ආජන්ටිනාවේ පැවැති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා දෙවන වරටත් බලයට පත්වීමට මධ්‍ය වාමාංශික දේශපාලනඥයෙකු වන එරට හිටපු අගමැතිනී කි‍්‍රස්ටිනා කර්ච්නර් පෙරේදා (23) සමත් වූවාය. ඡන්ද ප්‍රතිඵලවලින් අඩක් නිකුත් කර තිබියදී බුවනෝස් අයර්ස්හිදී පැවැති රැස්වීමක දී ඇය කියා සිටියේ නැවත වරක් එරට ජනාධිපති ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව වීම පිළිබඳ තමා සතුටු වන බවයි. ඒ වන විට ඇයට සියයට පනස්තුනක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබුණි. ඇගේ ප්‍රතිවාදියා වූ හර්මෙස් බිනර් සියයට දහහතක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර එවන් විශාල පරතරයකින් ජනාධිපතිවරණයක් ජයගෙන තිබුණේ මීට පෙර ආජන්ටිනාවේ සියයට හැට දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබා බලයට පත් වූ ජෙනරාල් ජුවාන් ඩුමින්ගෝ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වාර්තා කළේය. ජනාධිපති මන්දිරය ඉදිරිපිටට රැස්වූ දහස්ගණන් ජනයා නිල් සහ සුදු වර්ණවලින් යුත් ධජ ලෙළදවමින් පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. ක්‍රිස්ටිනා කර්ච්නර්ගේ සැමියා වූ, 2003 වසරේ සිට 2007 දක්වා ආජන්ටිනා ජනාධිපතිවරයාව සිටි නෙස්ටර් කර්ච්නර් ආරම්භ කළ විශ්‍රාම වැටුප්, ළමා සුභසාධනය සහ ප්‍රවාහන අංශයන් දියුණු කිරීම උදෙසා ඇරඹූ සමාජ සේවා වැඩසටහන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට ඇය දැවැන්ත උත්සාහයක් ගත්තාය. නෙස්ටර් කර්ච්නර් 2001 දී ආර්ජන්ටිනාවේ ඇතිවූ ආර්ථික අවපාතයෙන් රට ගොඩ ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය. ආජන්ටිනාව බහුල වශයෙන් භාණ්ඩ අපනයනය කරනුයේ චීනයට සහ බ්‍රසීලයට වන අතර ලබන වසර වන විට එය එරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බව කර්ච්නර්ගේ විරුද්ධ පාක්ෂිකයා වන හර්මස් බිනර් පවසයි. එරට පවතින උද්ධමනය සම්බන්ධයෙන් විසඳුම් සහිත විධිමත් දේශපාලන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම බිනර්ගේ පරාජයට තුඩු දුන් එක් හේතුවක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ දකිති.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආජන්ටිනාවේ හිටපු අගමැතිනි කි්රස්ටිනාට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක්