IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ තව හොරයක් අහුවේ

ශබ්දයේ වේගය මෙන් හයගුණයක වේගයක් අත්කර ගත හැකි නවීන තාක්ෂණ පහසුකම් වලින් පිරි ගුවන්යානයක් නිර්මානය කිරීමේ අතිශය රහසිගත ව්‍යාපෘතියක් ඇමරිකාව කි‍්‍රයාත්මක කරමින් සිටී යැයි මතයක් ලොව පුරා ගුවන්යානා විශේෂඥයින් අතර පැතිර යමින් තිබේ.

පසුගියදාක බි‍්‍රතාන්‍යයට ඉහළින් ඇසුණු මහා පිපිරුමක් මෙයට පදනම වී ඇත.විශේෂඥයින් පවසන්නේ එම පිපිරුම ශබ්දයේ වේගය පරදා දිවෙන යානයක සොනික් බූම් සංසිද්ධියේ ප‍්‍රතිඵලයක් ලෙස ඇසුණක් වන්නට ඉඩ තිබෙන බවයි.

“සොනික් බූම්” යනු ශබ්දයේ වේගය පරදා පියාසර කරන යානයක් නිසා උපදින කම්පන තරංගයන්ගෙන් ඇතිවන්නකි.එහි ශබ්දය මහා බෝම්බයක් පිපිරුවා හා සමානය.

බි‍්‍රතාන්‍යයට ඉහළින් ඇසුණු ඒ මහා ශබ්දය ගුවන්යානයකටම සම්බන්ධ කිරීමට උත්සාහ කරන්නේ ඇයිදැයි යන්නටද පිළිතුරක් දී තිබෙන විශේෂඥයෝ පවසන්නේ එම ශබ්දය මීට වසර ගණනාවකට ඉහතදී ශබ්දයේ වේගය පරදා යන පරිදි නිර්මානය කළ කොන්කෝර්ඩ් යානාවකින් ඉපැදුණු ශබ්දය හා සමාන වන බවයි.

නමුත් එය වඩා ප‍්‍රබලව ඇසීමෙන් එහි මූලාශ‍්‍රය වඩා ප‍්‍රබල යානයක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

අධි වේගයෙන් ගමන් කළ හැකිවුවද පරිසර දුෂණය, නඩත්තු වියදම ආදී කරුණු මුල්කරගෙන දැන් කොන්කෝර්ඞ් යානා පවතින්නේ විශ‍්‍රාම ගන්වාය.

1987 වසරේදී ඇමරිකා අයවැයේ රහසිගත මුදල් වෙන්කිරීමක් ගැන සඳහනක් තිබුණි.ඒ පිළිඹද වැඩිදුර කරුණු හෙළිනොවූ නමුත් ප‍්‍රකට ගුවන්යානා නිශ්පාදක සමාගමක් වන ලොක්හීඞ් මාර්ටින් සමාගම පසුගිය වසරේදී තමන් එස්.ආර් 72 නම් අති නවීන ගුවන්යානයක් නිපදවමින් සිටින බව අනාවරණය කිරීමත් සමග ඒ මුදල් වෙන්කෙරුණේ මෙම ව්‍යාපෘතියටදැයි සැක මතුව තිබේ.

ආරංචි මාර්ග වලට අනුව මෙම යානය මහත් ප‍්‍රසිද්ධියක් හිමිකරගත් දැනට විශ‍්‍රාම ගන්වා ඇති එස්.ආර් 71 බ්ලැක්බර්ඞ් යානයට ආදේශයක් ලෙස නිර්මාණය කෙරේ.

“අවුරෝරා” ලෙස නම් කර තිබෙන මේ ව්‍යාපෘතිය අතිශය රහසිගත යැයි වර්ග කර ඇත.ඒ අනුව ආදේශයක් ලෙස ගුවන්යානයක් නිපදවන බව ඇමරිකාව පැවසුවද එහි තාක්ෂණය කවර ආකාරයේ වේදැයි කිසිවෙක් දන්නේ නැත.

අනාවරණය වී ඇති එකම කරුණ වන්නේ මෙම යානයට ශබ්දයේ වේගය එනම් මාක් 1 ක් මෙන් හයගුණයක වේගයක් එනම් මාක් 6 ක වේගයක් අත්පත් කර ගත හැකි බව පමණි.මාක් 6 ක් පැයට සැතපුම් 4567 ක වේගයකි.

මේ කරුණු සළකා බලන විට පසුගියදා ඇසුණු මහා ශබ්දය මේ යානයෙන් ඉපැදුණක් දෝ යි සාධාරණ සැකයක් මතුවන බව ගුවන්යානා විශේෂඥයෝ පවසති.

