මානව හිමිකම් දේශපාලන අවියක් ලෙස යොදා ගන්නා ඇමරිකා එක්සත් ජනපදය 1970 ගණන්වල සිට ලෝකයේ විවිධ රටවල්වල මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර්ෂික වාර්තාවක් නිකුත් කරයි. දේශපාලන වශයෙන් තමන් හා එකඟ නොවන රටවල් දැඩි සේ විවේචනයට ලක් කරන මෙම වාර්තාව පසුගිය වසර කීපය තිස්සේම තම දේශපාලන හා ආර්ථික ප‍්‍රතිවාදියා වන චීනය විවේචනයට ලක් කරන අතර පසුගිය සතියේ නිකුත් වූ අලූත්ම වාර්තාවෙන් එම විවේචනය වඩාත් තිව‍්‍ර කර ඇත. මෙම වාර්තාව නොවැම්බර් මාසයේ එළඹෙන ජනාධිපතිවරණයේ දී විශේෂ වාසියක් අත් කර ගැනීම සඳහා යොදා ගැනීමට ජනාධිපති ඔබාමාට අවස්ථාවක් ලැබෙන නමුත් වඩාත් වැදගත් වන්නේ එය කොංග‍්‍රස් මණ්ඩලය සිය ප‍්‍රතිපත්ති ක‍්‍රියා මාර්ග සැලසුම් කිරීමට යොදා ගන්නා ආකාරයයි. මානව හිමිකම් වාර්තාව පදනම් කරගෙන විවිධ රටවලට ආර්ථික හා වෙනත් සම්බාධක පැනවීම බොහෝ විට සිදු වේ. මෙම වාර්තාවෙන් බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන රටවල් ලෙස නම් කර ඇති ඉරානය, උතුරු කොරියාව, සිරියාව, කියුබාව වැනි රටවලට දැනටමත් ආර්ථික හා දේශපාලන සම්බාධක ක‍්‍රියාත්මක වේ. චීනයේ මානව හිමිකම් තත්ත්වය ගැන දිගින් දිගටම විවේචනය කළ ද මෙතෙක් ආර්ථික සම්බාධක පනවා නැත්තේ රටවල් දෙක අතර පවතින වෙළෙඳ හා ආර්ථික සම්බන්ධතා නිසා විය හැක. එහෙත් චීනය දේශපාලන වශයෙන් කොටු කිරීමේ ප‍්‍රතිපත්තියට එවැනි සම්බන්ධතා ගැටලූවක් වන්නේ නැත. චීනය, එක්සත් ජනපදයේ මානව හිමිකම් වාර්තාවට ප‍්‍රතිචාර දක්වන්නේ එක්සත් ජනපදය තුළ සිදු වන අයිතිවාසිකම් තත්ත්වය හෙළිදරව් කිරීමෙනි. එක්සත් ජනපදය ටිබැටයේ සිදු වන සිය දිවි නසා ගැනීම් චීනයේ මානව හිමිකම් තත්ත්වයේ පිිරිහීම හුවා දැක්වීමට යොදා ගන්නා අතර චීනය ”වෝල් සටී‍්‍රට් අල්ලා ගනිව්” යන සටන් පාඨය ඔස්සේ ඇමරිකානු ධනවාදයට එරෙහිව වීදි බැස සිටින තරුණයන් හා ශිෂ්‍යයන් මර්දනය කරන ආකාරය එක්සත් ජනපදයේ දෙබිඩි ප‍්‍රතිපත්තියට නිදසුනක් ලෙස දක්වයි. මේ කරුණුවලින් තහවුරු වන සත්‍යය වන්නේ මේ රටවල් දෙකේම මානව අයිතිවාසිකම් තත්ත්වය ගැන සෑහීමට පත්විය නොහැකිය යන්නයි. ප‍්‍රබල රටවල් මානව අයිතිවාසිකම් තත්ත්වය මේ දේශපාලන න්‍යාය පත‍්‍රය සඳහා යොදා ගන්නා නමුත් සැබැවින්ම ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැත. මීට හොඳම නිදසුන වන්නේ පිටු 142කින් යුත් එක්සත් ජනපද මානව හිමිකම් වාර්තාවෙන් සිය සමීප සගයකු වන ඊශ‍්‍රායලය ගැන කිසිදු සඳහනක් නොවීමය. මැද පෙරදිග එකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ලෙස හඳුන්වන ඊශ‍්‍රායලය තම රට තුළ සිටින හෝ අල්ලාගත් පලස්තීන ප‍්‍රදේශවල වෙසෙන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් හෝ ගරු කරන්නේ නැත. ඇත්තෙන්ම ඊශ‍්‍රායලය යනු ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර බලවතුන් නිර්මාණය කරන ලද රාජ්‍යයකි. 