IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව අද (22) 200,000 ඉක්මවා ගියේය.

ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් මෙන්ම වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 6.8 ඉක්මවයි.

මෙලෙස වයිරස ආසාදිත මරණ ගණන දෙලක්ෂය ඉක්මවා වාර්තා වෙද්දි ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජනපදවලින් විශේෂයෙන් උතුරු ඩකෝටාව සහ උටා යන ජනපදවලින් වාර්තා ගත අන්දමින් ශීඝ්‍රයෙන් වයිරස ආසාදිතයන් හඳුනාගැනෙමින් තිබේ.

වයිරස ආසාදිත මරණ ගණන 100,000ත් 200,000ත් අතර අගයක පවත්වා ගැනීමට හැකි වුවහොත් එය යහපත් මට්ටමක් යැයි ද ඇමෙරිකාව වයිරසය පාලනය කිරීම සඳහා ඉතා හොඳ කාර්යභාරයක් ඉටු කිරීම තහවුරු වන්නේ යැයි ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පෙබරවාරි මාසයේදී වාර්තා වූ වයිරස ආසාදිතයන් ගණන 15ක් වූ අතර දින කිහිපයකින් ආසාදිතයන් ගණන බිංදුවක් වන්නේ යැයි ට්‍රම්ප් ඒ මාසයේදී කීය.

ඇමෙරිකාවෙන් අද (22) රාත්‍රී 11 පමණ වනවිට වාර්තා වූ සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 200,005ක් විය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නව කොරෝනා වයිරසය ලොවපුරා ව්‍යාප්ත වීමට පටන් ගත්තේ ය. එම මුල්වරට හඳුනාගැනුණේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී ය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මුල්වරට වයිරස ආසාදිතයකු හඳුනාගැනුණේ ඉකුත් ජනවාරි මාසයේ දී ය.

ට්‍රම්ප් පරිපාලනය වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට පියවර නොගත් බවට විවිධ පාර්ශවවලින් දිගින් දිගටම චෝදනා එල්ල විය.

‘‘පසුගිය මාස හයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බොරු සහ අසාර්ථකත්වය නිසා අපි ඉතිහාසයේ දැකපු විශාලතම ඇමෙරිකානු ජීවිත හානිය දැක්කා’’ යැයි ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඊයේ පැවැසීය.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (0)

ඇමෙරිකාවේ කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 18 84 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 336 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 449 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 480 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 4917 3

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 4021 1

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1469 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site