මේ සා වේගයක් අත්පත් කර ගැනීමට සාම්ප‍්‍රදායික ජෙට් එන්ජිමකින් නොහැකි බව පැවසේ.ඒ වෙනුවට අලූත්ම තාක්ෂණයක් භාවිතයට ගැනීමට සිදුවන බව සදහන්වේ.

එවන් තාක්ෂණයක්ද බි‍්‍රතාන්‍යය විද්‍යාඥයින් අත්හදා බලමින් සිටින අතර මේ දක්වා සාර්ථක ප‍්‍රතිඵල ලැබී නොමැත.

නමුත් ඇමරිකාවේ තත්ත්වය කෙසේදැයි තමන් නොදන්නා බව ඔවුහු කියති.කවරෙකු හෝ මෙම එන්ජිමේ කි‍්‍රයාකාරීත්වය හොදින්ම වටහාගෙන ඇත්නම් එය වහාම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔහුට තිබෙන බව ඔවුහු පවසති.

මේ සියල්ල ඇමරිකාවේ රහස් ව්‍යාපෘතිය කෙරේ ඇති සැක තීව‍්‍ර කරන්නකි. එසේවුවත් සියල්ල එළිවන තෙක් බලා සිටිනවා ඇරෙන්නට අන් කළ හැකි දෙයක් මේ වාතාවරණයේ නොමැත.

23A19E0500000578-2855795-image-12_1417436166536



අදහස් (0)

ඇමෙරිකාවේ තව හොරයක් අහුවේ

සමන්ති Tuesday, 02 December 2014 01:32 PM

හදන ඒවා පෙන්නා පෙන්නා හදන රටවල් තියෙන්නේ කොහෙද ? අපිනම් නොහැදුවත් සැටලයිට් හැදුවා කියනවා. (ස)

:       0       0

සන්ජීව Wednesday, 03 December 2014 07:50 AM

ඉතින් අපිට මොකක්ද ඇති සෙත ඔවුන් මොනවා හැදුවත්. (නි)

:       0       0

සනත් Thursday, 04 December 2014 12:28 AM

අදහස් දක්වන සමහර අය හිතාගෙන ඉන්නෙ චීනයයි රුසියාවයි කියන්නෙ බොහොම හොඳ රටවල් දෙකක් කියලා. චීනය හොංකොං රාජ්‍යයට කළ දේ, තායිවානයට කරන්න යන දේ සහ ලංකාවට කරලා තිබෙන දේ හොයලා කියවලා බලන්න. ලංකාවේ ආර්ථිකය ගිලින විදිහ, භූමියෙන් අක්කර කීයක් අරගෙනද, මහා පරිමාණ ව්‍යාපෘති වල අයිතිය අරගෙන, අනෙක් අතින් ලංකාවේ මොනවද එයාලා මිලදී ගන්නේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 03 December 2014 08:06 AM

නියම බුදු දහමින් විතරයි ලෝක සාමය පවත්වාගන්න පුළුවන් (නි)

:       0       0

ජයශාන් Wednesday, 03 December 2014 01:24 PM

මහී, ඔබ නිවැරදියි (නි)

:       0       0

බුද්ධික Wednesday, 03 December 2014 01:45 PM

හැමදාම හොර අල්ල අල්ලා ඉඳලා හරියන්නෙ නැහැ, මොනවාමහරි කරන්නම වෙනවා (නි)

:       0       0

පොමා Tuesday, 02 December 2014 09:19 AM

ඇමෙරිකාව හෝ බ්‍රිතාන්‍ය මොකා මොක හැදුවත් අපිට මොකෝ යකෝ. අපි කාල ඉන්නේ අපේ පඩියෙන්නේ (අ)

:       0       0

ලීල් සිරිවර්ධන Tuesday, 02 December 2014 03:36 PM

ඇමරිකාව බ්‍රිතාන්‍ය දැන් හදාන්න හදන දේ රුසියාව හදල ඉවරයි (නදී)

:       0       0

චින්තක Tuesday, 02 December 2014 03:55 PM

සුද්දෝ අවුරුදු ගණනකට කලින් පොත්වල ලිව්ව දේවල් කටපාඩම් කරගෙන, එම දේවල් ටික පැය කීපයක් තුල වමාරා ලියන උත්තර පත්තර ,වලින් බුද්ධිමතුන් සහ ඉංජිනේරුවන් බිහි වේවි කියල හිතන, දුපතක අපි සිරවෙලා. මෙම රටවල් අපිව පසුකර වසර සියගණනක් ඉදිරියට යනහැටි අපි බලා සිටිමු. දැන් ඉතින් වෙන කුමක් කරන්නද? සංවාදයකට ඇරයුමකි. (නදී)

