IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇසිඩ් ගැහුවත් ගමන නොනවති

ඇසිඩ් ප‍්‍රහාරයනට හසුවී මුහුණ විරූපීව ගියත් තම පෙනුම ගැන ලැජ්ජාවට පත් නොවී ඇඳුම් නිර්මාණ ශිල්පිනියන් ලෙස සමාජය ඉදිරියට පැමිණි සිටිනා තරුණියෝ පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වේ.

රූපා,රීටා,සෝනම්,ලක්ෂ්මි හා චන්චල් යන මේ පස්දෙනා විවිධ හේතුනිසා ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්ව ඇත්තෝය.

ඇසිඞ් වැදී විරූපිව තම පෙනුම නොසළකා ඔවුහු තමන් නිර්මානය කළ ඇඳුම්ද හැඳ ඡායාරූප ගැනීමේ සැසියකටත් පසුගියදා පෙනී සිටියෝය.

නායිකාව ලෙස සැළැකෙන රූපා අතින් මෙම ඇගලූම් නිමවී ඇත.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන රූපා තම කුඩම්මාගේ ඊර්ශ්‍යාවට ලක්ව ඇය එල්ල කළ ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්ව ඇත්තියකි.තම පියා කුඩම්මාගේ පැත්ත ගෙන ඇති නිසා ඇය තම වාසගමද නමෙන් කපා හැර තිබේ.

මුලින් රූමත්වූ තමා දැන් විරූපීව සිටිනු දැකීම මහත් මානසික වදයක්වූ බව ඇය කියන්නීය.නමුත් තමන්සේම ඇසිඞ් ප‍්‍රහාරයන්ට හසුව අසරණවූ තරුණියන් ගැන තොරතුරු ඇසෙන,දකින විට තමන් මෙලොව තනිව නැතැයි සිතුණු බවත් කෙසේහෝ මෙයින් ගොඩ එන්නෙමැයි සිතා ගත් බවත් ඇය පවසන්නීය.

කුඩා කළ සිටම ඇයගේ සිහිනයක් වූ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක බවට පත්වීම ඇය අද දිනයේ යථාර්ථයක් බවට පත්කරගෙන ඇත්තීය.ඇයගේ ඇඳුම් නිරූපණය කරනා නිරූපණ ශිල්පිනියන් ඇද මෙන්ම ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්වූ තරුණියෝය.

ඇයගේ උත්සාහය ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්වූ තරුණියන් හට සමාජය ඉදිරියට පැමිණීමට දිරිය ලබාදීමයි.

ඇය හා ඇයගේ මිතුරියන් පිරිස එක්වී එවන් තරුණියන් වෙනුවෙන් සත්කාරක වැඩසටහන්ද කි‍්‍රයාත්මක කරයි.

‘‘චැනන්‘‘ නම් වන සත්කාරක මධ්‍යස්ථානයක්ද පිහිටුවීමට ඔවුන් සමත්ව තිබෙන අතර එහිදී ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්ව මානසිකව දුබල වී සිටින තරුණීයන් හට අවැසි සහනය ලබාදේ.චැනන්හි දැනට සැළකිය යුතු තරමේ තරුණියන් පිරිසක් සිටින බවද සදහන්ය.

බොහෝ කාන්තාවන් මුහුණේ වන එක් පැල්ලමක් මකා ගැනීමට නොහැකිව හඩා වැළපෙද්දී,නොයෙකුත් ආලේපන වර්ග තවරද්දී,මුහුණම විරූපීව ගොස් ඇතත් දුක් නොවී ඉදිරියට යෑමට උත්සාහ කරන රූපා ඇතුලූ ඇයගේ මිතුරියන් පිරිසගේ දිරිය නම් අගය කළ යුතුමය.

kkk

 



අදහස් (0)