1947 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනා අංක 181 යටතේ පිහිටුවන ලද ඊශ‍්‍රායල් රාජ්‍යය පලස්තීන ජනතාව වෙසෙන භූමි ප‍්‍රදේශ අත් කරගත්තේ මානව අයිතිවාසිකම් කඩ කිරීමෙන් පමණක් නොව සම්මත කිසිම නීතියකට නොගැලපෙන නග්න ආයුධ බලයෙනි. සමූහ ඝාතන, නිවාස ගිනි තැබීම්, පලවා හැරීම් තුළින් සම්පූර්ණ ජාතියකටම උන්හිටි තැන් නැති කළ ද එක්සත් ජනපදය බටහිර බලවතුන් එය නතර කිරීමට හෝ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමට කිසිම පියවරක් ගත්තේ නැත. විනාශකාරී යුද්ධ ගණනාවකින් පසුව අනූ ගණන්වල දී මහත් උජාරුවෙන් අත්සන් කරන ලද ඔස්ලෝ සාම ගිවිසුම යටතේ පිහිටුවන ලද පලස්තීන අධිකාරියට පාලන අධිකාරියක ස්වරූපයෙන් හෝ ක‍්‍රියාත්මක වීමට ඊශ‍්‍රායලය කිසිම ඉඩක් ලබා නොදෙන අතර එය මානව හිමිකම් කඩ වීමක් හෝ ජාත්‍යන්තර නීති උල්ලංඝණය වීමක් ලෙස එක්සත් ජනපදය නොසලකයි. ඇත්තෙන්ම නාමිකව අධිකාරියක් වන පලස්තීන අධිකාරියට සිය ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් කිසිත් රැක දීමට නොහැකිව ඇත්තේ ඊශ‍්‍රායල් මර්දනය යටතේය. කිසිදු චෝදනාවක් නැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ නඩු විභාගයක් නැතිව ඔවුන් වසර ගණනාවක් ඊශ‍්‍රායල් සිර ගෙවල්වල රඳවා ගැනීම සාමාන්‍ය දෙයකි. අල්ලාගත් ප‍්‍රදේශවල පලස්තීන ජනතාවගේ නිවාස හා වගා බිම් විනාශ කොට යුදෙව් ජනාවාස ඉදි කිරීම නිතර සිදු වන්නකි. නැගෙනහිර ජෙරූසලමේ වෙසෙන පලස්තීන ජාතිකයකුට තම නිවස අලූත්වැඩියා කිරීමට අවස්ථාවක් ලබා නොදෙන ඊශ‍්‍රායල් පාලකයන් හානියට පත් නිවාස තම පාලනයට පවරා ගනී. පුදුමය වන්නේ දශක ගණනාවක් තිස්සේ සිදු වන මෙවැනි නොමිනිස් ක‍්‍රියා එක්සත් ජනපදයේ මානව හිමිකම් වාර්තාවට ඇතුළු නොවීමය. සිරියාවේ මානව හිමිකම් තත්ත්වය පිරිහී ඇති බවත්, අසාඞ්ගේ රජය සිය ජනතාව ආරක්‍ෂා කිරීමට අපොහොසත්ව ඇති බවත් පවසන එක්සත් ජනපදය සිරියාවට මායිම් වන ඊශ‍්‍රායලය ගැන නිහඬය. සිරියාවේ මානව හිමිකම් තත්ත්වය බිඳ වැටීම නිසා සම්බාධක පැනවුවත් ඊශ‍්‍රායලය ජිනීවා සම්මුතීන් හා ජාත්‍යන්තර නීතිය කඩ කිරීම සාකච්ඡා කිරීමට හෝ මාතෘකාවක් නොවේ. එම නිසා මෙවැනි ප්‍රෝඩාකාරී වාර්තාවලින් සැබැවින්ම සිදු වන්නේ අයිතිවාසිකම් රැුකීමක් නොව ඊට ගැරහීමකි.
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමරිකාවේ මානව හිමිකම් වාර්තාවට ඊශ‍්‍රායලය අමතකවීද?
රමීස් Saturday, 02 June 2012 11:48 AM
මේ රටවල් දෙක ගැන කතාකරල වැඩක් නෑ...
අබ්දුල්ලා Saturday, 02 June 2012 02:36 PM
අපි දැන් ජීවත්වෙන්නේ පුදුමාකාර ලෝකයකයි. ලෝකයේ හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ ඉතා සුළු පිරිසකගේ උවමනාවලටයි