ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ සීක් දේවස්ථානයකට පෙරේදා (6) කඩා වැදුණු සුදු ජාතික තරුණයකු එල්ල කළ වෙඩි තැබීමකින් උදෑසන දේවමහෙයට සහභාගී වූ හය දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ විස්කොන්සින්හි මිලාවෝකී නගරයේ ඕක් ක‍්‍රීක්හි සීක් දේවස්ථානයටය. උදෑසන 10.30 ට දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී තුවක්කුකරු දේවස්ථානයට ඇතුළු වී ඇත්තේ පිටුපස දොරටුවෙනි. සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමටත් පෙර තුවක්කුකරු රැස්ව සිටි පිරිසට වෙඩි තබන්න පටන් ගත්තේය. වෙඩි ප‍්‍රහාරය එල්ල වෙද්දී ඒ බව හදිසි ඇමැතුම් ඔස්සේ ඕක් කී‍්‍රක් පොලිස් ස්ථානයට වාර්තා වූ අතර දේවස්ථානයට නුදුරින් සිටි පොලිස් නිලධාරීහු දෙදෙනෙක් පළමුවෙන්ම දේවස්ථානයට පැමිණියහ. වෙඩි වැදී බිම වැටී සිටි තුවාලකරුවන්ට උදවු කිරීමට එම නිලධාරීන් දෙදෙනා උත්සහ ගත් අවස්ථාවේදී තුවක්කුකරු එක් පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඇත. එම අවස්ථාවේදී අනෙක් පොලිස් නිලධාරියා වහා කි‍්‍රයාත්මක වී තුවක්කුකරුට වෙඩි තැබූ අතර තුවක්කුකරු එම ස්ථානයේදීම මියගියේය. වෙඩි වැදුණු පොලිස් නිලධාරියා වසර 20 ක සේවා පළපුරුද්දක් ඇති අයකු බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවෝත් තුවාල ලැබුවෝත් ඇමෙරිකාවේ විස්කොන්සින්හි ජීවත් වන සීක්වරුය. වෙඩි ප‍්‍රහාරය ගැන මේ වනවිටත් පුළුල් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි. වෙඩික්කරු කවුරුදැයි හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසන නමුත් ඔහුගේ විස්තර මාධ්‍ය වෙත හෙළි කර නැත. ඇමෙරිකාවේ ජීවත් වන සීක්වරුන් මුස්ලිම් ජාතිකයන් යැයි ඇතැම් ඇමෙරිකානුවන් අතර වැරදි වැටහීමක් ඇත. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකානුවන් තවමත් එරට ජීවත් වන මුස්ලිම් වැසියන් දෙස බලන්නේ වපර ඇසකිනි.
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකාවේ සීක් දෙවොලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට