IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමරිකානු නායකයා තමන්ගේම බුද්ධි අංශය විවේචනය කරයි

ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි අංශවල ක්‍රියාකාරකම් ජර්මනියේ නාසිවාදීන් සිහි ගන්වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චෝදනා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලබන 20 වැනිදා ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

බුද්ධි අංශවල තොරතුරු පිටවීමෙන් තමන් රුසියානු උගුලක හසු වී සිටින බවත් වැරැදි තොරතුරු මාධ්‍ය වාර්තා කර ඇතැයි පවසමින් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් මහතා බුද්ධි අංශවලට චෝදනා තවදුරටත් චෝදනා කළේය.

“මේ නිසා මම දැඩි කනස්සල්ලට පත්වුණා. මෙය ඉතා කනගාටුවට කරුණක්. බුද්ධි අංශ වැරැදි පුවත් පළවීමට ඉඩ ප්‍රස්ථාව දීලා. එය ඉතාමත් කනගාටුදයකයි. මෙවැනි දේවල්වලින් ජර්මනියේ නාසිවාදීන් කරපු දේවල් මතක් කරනවා” යැයි නිව්යෝක් නුවර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය.

රුසියාව ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජාතික කමිටුවේ විද්‍යුත් ලිපිනවලට සහ පරිගණකවලට අනවසරයෙන් පිවිස දත්ත වෙනස් කළ බව ට්‍රම්ප් මහතා පසුගිය දිනෙක පිළිගත්තේය. එම කරුණුවලට පිළිගත්තා පමණක් නොව තවත් රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිගණකවලට අනවසරයෙන් පිවිස දත්ත වෙනස් කරමින් සයිබර් ප්‍රහාර එල්ල කරන බවද ට්‍රම්ප් මහතා එහිදි කීවේය.  



අදහස් (0)

ඇමරිකානු නායකයා තමන්ගේම බුද්ධි අංශය විවේචනය කරයි

හුසේන් මොහමඩ් -රියාද් Monday, 16 January 2017 06:25 PM

මට විතරක් නෙමෙයි කුමාර මහත්තයෝ, ලෝකේ ගොඩක් අයට රිදෙයි නුදුරු අනාගතේදීම. ඒ වගේම ට්‍රම්ප්ගේ අදහස්වලට විරුද්ධව ඇමෙරිකාවේ උසස් රාජ්‍ය නිලධාරීන් පවා නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න දැනටම ප්‍රසිද්ධියේම පොරොන්දු දීලයි තියෙන්නෙ. ඔහු ඉතාමත්ම ජාති,ආගම්වාදීයි. (නි)

:       0       0

මාලක Monday, 16 January 2017 06:32 PM

ඒ රටේ එහෙම තමයි.

:       0       0

සුරනිමල Saturday, 14 January 2017 02:37 AM

මෙතුමා කොන්ද පන තියෙන නායකයෙකි (නි)

:       0       0

කුමාර පමුණුව Monday, 16 January 2017 10:26 AM

හුසේන් මොහමඩ් ඔබට ගොඩක් රිදිලා වාගේ ට්‍රම්ප් බලයට එම ගැන. (ර)

:       0       0

අජිත් Monday, 16 January 2017 11:28 PM

ඇත්ත කතාව නම් ට්‍රම්ප් මහත්තය බලයට විත් කරන දේ ඔහුගේ පක්ෂයේ අයවත් හරියට දන්නේ නැහැ. ඔහුගේ පක්ෂයේ අයටවත් අැමරිකාවේ අනිකුත් සෙසු ජනතාවත් මොහු ජනවාරි 20 ට පසු කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට මේ ලංකාවේ ඉන්න සමහර මිනිස්සු ට්‍රම්ප් වෙනුවෙන් මනකල්පිත ප්‍රතිපත්ති කතා කිරීම හරිම විහිළුවක්! ට්‍රම්ප් මොනවා කළත් කරන්නේ ඇමෙරිකාවේ යහපතට මිසක් ලංකාවට යහපතක් වෙන්න නොවේ! (නි)

:       0       0

අජිත් Thursday, 19 January 2017 01:58 AM

කවුරුහරි ඇවිල්ලා ත්‍රස්තවාදීන්ට බැනනහම ත්‍රස්තවාදීන් බයවෙනවා නම් ඔය ප්‍රශ්නය විසඳන එක කොතරම් පහසුද? කොහොමටත් අයිඑස් ත්‍රස්තවාදීන් දැන් අඩපනවෙලා තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ එ්ක නොවේ. ට්‍රම්ප් හැසිරෙන විදියෙන් අරාබි රටවල් කොතරම් දුරට ඔහුට නතුවේද කියන එකයි. කොහොම වුණත් ලංකාව සම්බන්ධයෙන් නම් ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය කවුරු බලයට පත්වුණත් වෙනස් වෙන්නේ නැහැ (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Saturday, 14 January 2017 06:21 AM