:       0       0

මහී Tuesday, 02 December 2014 09:58 AM

ඔය කොයි සෙල්ලම් දැන්මත් චීනය සහ රුසියාව අමාරුවෙදාන්න හැදුවොත් කපෝති. ලෝක ඉතිහාසය ආයේමත් වසර මිලියන ගණනක් ආපස්සට යාවි. (ස)

:       0       0

කෙනත් (වු.එස්.ඒ ) Tuesday, 02 December 2014 05:41 PM

මෙම ලොක්හීඩ් සමාගම සහ ඇමෙරිකානු එෆ් . බී . අයි ආයතන වල ගොඩනැගිලි කිහිපයක වස්තු විද්‍යාත්මක ඇගයීම් සහ සැලසුම් සකස් කිරීමට මටත් අවස්ථාවක් ලැබුන පසුගිය වසරේ. සෑම දෙයම ඉතාම රහසිගතයි , ගොඩනැගිලි බාහිර එන්විලොප් එක කුඩා වයරයක් වත් ඇතුලට දමන්න බැරි විදිහට 100% කම සන්වෘත ලෙස සකස් කරනවා , ඒ රහස් කැමරා, මික්රෝෆොන ඇතුල් කිරීම වැලක්වීමටයි. පිටත නිමයුමට රබර්, ලී වැනි පහසුවෙන් කැපිය හැකි දේවල් නොදමන අතර යකඩ, අලුමේනියම් වගේ ලෝහ පාවිච්චිය අනිවාර්යයි. ඒ වගේම ගොඩනැගීම අවසන් වූ වහාම ඊට සම්බන්ධ සියලුම වස්තු විදයාඥයන්, ඉංජිනේරුවන්, කොන්ත්‍රාත් කරුවන් වෙත නිකුත් වූ සියලුම සැලසුම් පිටපත් නැවත බාරදිය යුතු අතර එසේ නොකරන්නේ නම් ඒවා පුළුස්ස විනාශ කල බවට ඔප්පු කර පෙන්විය යුතුයි. (නදී)

:       0       0

සමන් - පැරිස් Wednesday, 03 December 2014 06:09 AM

ඇමරිකාව එංගලන්තය ඇතුළු ධනවාදී කඳවුර මැද පෙරදිග ඇතුළු රටවල් වලට කරන කරදර වල හැටියට චීනය සහ රුසියාව මොනවද කරන්නේ? මට පේන විදියට රුසියාව චීනය කරන දේවල් හරියට "හතර පෝයට සිල්ගන්න කෙනෙක් බල්ලෙකුට කොටුවක් උරුක්කරලා ඌව එලවා දැමීමකට" සමානයි. (ර)

:       0       0

ගුණේ Wednesday, 03 December 2014 06:18 AM

කවදාකවත් සාර්ථක වන්නේ නැහැ. පීඩනයත් සමඟ ගට්ටනයේදී පුපුරා යනවා.(නදී)

:       0       0

අනුර Wednesday, 03 December 2014 03:45 PM

විද්‍යා , එයට ගොඩක් හේතු තියෙනවා.හොංකොං චීනයට බාරදුන්නත් රහසිගතව එහි පාලනයට එංගලන්තය අතපොවනවා. ඒ වගේම යුක්රේනයටත් ඇමෙරිකාව අතපොවනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 03 December 2014 06:36 AM

ඇමරිකාව මුළු ලෝකෙටම කරන හිරිහැර පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

විද්‍යා Tuesday, 02 December 2014 08:34 PM

චීනය , රුසියාව මට නම් හොඳ රටවල් නෙමෙයි. චීනය අද හොංකොං රටේ වැසියාට හිරිහැර කරනවා. රුසියාව යුක්රේනයට හිරිහැර කරනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 03 December 2014 10:37 AM

බුද්ධියෙන් බැලුවොත් ඔය කවුරුත් අන්තිමට අපිව හුරගෙන කාලා නේද ? (ර)

:       0       0

සතිෂ් Wednesday, 03 December 2014 06:07 PM

ශබ්දයේ වේගයට සමානවන වේගය (සුපර් සොනික්) "මැක්" එකක් ලෙස නේද හඳුන්වන්නේ. (නි)

:       0       0

කුමාරි Tuesday, 02 December 2014 11:54 AM

හදුවටනම් අපිට කමක් නැහැ.එත් ඉතින් ලෝකෙටම ඕකෙන් විනාශයක් නම් වෙන්නේ ,ඒක හොඳ නැහැ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 62 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 57 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 48 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 15 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 311 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site