IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවට ලොකු තර්ජනයක්

ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වන සටන් කාමීන් (අයිඑස්අයිඑස්) නිකුත් කළ ප්‍රචාරක වීඩියෝ පටයක දක්වා ඇත්තේ කිසිම ඇමෙරිකානුවකුට මිහිතලය මත ආරක්සාවක් නොමැති බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ 2001 සැප්තැම්බර් 11 දා ප්‍රහාරය වැනි ප්‍රහාරයක් නැවත ඇමෙරිකාවට එල්ලකිරීම සඳහා අවශ්‍ය සැළසුම් සකස්කරමින් සිටින බවයි.

මේ වීඩියෝව නම්කැර ඇත්තේ ‘‘අපි ඇමෙරිකාව ගිනි තබනවා “ යනුවෙනි. ඇමරිකාවට එරට භූමිය තුල සිට අයිඑස්අයිඑස් සටන් කාමින් ප්‍රහාර එල්ල කරණ බවත් ඇමරිකානුවන්ගේ ආරක්ෂාව මිරිඟුවක් වන බවත් වීඩියෝ පටය මගින් ඔවුන් ප්‍රචාරය කරයි.

මිනිත්තු 11 ක් ධාවනය වන අයිඑස් සටන් කාමින්ගේ මෙම නවතම වීඩියෝව මගින් ඇමරිකානු මාධ්‍යවේදී ජෙම්ස් ෆොලේ ඇතුළු තවත් කීපදෙනෙකුගේ හිස ගසා දැමීම සහ ජෝර්දානු ගුවන් නියමු මුඩා අල් කසස්බේ පන පිටින් පුලුස්සා දැමීමද ප්‍රදර්ශනය කැර ඇත.

කැඩුනු ඉංග්‍රීසියෙන් එහි සඳහන් කර ඇත්තේ ඇමරිකානුවන් අතර නැවතත් ඉතාමත් ඉක්කමනින් භයංකර බව පතුරුවන බවයි. ඇමරිකාව තම රට ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමට බිලියන ගණන් මුදල් වැය කළත් එය නිෂ්පල තත්වයක් බවට පත් කරණ බව මෙම විඩියෝව කියයි.

තමන් දැන් පෙරට වඩා ශක්තිමත් වී ඇති බවත් පෙරට වඩා සම්පත් අනූන බවත් පෙන්වා දී තිබේ. ඒ අනුව ඔවුන්ට ඇමරිකා එක්සත් ජනපදය නැවතත් පුලුස්සා දැමීමට හැකියාව පවතින බව ද මෙම වීඩියෝව මගින් ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

ඇමෙරිකාවට ලොකු තර්ජනයක්

චින්තක Sunday, 19 April 2015 02:13 PM

සුද්දෝ කරන්න කලින් කියන විදිහේ කට්ටිය නෙමේ . බින්ලාඩන් ගේ මිනියත් හරියටම තහවුරු කර ගත්තට පස්සේ තමා ලෝකයට පෙන්නුවේ. නමුත් ගොඩක් අපි වගේ කට්ටිය කරන්න කලින් කියන්න ගිහින් තමා වරද්දා ගන්නේ. (බ)

:       0       0

ලීල් Saturday, 18 April 2015 11:36 AM

ඇමෙරිකාව හා බටහිර රටවල් නැතිදාට ලෝකයම විනාශවෙනවා (නි)

:       0       0

අමිල Monday, 20 April 2015 12:39 PM

මෙයාලා අවුරුදු ගානක ඉඳලා කියවනවා විතරයි. (නි)

:       0       0

ඉන්දික මනෝජ් Tuesday, 21 April 2015 03:29 AM

ඇමෙරිකාවට තියන බලය ඉරාකෙට හරි ඇෆ්ගනිස්ථානෙට හරි තිබුනා නම් අද ලෝකේ මොනවගේ තැනක් වෙඉ ද ? (අ)

:       0       0

ලලිත් Thursday, 16 April 2015 07:48 PM

කිසිම මුස්ලිම් රටක් හෝ සංවිධානයක් මෙම ක්‍රියාවලට විරුද්ධ වෙන පාටක් නැහැනේ? (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 08:43 PM

ප්‍රචණ්ඩත්වය හොඳ නැති වුණත් කොයි රටෙත් අන්තිමට විඳවන්නේ සාමාන්‍ය ජනතාව බව සැබෑ වුණත් අනිත් රටවලට ගිනිදෙන්න ත්‍රස්තවාදයට කිරිපොවන රටකට වෙන මොනවද ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන්? දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ මේවට තමයි. දැන් ඉතින් යමක් වුණා නොවුණා අඩුම තරමේ බයෙන් සැකෙන්වත් ඉන්න වෙනවනේ.. (නි)

