල් මස 14 3891 3

ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැ


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7326 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 133 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1401 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1340 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site