ඇසිඩ් ගැහුවත් ගමන නොනවති

ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 10:03 AM

මේ නංගිලා ගැන වේලාසනින් දැනගන්න ලැබූනා නම් අපේ රුපලාවන්‍ය දොස්තර මහතා මුනගස්වන්න තිබුනා.මේ දිනවල තරමක් අපහසුයි විවේකී සුවයෙන් ඉන්නන නිසා. (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 14 August 2014 06:39 PM

ලංකාවෙත් මෙම ඇසිඩ් ගැසිම සිදුවනවා. කී ඇසිඩ් ප්‍රහාර වලට ලක්වෙනවාද ලංකාවේ? ගිනි අවි ගන්නට මුදල් නොමැති අයට අඩුවට වෙළඳ පොළෙන් ගතහැකි එකම දෙය ඇසිඩ් (නි)

:       0       0

සෙනරත් Thursday, 14 August 2014 10:16 AM

ඒ කුඩම්මටනම් යන්න වෙනම අපායක් හදන්න වෙනවා. ඒ අතින් බැලුවම ලංකාවේ එහෙම දේවල් අහන්න ලැබෙන්නේ නැනේ. කොච්චර හොදද (දී)

:       0       0

උපාලි Thursday, 14 August 2014 10:19 AM

හොඳට තියන මුහුණේ පැල්ලමක් රැල්ලක් යවා ගන්න ඉන්ජෙක්සන් ගහගෙන ජීවිතෙත් නැතිකර ගන්නා මැදිවියේ කාන්තාවන්ට මේ තරුණියන්ගේ එඩිතරකම සහ ආත්ම ශක්තිය පාඩමක් විය යුතුය. (දී)

:       0       0

සුගුනවති Thursday, 14 August 2014 10:19 AM

තිරිසන්නු තමයි මනුස්සයන්ට ඇසිඩ් ගහන්නේ (දී)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 07:36 AM

මොනා උනත් සුරූපී කතුන් පිරිසක්.අඩුම තරමේ මේ අය වාසනාවන්තයි මෙලොව එලිය දකින්න ලැබීමත් ඔය අනතුරින්.(දිල්)

:       0       0

නුවන් Thursday, 14 August 2014 10:26 AM

මේගොල්ලන්ට ඇත්තටම ඇසිඩ් ගහපු හේතුව මෙතන කියන්න ගියොත් මාව අන්තවාදී ගොඩට වැටෙනවා (නදී)

:       0       0

ජනක Thursday, 14 August 2014 10:41 AM

ගාමිණී, සතෙක් වගේ කතා කරන්න එපා (නදී)

:       0       0

දයා අළහකෝන් Thursday, 14 August 2014 11:09 PM

දිරිය සොයුරියන්ට සුබ පතමි. ඔබට සුබ ගමන්! (නි)

:       0       0

පුෂ්පා Thursday, 14 August 2014 11:41 PM

ගාමිණී සිරිවර්දන, අපි කවුරුත් විහිළුවක් අහලා හිනාවෙන්න ආසයි. නමුත් ඒකට තැනක්, වෙලාවක් තිබෙනවා. (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 15 August 2014 08:33 PM

නුවන්, කරදරයක් වූ ඒ අහිංසකයන්ට ගරහන්න එපා (නි)

:       0       0

නෙහාරා Thursday, 14 August 2014 12:13 PM

ගාමිණී ගුනවර්ධනගේ කුහක සිතුවිල පහවේවා! නංගිලට සුභ පතමි ! (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Friday, 15 August 2014 04:01 AM

කව්රු කව්රුත් වලිගය පාගා ගත්තාට මට කරන්න දෙයක් නැහැ. අපේ දොස්තර ගැන සඳහන් කිරීමක් අවශ්‍ය උනා මිසක්, නංගිලා පහත් කොට සැලකීමක් නොකළ බව කරුණාවෙන් සලකන්න. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 14 August 2014 12:23 PM