:       0       0

සුමුදු හේවා Friday, 17 April 2015 09:55 AM

මේකනේ නාමල්, ත්‍රස්තවාදය ගැන අපේ කිසි පැහැදීමක් නැතත් ඉතින් ඔයා ඔහොම කිව්වට 9/11 වෙන්න ඉස්සෙලත් ඇමරිකාව හිතාගෙන හිටියේ ඒගොල්ලන්ට උඩින් කපුටෙකුටවත් යන්න බැරිය කියලයි. එත් අන්තිමට මොකද වුණේ? ඒක වුණේ ඔය ලොකු ආරක්ෂක විධි විධාන වල දුර්වලකම නිසා නෙවෙයිද? හැරත් මේ සංවිධානයට කොච්චර ආයුෂ තියෙනවද කියලා ඔයා හරියටම කියන්නේ කොහොමද කියලා මටනම් හිතා ගන්න බැහැ, (බ)

:       0       0

සුමුදු හේවා Friday, 17 April 2015 10:35 PM

ලලිත්, මුස්ලිම් රටවලට ඇමරිකාවෙන් සිදුවෙන කරදර ගැන හිතුවහම මේවාට මොකට විරුද්ධ වෙනවද කියලා එයාලට හිතෙනවා ඇති. (නි)

:       0       0

ද.මු.උඩුකුඹුර Saturday, 18 April 2015 06:23 PM

සදාම් හුසේනුත් ඔය වගේ කතා කීව.අන්තිමට මිනිහ බලු කුක්කෙක් වගේ මර බයේ අගුලක හැංගිලා හිටිය. (ස)

:       0       0

දුමින්ද Friday, 17 April 2015 01:38 AM

සර්පයන් විසින් ස්වාමියා සපා කෑමක් ද ? (ස)

:       0       0

ඉම්රාන් Friday, 17 April 2015 02:53 AM

මේ නම් ඇත්තටම පිස්සු හැදුණු කල්ලියක්. ලලිත්, මොවුන්ට අන්තිම ගුවන් ප්‍රහාරය එල්ල කළේ සෞදිය නේද ? (නි)

:       0       0

සපුමල් (කැලිෆෝර්නිය) Tuesday, 21 April 2015 06:00 AM

වරෙල්ලකෝ බලන්න , ඉරෙන්නේ දෙන්නේ ඔකලාට (අ)

:       0       0

සුමුදු Sunday, 19 April 2015 04:20 AM

මුස්ලිම් අන්තවාදය බටහිරට එරෙහිව තිබීම නිසා ඇමෙරිකාව යම් මට්ටමකට පාලනය වෙලා තියෙනවා වගේම මුස්ලිම් අන්තවාදය පාලනයට බටහිර රටවල් තිබිය යුතු වෙනවා නැත්නම් ඔය දෙගොල්ලම අනතුරුදායක කට්ටිය (බ)

:       0       0

නාමල් Friday, 17 April 2015 04:38 AM

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු මෙවැනි වීඩියෝ විශාල ප්‍රමාණයක් ඉස්ලාමීය සංවිධාන නිකුත්කළා. නමුත් එකකටවත් ඇමරිකාවේ කිසිදු විශාල ප්‍රමානයේ සාර්ථක ප්‍රහාරයක් දියත් කරන්න බැරිවුණා.ඇමරිකාවට ගිය කෙනෙක් දන්නවා ඒ රටේ තියෙන ආරක්ෂක විධිවිධාන වල තරම...අනෙක මේ සංවිධානයට වැඩි ආයුෂ නැහැ (නි)

:       0       0

පියුමි Friday, 17 April 2015 01:28 PM

කළ කළ දේ පළ පළ දේ... (නි)

:       0       0

නිමල් ලලිතා Sunday, 19 April 2015 10:04 AM

අන්තවාදය මුළු ලොවටම තර්ජනයක්. අද මැද පෙරදිග යන කාන්තාවන් නොයෙකුත් වද හිංසා වලට සහ ලිංගික අතවරවලට මුහුණ පාන්නෙත් එම අන්තවාදයේම පාදඩ අංගයක් වශයෙන්.(නදී)

:       0       0

සොපී Saturday, 18 April 2015 06:46 AM

ඔය නෙලාගන්නේ වපුරපු බිජ වල අස්වැන්නනේ. දැන් කොහොමද දන්නේ නැහැ මානව හිමිකම්. සුළු ජාති / ආගම් වල අයිතිවාසිකම් ගැන දරන අදහස් දැන ගන්නත් ආසයි. (නදී)

:       0       0

සොපී Saturday, 18 April 2015 06:47 AM

ඔය නෙළාගන්නේ වපුරපු බිජ වල අස්වැන්නනේ.දැන් කොහොමද දන්නේ නැහැ මානව හිමිකම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 765 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 293 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1513 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 473 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site