උතුරු කොරියාව පසුගිය සිකුරාදා අත්හදා බැලූ බැලැස්ටික් මිසයිලයට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකානු බී-1බී බෝම්බ හෙළන යානා සමූහයක් කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ පියාසැරියක නිරත වූ බව ඇමෙරිකානු ගුවන් හමුදාව අද (30) නිවේදනය කළේය.
තමන් සාර්ථකව තවත් අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව සිකුරාදා නිවේදනය කළේය.
එම මිසයිලයට ඇමෙරිකාවට සෘජුව ගමන් කළ හැකි බවත් උතුරු කොරියාව නිවේදනය කළේය. උතුරු කොරියාව මේ මස මුලදී අත්හදා බැලූ අන්තර්මහද්වීප බැලැස්ටික් මිසයිලයට ඇලස්කාවට ළඟාවිය හැකි බව විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
ඇමෙරිකාවට අයත් බටහිර ශාන්තිකර කලාපයේ පිහිටි ගුආම් ගුවන් හමුදා කඳවුරෙන් පිට වූ බෝම්බ හෙළිය හැකි බී-1බී බෝම්බ හෙළන යානා කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කර තිබෙන අතර ඉන් අනතුරුව ජපානය සහ දකුණු කොරියාව ප්‍රහාරක ජෙට් යානා යොදාගනමින් පැවැත්වූ ගුවන් හමුදා යුද අභ්‍යාසයට එක්ව ඇතැයි වාර්තා විය.
(රොයිටර්) - 055
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකානු බෝම්බ යානා කොරියාවට