තමා ඇමෙරිකානු පුරවැසියකු නම් ලබන නොවැම්බර් හය වැනිදා පැවත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ දී ඡන්දය දෙන්නේ ජනපති ඔබාමාට යැයි වෙනිසියුලා නායක හියුගෝ චාවේස් පවසයි. ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ දේශපාලන ප්‍රතිපත්ති විවේචනය කරන චාවේස් මේ බව කියා සිටියේ සෑම සති අන්තයකම පවත්වන සිය දේශපාලන රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේදීය. ඔබාමා, වෙනිසියුලාවේ කැරකස් නුවර වැඩකරන පංතියේ වැසියකු නම් ලබන 7 වැනිදා වෙනිසියුලාවේ පැවැත්වෙන ජනපතිවරණයේ දී ඔහු තමන්ට ඡන්දය දේවි යැයි ද වෙනිසියුලා නායකයා වැඩිදුරටත් කියා සිටියේය. ඊට හේතුව තමා සහ ඇමෙරිකා ජනාධිපති ඔබාමා ජනහිත හඳුනන ජනතා නායකයන් යැයි ද චාවේස් පැහැදිලි කළේය. වෙනිසියුලා ජනපතිවරණයට ඉදිරිපත් වන චාවේස්ට විපක්ෂ නායක හෙන්රීක් කැප්රිලේගෙන් අභියෝගයක් එල්ල වී ඇත. දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් සහ ජනපති ලෙස ගත් ඇතැම් තීරණ හේතුවෙන් ඔබාමාගේ ජනපි‍්‍රයත්වය ද මේ වනවිට පහළ වැටී ඇති අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ නායක මිට් රොම්නිගෙන් ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල වී තිබේ.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකානුවකු වූවා නම් ඡන්දය දෙන්නේ ඔබාමාට
චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 12:51 PM
හොඳ ලිපියක් (ස)
ෂෙරීෆ් Tuesday, 02 October 2012 08:10 PM
ඔබතුමා ලාංකිකයෙක් වෙලා හිටියානම්.... (නි)