ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සිවු දිනක් පුරා පැවැති වාර්ගික ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ගණන ඊයේ(25) දිනයේදී 35 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන් 170,000ක් අවතැන්ව ඇති බවත් වාර්තා වේ. ඇසෑමයේ වෙසෙන බෝඩෝ ගෝත්‍රිකයන් සහ මුස්ලිම් පදිංචිකරුවන් අතර හටගෙන ඇති මේ ගැටුම්වලට මැදිව සිටින 170,000 ක් පමණ වන ජනතාවක් අවතැන්ව සිටින බව ඉන්දීය පොලිස් ප්‍රකාශකයෙක් පැවැසීය. ඔවුන් මේ වන විට ප්‍රදේශයේ පිහිටි පාසල් සහ රජයේ ගොඩනැඟිලි වෙත යොමු කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දෙපාර්ශවය අතර පෙරේදා(24) රාත්‍රියේ හටගත් ගැටුම්වලින් 9 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. පොලිසිය ඇඳිරිනීතිය පනවා දුටු තැන වෙඩි තබන බවට ද කලහකාරීන්ට අනතුරු අඟවා තිබුණේ එම පිරිස් ප්‍රදේශයේ පිහිටි නිවාස සහ වෙළෙඳසැල් ගිනිබත් කරමින් සිටි අවස්ථාවේදීය. මේ අයුරින් අනතුරු ඇඟවීමෙන් පසුව යම් පිරිසක් නිවසක් ගිනි තැබීමට උත්සාහ ගත් අවස්ථාවේ දී පොලිසිය ඔවුනට වෙඩි තැබූ බව වාර්තා වේ. ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වෙමින් පවතින නිසා අතිරේක බලඇණි ප්‍රදේශයට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය. බෝඩෝ ගෝත්‍රිකයන් පිරිසක් මුස්ලිම් ශිෂ්‍ය නායකයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කිරීමෙන් අනතුරුව ඊට පළිගැනීමක් ලෙස මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ප්‍රදේශයේ ආරක්ෂක සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටින බව වාර්තා වේ.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇසෑමයේ වාර්ගික ගැටුම් ඇවිළී 35ක් මරුට: 170,000ක් අවතැන්
නවරත්න Thursday, 26 July 2012 06:38 PM
නියමයි නියමයි. තව හොදට මරා ගන්න. (නි)
මදුරන්ගි Thursday, 26 July 2012 12:22 PM
ජාති වාදය නම් එපා (දී)
මංගල Thursday, 26 July 2012 11:44 PM
ඔන්න ඕක තමයි කියන්නේ වීදුරු ගෙවල් වල ඉදන් අනුන්ට ගල් ගහන්න එපයි කියලා. ඇයි මේ ප්‍රශ්නේ දැම්මෙ නැද්ද ජිනීවා වලට? (නි)
මංගල Thursday, 26 July 2012 11:44 PM
ඕකට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ. (නි)
මධු Thursday, 26 July 2012 01:27 PM
මේක ඉන්දියාවට විතරක් නෙමෙයි තව බොහෝ රටවලට ගැටලුවක් වෙලා තමයි තියෙන්නෙ..!!
ප්‍රසන්න Thursday, 26 July 2012 01:28 PM
කොහේ හරි ගැටුමක්ද මෙයාල එතන.....(ස)
වරුණ Thursday, 26 July 2012 01:30 PM
ඉන්දියාව එල්ටීටීඑකට උදව් කරලා ලංකාවෙ ත්රස්තවාදයට ඇතිකළා.. දැං එගොල්ලත් ඒවා අත්විදිනවා..(නු)
ලීලා Friday, 27 July 2012 06:26 AM
මුස්ලිම් ආගමික අන්තවාදය දැන් හැමතැනම තියෙනවා. (නි)
ලක්ෂාන් Friday, 27 July 2012 08:49 AM
මුළු ලෝකයටම ගිනි ඇවිලුනේ මේ අය නිසා තමයි....(ස)