මිනිසෙකුට තවත් මිනිසෙකුට කරන්න පුළුවන් බිහිසුණු නින්දිතම සහ තිරිසන්ම අපරාදය තමයි මේ ඇසිඩ් ප්‍රහාරය. මේ වගේ ප්‍රහාරයක් එල්ල කල තැනැත්තාට අනිවාර්යයෙන් මේ වගේම ප්‍රහාරයක් එල්ල කරලා විදවල මැරෙන්න අරින්න ඕනා. නීති නැත්නම් නීති හදල හරි.එ හෙම නැත්නම් කැලේ නීතියෙන් හරි. (නදී)

:       0       0

රූපවතී Friday, 15 August 2014 05:10 AM

දිරියමත් සොයුරියනි, බාධක බිදගෙන දිවිමගේ සියල්ල ජය ගෙන ඉදිරියටම පිය ඔසවන්න ඔබට ශක්තිය ලැබේවා (නදී)

:       0       0

වින්දන Saturday, 16 August 2014 02:21 PM

ගාමිණී දැමූ අදහස වැරදියට දැකපු අය තමා කුහක. ඒ නංගිලාගේ දිරිය සහ අධිෂ්ඨානය සඵල වී ශල්‍යකර්ම මඟින් විරූපී බව නැතිකර ගැනීමට හැකි අවස්ථාවක් ඉක්මනින් උදාවේවා! ජයවේවා! (නි)

:       0       0

දමිත් Friday, 15 August 2014 05:24 AM

ඔබට ජය , අරමුණු ඉෂ්ටවේවා. (නදී)

:       0       0

හේවාවිතාරන Saturday, 16 August 2014 02:42 PM

ලකී ඕව කියන්න යන්න එපා අන්න මචන් අලුත් අදහසක් කියල මිනිස්සු ඇසිඩ් ගහන්න පටන් ගනීවි (අ)

:       0       0

අසෝකා Thursday, 14 August 2014 01:29 PM

මෙන්න නියම කාන්තා ලෝකය බබලවන දිරිමත් දියණියෝ! නුඹලාගේ ඉදිරිගමන සාර්ථක වේවායි පතමි (නදී)

:       0       0

අංජන Friday, 15 August 2014 01:39 PM

මේ අයගේ ලබන ආත්මය සුන්දර එකක් වේවා! මගේ එකම පැතුම එයයි. (නි)

:       0       0

චන්දමාලි Friday, 15 August 2014 06:54 AM

මේ තරුණියන්ගේ අාත්ම අභිමානය ඉහළයි. (නදී)

:       0       0

හෙව් Saturday, 16 August 2014 04:45 AM

සෙනරත් ලංකාවෙත් මේ වගේ අය ඉන්නවා ලඟදි ගාල්ල බස් එකක් ඇතුලේ ඇසිඩ් ගැහුවේ බැංකුවේ වැඩ කරණ කෙල්ලෙක්ට . ලංකාවෙත් මේ වගේ එයාල ඉදිරියට ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ . තෙරුවන් සරනයි ,අදමිටු කුහක සිතුවිලි ලොවෙන් තුරන් වේවා . (දී)

:       0       0

හේමාල් Saturday, 16 August 2014 04:49 AM

නුවන් ඇසිඩ් ගහපු හේතුව කියන්න බලන්න. ඔයා අන්තවාදියෙක් වෙලා ඉවරයිනේ දැන්. (නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 16 August 2014 06:15 PM

මමත් නෙහාරගේ පැත්තට තමයි (නි)

:       0       0

චන්දි Saturday, 16 August 2014 07:12 PM

පව් අනේ! මේ වගේ දරුණු වැඩ කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? හිතක් පපුවක් නැති අය වෙන්න ඇති (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​ Saturday, 16 August 2014 08:39 PM

දිරිය ශක්තිය, ජීවිතය ජයගනියි. ජයවේවා! (නි)

:       0       0

සුනිල් විමලසුරිය Thursday, 14 August 2014 09:37 AM

අයියෝ පව් අනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 165 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 128 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1418 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 430 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 688 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site