IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාවේ ග්වන්තනාමෝ සිර කඳවුර වහාම වසා දමන්න

කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකා හමුදාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වහාම වසා දමන්නැයි ඇමෙරිකන් ජනපති බැරැක් ඔබාමාට බල කරමින් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරය ඉදිරිපිට ඊයේ (19) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
විරෝධතාවට සහභාගී වූවෝ ඇමෙරිකාවේ මානව හිමිකම් සුරැුකීමේ කි‍්‍රයාකාරීහුය. විරෝධතාව පැවැත්වූයේ ග්වන්තනාමෝ බේ රැඳෙවියන් ආරම්භ කර ඇති උපවාසය පෙරේදා (18) දින 100 පසු කිරීමත් සමඟය. එම උපවාසයට රැඳෙවියෝ 100 දෙනෙක් එක් වී සිටිති.
රැඳෙවියන් උපවාසය ඇරැුඹුවේ, සිර කඳවුරේ දී ඔවුන්ට සිදුවන කුරිරු වධ බන්ධනයන්ට එරෙහිවය. උපවාසයේ යෙදන රැඳෙවියන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත.
ඇමෙරිකා රජය ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම ග්වන්තනාමෝ බේ සිරකඳවුරේය. වසර ගණනක් තිස්සේ එහි සිරගත කර සිටින ඇතැමුන් නිරන්තරයෙන් කුරිරු වධ බන්ධනයන්ට ලක් කෙරෙන බව පැවැසෙයි.
උපවාසයේ යෙදෙන එම රැඳෙවියන් කියා සිටින්නේ තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ හෝ නඩු විභාග පවත්වන්නේ හෝ නැතිනම් තමන් වහා නිදහස් කරන ලෙසටය.
ග්වන්තනාමෝ බේ සිර කඳවුර පවතින්නේ ඇමෙරිකානු හමුදා පාලනය යටතේය. එහි නියාමකවරුන් වන්නේ හමුදා භටයන්ය. 2008 වසරේ ජනපතිවරණයට ඉදිරිපත් වෙද්දීත් මීට සති කිහිපයකට පෙරත් සිරකඳවුර වසා දමන බවට ජනපති ඔබාමා ඇමෙරිකානු ජනතාවට පොරොන්දු විය.
එම පොරොන්දුව ඉටු කිරීමට ජනපති ඔබාමාට නොහැකි වී ඇත්තේ සිර කඳවුරේ සිටින එම රැඳෙවියන් මුදා හැරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසාය.

 

ධවල මන්දිරය ඉදිරිපිට පැවැති විරෝධතා රැලිය

 



අදහස් (0)

ඇමෙරිකාවේ ග්වන්තනාමෝ සිර කඳවුර වහාම වසා දමන්න

ගාමිණී Monday, 20 May 2013 05:10 PM

අපිට කමක් නැහැ

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 01:14 PM

ඇමෙරිකාවේ සාමකාමී විරෝධතා පැවැත්වීමට ඉඩ දෙනවා . නමුත් එය සීමාවක් ඇතිව. පවතින ක්‍රමයට හානියක් නොවෙන. එහෙත් මේ විරෝධතා කන් දීමක් සිදු වන්නේ නැත. නමුත් ඇමෙරිකාව ලංකාව වගේ පොඩි රටවල් වලට බලපෑම් කරනවා, ඔවුන් නොකරන දේවල් අපිට කරන්න කියලා. ඒකයි වෙනස (නි)

:       0       0

මනෝහරන් Monday, 20 May 2013 01:58 PM

කියුබාවට නිදහසේ ඉන්න ඉඩ දීලා ඔය කදවුර ඇමෙරිකාවට අරන් යන්න. ඊට පස්සේ ඕනෑ එකක් (නි)

:       0       0

මුරුගන් Monday, 20 May 2013 11:06 AM

එක්වර නිදහස් නොකර එක එක්කෙනා නිදහස් කරන්න කලින් කලට. ඉන්පසු සි අයි ඒ එකට බාර දෙන්න හදිසි අනතුරු, ගුවන් අනතුරු හරහා ආරක්ෂක තර්ජන අඩුකරන්න කියලා.නැතිව බැහැනේ ඔය වැඩේ කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 686 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 278 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1509 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 460 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site