තවත් සත්ත්ව විශේෂයක් මිහිමතින් සදහටම වඳවී යෑම සනිටුහන් කරමින් පෘථිවියේ ජීවත්වූ අවසන් සුදු රයිනෝසිරස් සත්ත්වයා කෙන්යාවේදී මියගිය බව වාර්තා වේ. කෙන්යාවේ ඔල් පෙජේටා රක්ෂිතයේ ජීවත්වූ සුඩාන් නම් මෙම සත්ත්වයා මියයන විට 45වන වියේ පසුවිය.
වයෝවෘද්ධ වීම නිසා සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම හේතුවෙන් සුඩාන් මියගිය බව වෛද්‍යවරු පවසති. උතුරු සුදු රයිනෝ ලෙස හැඳින්වුණු මෙම උප විශේෂයේ සතුන් 2000ක් පමණ 1960 දශකය වන විට ජීවත්ව සිටි නමුත් මොවුන්ගේ නිජබිම වූ අප්‍රිකා මහද්වීපයේ යුධගැටුම් හේතුවෙන් හා අං සඳහා මරාදැමීම හේතුවෙන් සුදු රයිනෝවන් සීඝ්‍රයෙන් වඳවී යන්නට විය.
සුදු රයිනෝසිරස් පරම්පරාවේඉතිරිවී සිටින සතුන් දෙදෙනාම ගැහැණු සතුන් වේ. ඔවුන් සුඩාන්ගේ දියණිය වන"නජිත්" සහ ඇගේ දියණිය වන "ෆාටු" ය.
දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේ ඔල් පෙජේටා රක්ෂිතයේ ජීවත්වු සුඩාන් අවසාන කාලයේ පාදයේ අබාධයකින් පෙළුණු බව වෛද්‍යවරු පවසති.
(බීබිසී ඇසුරිනි - 085)
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අවසන් සුදු රයිනෝ මියයයි