ඉතාලිය මුහුණදී සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ, අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී පෙරේදා (12) ධුරයෙන් ඉල්ලා අස්විය. අගමැති බර්ලූස්කෝනීගේ ඉල්ලා අස්වීමත් සමඟ දහස් ගණනින් ඉතාලි වැසියෝ රෝම අගනුවරට එක්රොක් වී පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. ස්තී්රලෝලී බර්ලූස්කෝනී නරුමයකු බව පවසමින් විරෝධතාකරුවෝ ‘ඉතාලිය දිනේවා’, සහ ‘ඉතාලි ජනතාවට ජයග්‍රහණය හිමිවුණා’ යැයි කියමින් කෑ ගසන්න වූහ. පී‍්‍රතියට පත් වූ ඇතැමුන් සවුදිය පුරනු ද දැකිය හැකි විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ රෝම අගනුවර සැණකෙළි සිරියක් ගත් බවය. ඉතාලිය, පා පන්දු ලෝක කුසලානය දිනූවිට පී‍්‍රතිවන අයුරින් ඉතාලි වැසියෝ බර්ලූස්කෝනීගේ නික්ම යෑම ගැන පී‍්‍රතිය පළ කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. වසර 17 ක් තිස්සේ ඉතාලියට නායකත්වය දුන් බර්ලූස්කෝනීට අපවාද චෝදනා රැසක් එල්ල වී තිබේ. හැත්තෑපස් හැවිරිදි ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ ළාබාල ගණිකාවන් ඇසුරු කිරීමත් එම ගණිකාවන් වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන වැය කිරීමත්ය. බර්ලූස්කෝනීට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට ඉතාලි විපක්ෂ කණ්ඩායම් අවස්ථා ගණනාවකදී උත්සාහ ගත් නමුත් එම සෑම චෝදනාවකින්ම ගැලවීමට බර්ලූස්කෝනී සමත් වූයේය. සියලූ අභියෝග හමුවේ නොසැලී සිටිය ද අවසානයේදී ඉතාලිය මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ පරාජයවී බර්ලූස්කෝනීට ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බව ඉතාලි පුවත් පත් වාර්තා කර තිබුණි. ඉතාලිය මෙන්ම යුරෝපා රටක් වන ගී්රසියේ ද මේ අයුරින්ම දේශපාලන පෙරැළියක් පසුගිය සතියේ සිදුවිය. එහිදී ගී්රක අගමැති පපන්ඩි‍්‍රයෝට ධුරයෙන් ඉවත් වීමට සිදුවූ අතර මේ වනවිට ගී්රසියේ නව රජයක් පිහිටුවා තිබේ. පසුගිය සතිය පුරාම බර්ලූස්කෝනි එක දිගටම අර්බුද රැසකට මුහුණ දුන්නේය. ඔහුට ඉතාලි පාර්ලිමේන්තුවේ බහුතර බලය ද අහිමි විය. යුරෝපා සංගමයේ ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජය ලබා ගැනීමට ඉතාලි පාර්ලිමේන්තුව කැමැත්ත පළ කිරීමත් සමඟ බර්ලූස්කෝනී, ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපෝලිටානෝ සමඟ සාකච්ඡා කොට ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේය. බර්ලූස්කෝනී පෙරේදා (12) සවස ඉතාලි ජනාධිපති නැපෝලිටානෝ හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුට නිල වශයෙන් බාර දුන් අවස්ථාවේ ද රෝම අගනුවර පිහිටි ජනපති මන්දිරය ඉදිරිපිට බර්ලූස්කෝනී විරෝධීහු දහස් ගණනින් රැස්ව සිටියහ. විරෝධතා පුවරු අතැතිව සිටි එම පිරිස බර්ලූස්කෝනී ජනපති මන්දිරයෙන් එළියට එද්දී පරුෂ වචනයෙන් බැණ වදින්න වූහ. ධුරයෙන් ඉවත් වී මාධ්‍ය හමුවක් පවත්වමින් බර්ලූස්කෝනී කියා සිටියේ ජනපති මන්දිරයෙන් පිටවී යද්දී තමාට අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවූ බවය. ඉතාලියේ නව අන්තර්වාර අගමැති ලෙස ප්‍රවීණ දේශපාලනඥයකු, ආර්ථික විශේෂඥයකු මෙන්ම යුරෝපා සංගමයේ කොමසාරිස්වරයා ද වන මාරියෝ මොන්ටී පත් කිරීමට ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපෝලිටානෝ තීරණය කර ඇත. ඊයේ (13) පිහිටවූ ඉතාලි නව රජයේ මෙන්ම නව අගමැතිවරයාගේ ද ප්‍රධානතම අභියෝගය වන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමය. එහෙත් එය පහසු කටයුත්තක් නොවනු ඇති බවත් එය මහත් අභියෝගයක් වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආර්ථික අර්බුදය හමුවේ ඉතාලි අගමැති ඉල්ලා අස්වේ