IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකා බුද්ධි අංශ ප‍්‍රධානියා හදිසියේම ඉල්ලා අස්වෙයි

ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා විසින් පත් කරනු ලැබ සිටි එරට සී.අයි.ඒ. බුද්ධි අංශයේ ප‍්‍රධානී ඬේවිඞ් පෙට්රෝව්ස් පෙරේදා (10) හදිසියේම සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඇමෙරිකා බුද්ධි අංශ ප‍්‍රධානියා මෙන්ම ඇෆ්ගන් සංග‍්‍රාමයේදී ඇමෙරිකා සහ නේටෝ හමුදා ආඥාපතිවරයා ද ලෙස කටයුතු කර ඇති ජනරාල් පෙට්රෝව්ස්ට මෙසේ ඉල්ලා අස්වීමට සිදුවූයේ අනියම් පෙම් සබඳතාවක් ගැන කරුණු හෙළි වීමත් සමඟය. ”මා විවාහ වී වසර 37 ක්. ඒත් මගේ වැරදි තීරණයක් නිසා මා අනියම් සම්බන්ධයකට පැටැළුණා.” යැයි ඉල්ලා අස්වීමට පෙර පෙට්රෝව්ස් කළ ප‍්‍රකාශයක සඳහන් වෙයි. පෙට්රෝව්ස්ගේ එම අනියම් පෙම් හබය ගැන කරුණු හෙළි වී ඇත්තේ ඔහුට අයත් පරිගණකයක් එෆ්.බී.අයි. පරීක්ෂකයන් විසින් පරීක්ෂාවට ලක් කෙරුණු අවස්ථාවකදී යැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි. එහෙත් එවැනි කරුණක් මුල් කර ගනිමින් පෙට්රෝව්ස් තම තනතුරෙන් ඉල්ලා අස්වීම ගැන එම පුවත් සේවා මවිතය පළ කරයි. පෙට්රෝව්ස්ගේ හදිසි ඉල්ලා අස්වීම ගැන ජනපති ඔබාමා දැන ගෙන ඇත්තේ ජනපතිවරණයෙන් ජය ගැනීමෙන් දින දෙකකට පසුවය. පෙට්රෝව්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔබාමාට බාරදුන් අවස්ථාවේදී එය බාර ගැනීමට ඔබාමා මැලි වී ඇත. කෙසේ නමුත් ඒ ගැන සිතා බලා තීරණයක් ගන්නා බව පවසා ඉල්ලා අස්වීම බාර ගත් බවත් පෙට්රෝව්ස්ගේ බලවත් ඉල්ලීම ගැන සළකා ඔහුට බුද්ධි අංශ ප‍්‍රධානී තනතුරෙන් ඉවත් වීමට අවස්ථාව ලබා දුන් බවත් ජනපති ඔබාමා කළ නිවේදනයක දැක්වෙයි. බුද්ධි අංශ ප‍්‍රධානී පෙට්රෝව්ස් ඉල්ලා අස්වූයේ ඉකුත් සැප්තැම්බර් 11 වැනිදා ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් කොංග‍්‍රස් මණ්ඩලය හමුවේ කරුණු පැහැදිලි කිරීමට නියමිතව සිටිද්දීය. මේ වනවිට පෙට්රෝව්ස්ගේ දෙවැනියා වන මයිකල් මොරෙල් තාවකාලිකව සී.අයි.ඒ. බුද්ධි අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි. පෙට්රෝව්ස්ගේ අඩුව පිරවීමට ධවල මන්දිරයේ ත‍්‍රස්ත මර්දන උපදේශක ජෝන් බ්‍රෙනන් පත් කිරීමට ඔබාමා කටයුතු කරනු ඇතැයි ධවල මන්දිරය පෙන්වා දෙයි. ඔබාමාගේ මෙහෙයවීම යටතේ පාකිස්තානයේ සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් ව කටයුතු කළේ ජෝන් බ්‍රෙනන්ය. දෙවැනි ධුර කාලය සඳහා ජනවරමක් හිමි කරගෙන සිටින ඔබාමා මේ වනවිට පරිපාලනමය ගැටලූ කීපයකට මුහුණ දී සිටී. මේ වනවිට ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරය මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාර ධුරය ද හිස්ව පවතී. රාජ්‍ය භාණ්ඩාගාර ධුරයේ කටයුතු කළේ ටිම් ගෙත්නර්ය. රාජ්‍ය ලේකම් ධුරයේ සිටියේ හිලරි ක්ලින්ටන්ය. හිලරි ක්ලින්ටන් 2008 වසරේ ඔබාමා පළමු වරට ජනපති ධුරයට පත්වෙද්දී කියා සිටියේ ඔබාමාගේ දෙවැනි ධුරයේ රාජ්‍ය ලේකම් පදවිය දැරීමට තමා ඉදිරිපත් නොවන බවය. ඒ අනුව ඇය එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජනපතිවරණයට සති කීපයකට පෙරය.  සී.අයි.ඒ. බුද්ධි අංශ ප‍්‍රධානී ඬේවිඞ් පෙට්රෝව්ස්



අදහස් (0)

ඇමෙරිකා බුද්ධි අංශ ප‍්‍රධානියා හදිසියේම ඉල්ලා අස්වෙයි

සුනන්ද Tuesday, 13 November 2012 02:56 AM

පනාගොඩ , ඕකටත් ඉතාලියට අපහාස වෙන විදිහට මොනවා හරි කිවුවා නම් නේද හරි? (නි)

:       0       0

මාරසිංහ Monday, 12 November 2012 11:05 AM

මොකද්ද ඊට හේතුව

:       0       0

සෑම් Monday, 12 November 2012 11:25 AM

බලන්න... ඒ රටේ නීතිය කටත් එකයි.... ඔය රටවල් දියුණු වෙලා තියෙන්නෙත් ඒකයි... අපේ රටෙනම් ලොක්කගේ දූලා පුතාලට, සහෝදරයන්ට එකනීතියක්, ගෝලයන්ට තවත් නීතියක්, ඇමති මන්ත්‍රීලාට වෙනත් නීතියක්, පොලිසියේ ආරක්ෂක අංශයේ අයට තවත් නීතියක්, මහජනතාවට වෙනත් නීතියක්...(ස)

:       0       0

සෙනෙරත් Monday, 12 November 2012 02:15 AM

මටත් අස් වෙන්න ඕන. ඒත් ලොක්කා අස්වීම භාරගනීවිද දන්නේ නෑ (ස)

:       0       0

මධූ Monday, 12 November 2012 01:29 PM

අවංක හිත හොඳ මහත්තයෙක් (ස)

:       0       0

මුතුකුඩ Monday, 12 November 2012 02:13 AM

ඔවි ඉතින් තමන්ට කරන්න ඕනෑ දේවල් හුගාක් කළානේ. දැන්වත් ඉතින් මෙහෙම වුණ එක හොදයි. (නි)

:       0       0

ගමගේ Wednesday, 14 November 2012 06:29 PM

නියම විනයක් තියන රටකට මේවා පුංචි උදාහරණ විතරයි. අපිට නැති එකම දේ තමයි විනය. කවදාවත් අපිට හැදෙන්න බැරිත් ඒ නිසයි. (නි)

:       0       0

ලලිත් Monday, 12 November 2012 01:43 PM

ලංකාවේ අයින් වෙන්න කිව්වත් අයින් වෙන්නේ නෑ . අයින් කරත් අයින් වෙලා යන්නෙත් නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 642 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 113 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 271 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 153 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1506 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 455 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site