නුතන දියුණු ලෝකය ( ඇමෙරිකාව ), නැවතත් නොදියුණු ගල් යුගයකට ආපසු යෑමක් හැටියටයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීම මම දකින්නේ. ජාතිවාදී මෙන්ම වර්ණවාදී අදහස්වලින් මොනවට පෝෂණයවූ ට්‍රම්ගේ නායකත්වයෙන් මතු ලෝකෙට අයහපතකට වඩා යහපතක් නොවෙන බව ඉදුරාම කිව හැකීයි. (අ)

:       0       0

යහම්පත් නලින් Friday, 13 January 2017 10:49 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ රුසියාව ඇතුළු වෙනත් රටවල් ඇමරිකාවේ පරිගණක වලට ඇතුල් වුන බවය , එයින් අදහස් කරේ ඔහුගේ බලය කාලයේ එවෙනි සිදු වීම් නොවන්නට අති ප්‍රබල පරිගණක ආරක්ෂක ක්‍රමයක් බාවිතා කරන බවය , ඒ වාගේම අපි දැන ගත යුතුයි ඇමරිකාව ලෝකයේ බොහෝ රටවල සතුරු සහ මිතුරු රටවල පරිගණක ක්‍රමවලට පිවිසෙනවා , ටෙලිෆෝන් සංවාද වලට ඇහුම් කන් දෙනවා .(අ)

:       0       0

ජානකී Wednesday, 18 January 2017 09:47 AM

මමත් කැමතියි ට්‍රම්ප්ට (නි)

:       0       0

හසිත Monday, 16 January 2017 02:42 AM

ගෝත්‍රවාදී උදවිය ට්‍රම්ප් ආගමනය ගල් යුගයක ආරම්භයක් යැයි කීම හොඳම විහිළුවක්. (නි)

:       0       0

උඩගේ Monday, 16 January 2017 11:52 AM

මම දකින්නේ නව ජනාධිපතිගේ වැඩපිළිවල හරි....මොකද ඔය මුලධර්මවාදී අන්තවාදීන් තමයි මේ ලෝකේ කන්නේ මිනිස්සුන්ගේ ඔළුගෙඩි විනාශකරන්නේ...ට්‍රම්ප් මහත්තය ඇවිත් මේ සියල්ල වෙනස්කරන තුරු අපි අැගිලි ගනිමු.....(බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 12 January 2017 11:49 PM

“තවත් රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිගණකවලට අනවසරයෙන් පිවිස දත්ත වෙනස් කරමින් සයිබර් ප්‍රහාර එල්ල කරන බවද ට්‍රම්ප් මහතා එහිදි කීවේය“ ඔව් ඉතින් වෙන ක්‍රමවලින් ප්‍රහාර එල්ල කරන්න බැරි නිසා මෙහෙමවත් ප්‍රහාර එල්ල කරන එක හොඳයි. හොඳම ප්‍රහාරය දුන්නේ ස්නොඩන්. (නි)

:       0       0

කුමාර පමුණුව Tuesday, 17 January 2017 04:21 PM

මම නම් සිතන්නේ ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔහු ක්‍රියාකරන බව කී නිසා ලෝකේ ඉන්නා ත්‍රස්තවාදීන් බයවෙලා. අපිට බයවන්නට කරුණක් නැහැ. හිලරි පරාදයි. මම සතුටුයි ට්‍රම්ප් දිනුවට. ඇවිල්ලා කරන දේවල් බලා අපි හොඳ නරක කියමු (නි)

:       0       0

වික්ටර් Monday, 16 January 2017 07:13 AM

බාලසූරිය මහතාගේ අදහස ඉතාමත් වටිනවා. අපිට අවශ්‍ය මේ වගේ කෙනෙක්. රටට ආදරේ කරන නායකයෙක්. (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Monday, 16 January 2017 07:17 AM

ට්‍රම්ප්ට විරුද්ධව ඇමෙරිකාවේ වගේම ලෝකෙත් කිසිදා නොවූ විරූ ලෙස ලොකු කතිකාවක් ගොඩනැගී තියෙනවා. මිනිස්කමට නිගාදෙන ඔහුගේ ප්‍රතිපත්ති පිළිබඳව. "ගෝත්‍රවාදී" යන ඇමතුමෙන්ම, ඔබ ඉන්නේ කොහෙද කියනඑක ලෝකෙටම පෙන්නුවා හසිත මහත්තයෝ. (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 14 January 2017 04:36 PM

ගොඩක් අනතවාදින් මොහු ජනාධිපති වීම ගැන දුක්වනවා. නොයෙකුත් කතා කියනවා. මොකද මොහු බලයට ආවහම අන්තවාදය පරාජය කරනවා. ඔහු ඇමරිකාවට ආදරය කරන, ඇමරිකාවේ සතුරන් මිතුරන් කරගන්න කෙනෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 71 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 161 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 127 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1399 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 428 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 681 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site