IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇස් පෙනුම ඇති කරන එන්නතක්

ඇස හා සම්බන්ධ සෛලයන්ගේ හා ස්නායු දුබලතා නිසා විවිධාකාරයේ දෘෂ්‍යාබාධයන්ගෙන් පීඩා විදින්නන් සුවපත් කිරීමේ සමත් එන්නතක් නිපදවීමට බි‍්‍රතාන්‍යය පර්යේෂක පිරිසක් සමත්ව තිබේ.

මෙම එන්නතෙහි අඩංගු වන්නේ ඇසෙහි දෘෂ්ඨික සෛල පැවැත්මට හේතු වන සී.එච්.එම් නම් ජානයෙන් සාදන ලද සංයෝගයකි.එන්නත එන්තනත් කරනු ලබන්නේත් ඇසටම වේ.ඇස අභ්‍යන්තරයට ඇතුළු පසු මෙම සංයෝගය ඇසෙහි දෘෂ්ඨික සෛලයන් හට හානි සිදුවී ඇත්නම් ඒවා පිළිසකර කරන බව පර්යේෂකයෝ කියති.‍ පෙනීම ලැබීමේ කි‍්‍රයාවලියේදී දෘෂ්ඨික සෛල වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.කාචයෙන් ලැබෙන ආලෝකයෙන් මැවෙන රූපය මොළය කරා ගෙන යනු ලබන්නේ මෙම සෛලයන්ගෙන් ජනනය වන ආවේගයන් මගිනි.මෙනිසා යම් යෙහෙකින් එම සෛලයන් හරිහැටි කි‍්‍රයානොකරන්නේ නම් පෙනීමද නැති වේ.

මෙම තත්ත්වය බොහෝ විට මහලූ පුද්ගලයින්ගේ දැකිය හැකි අතර ඇතැම් අවස්ථාවන්හි උත්පත්තියේ සිටම අන්ධ පුද්ගලයින්ගේත් අන්ධ භාවයට හේතු වන බවත් සොයාගෙන ඇත.

නිපදවා ඇති නව එන්නතින් දුබල දෘෂ්ඨික සෛලයන් ඇසේ පවතින්නේ නම් ඒවා යම් තරමකට හෝ කි‍්‍රයාකාරී කරවා පෙනීම ලබාදේ.

‘‘මේක ජාන ප‍්‍රතිකාර ක‍්‍රමයක් කියන්න තවමත් වේලාසන වැඩියි.නමුත් අපගේ පර්යේෂණ වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබිලා තිබෙනවා.පෙනීම දුර්වල වෙලා තිබුණු පුද්ගලයින් කිහිප දෙනෙකුම මේ එන්නත් භාවිතා කරලා සුව කරන්නට අපි සමත් වුණා.තවත් පර්යේෂණ සිදුකිරීම අවශ්‍යයි.‘‘ යැයි පවසන්නේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රොබට් මැක්ලරන්ය.

වැඩිදුර පර්යේෂණයන් සාර්ථක වුවහොත් මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය සියළු දෙනාට එකසේ ලොව දැකිය හැකි නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇත.

 



අදහස් (0)

ඇස් පෙනුම ඇති කරන එන්නතක්

මාලා Thursday, 24 April 2014 02:03 PM

මගේ සුභපැතුම් (දිල්)

:       0       0

අමිල කටුනායක Friday, 17 January 2014 09:59 PM

අතුරු ආබාධ ඇති වෙයිද?(දිල්)

:       0       0

ගාමිණී - සිරි Friday, 17 January 2014 10:24 PM

කොළඹ ඇස් වාට්ටුවෙත් ,දිවයිනේ සැම රෝහලකම ,දිනපතා සිටින රෝගීන් සංඛ්‍යාව අති මහත්ය. මෙවැනි ප්‍රති කර්ම ඌන සංවර්ධිත රට වලට විශේෂයක් කොට සහනදායි ක්‍රමවේදයකින් සේවයක් ලබාදීමට බ්‍රිතාන්‍යය කටයුතු කරන්නේ නම් මහඟු සේවයක්. (නදී)

:       0       0

එමින්ද Saturday, 18 January 2014 08:00 PM

ලංකාවෙ හුගක් කාන්තාවන් කන්නාඩ් දාන්නෙ.ලස්සනට. ඇස් පේන් නැතිකමට නෙමෙයි ඒ හින්දා මේක බලපාන් නෑ.(නදී)

:       0       0

ලාල් මහනුවර Saturday, 18 January 2014 01:39 AM

පර්යේෂණ සාර්ථකවේවා ..(අ)

:       0       0

සේනානායක Monday, 20 January 2014 05:09 AM

නව සොයා ගැනීම් කරන ඔබ සැම සදා අමරණීයයි. (නදී)

:       0       0

රජින්ද Saturday, 18 January 2014 03:20 AM

තව තවත් සාර්ථක ප්‍රථිපල අත්වී සාර්ථක ප්‍රතිකර්මයක්ම වේවා...!!! (අ)

:       0       0

නීල් Monday, 20 January 2014 09:36 AM

උතුම් පුණ්‍ය කර්මයක්. පරීක්ෂණ තව තවත් සාර්ථකව අන්ධ අයට පෙනීම ලැබේවා. මගේ නිරතුරු ප්‍රාර්ථනාව එයයි.(නදී)

:       0       0

ප්‍රී Saturday, 18 January 2014 09:36 AM

ඉතා වටිනා පුවතක්. සුබ පැතුම් ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 135 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 88 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 79 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 24 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 288 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 132 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site