IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාවේ නගර 17ක 1,400ක් පොලිස් අත්අඩංගුවට

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩතේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඇමෙරිකාවේ නගර 50කට වැඩි ගණනකට පැතිර ගොස් ඇත.

අඛණ්ඩව පස්වැනි දිනටත් ඇමෙරිකානු වැසියෝ සෙනසුරාදා දිනයේදී වීදි බැසි විරෝධතාවල නිරත වූ අතර විරෝධතා උත්සන්න වී ඇත. විරෝධතාවලට එක්වුණු නගර 17ක 1,400කට වැඩි පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා සිට 1,383කු අත්අඩංගුවට පත්ව ඇතැයි ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සත්‍ය ගණන මීට වඩා ඉහළ යැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.

පොලිසියේ කෲරත්වය සහ ප්‍රචණ්ඩත්වය විශේෂයෙන්ම කළු ජාතිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව ඇමෙරිකාවේ නගර රැසක මෙම විරෝධතා පැවැත්වෙයි.

නගර රැසකට මේ වනවිට ජාතික ආරක්ෂක බළකාය කැඳවා ඇත. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උත්සන්න වී තිබෙන ගොඩනැගිලි, වාහන යනාදිය හානි සිදු වී ඇත. විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා නගර රැසක් ඇඳිරි නීතිය පැනවූව ද විරෝධතාකරුවන් පාලනය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කළු ජාතික තරුණයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිවුදෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මිනසෝටා ප්‍රාන්තයේ මිනැයිපොලිස්, පොලිසිය ප්‍රාන්ත වැසියන්ට මෙන්ම ඇමෙරිකානුවන්ට පොරොන්දුවක් ද දී ඇත. සුදු ජාතික පොලිස් නිලධාරියකු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ බෙල්ලට දණ හිස තබා ඔහු පාලනය කිරීමට අවස්ථාවේදී ෆ්ලොයිඩ් මරණයට පත්විය.
ජෝජ් ෆොයිඞ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු ජාතික පොලිස් නිලධාරී, ඩෙරික් චුවෑන්ට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය. අනෙක් නිලධාරීන්ට කිසිදු චෝදනාවක් එල්ල වී ඇතැයි ද වාර්තා විය.
හමුදා පොලිසිය සීරුවෙන් තබන්නැයි ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනයට උපදෙස් දී ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා මිනසෝටා ප්‍රාන්තයට හමුදා පොලිසිය යොදාවන බව ද හෙතෙම පවසා ඇත.
 
 
අල්ජසීරා/ද නිව්යෝක් ටයිම්ස්
 
ඡායාරූප - ‘ද නිව්යෝක් ටයිම්ස්’

055




 



අදහස් (2)

ඇමෙරිකාවේ නගර 17ක 1,400ක් පොලිස් අත්අඩංගුවට

theshan Sunday, 31 May 2020 08:59 AM

කෝ දැන් මහ ලොකු මානව හිමිකම් සංවිධාන?

:       1       1

JayaSunday, 31 May 2020 02:54 PM

ඒවා අපි වගේ පොඩි රටවල්වලට විතරයි මල්ලි...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 165 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 128 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1419 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 430 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 690 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site