IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අවසන් කථාවේදී ඔබාමා සංවේදී වෙයි

ඇතිවී ඇති වෙනස්කම් මගින් ඇමරිකාවේ වැසියන්ට යහපත් අනාගතයක් උදාවනු ඇතැයි ජනපති ධූරයේ සිටිමින් අවසන් වරට ජාතිය ඇමැතූ බැරක් ඔබාමා මහතා ප්‍රකාශ කළේය.

තමන්ට සහයෝගය පළ කළ සියලු දෙනාට ස්තූතිය පළ කරන බවද ඔබාමා මහතා අවසන් කථාවේදී සඳහන් කළේය. හැඬුම්බරව සංවේදීව ඇමරිකා ජනපතිවරයා සිදුකළ සමුගැනීමේ කථාව ලොව පුරා බොහෝ පිරිසකට ද සංවේදී අවස්ථාවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

‘ඔව් අපිට පුළුවන්‘ යැයි ඔබාමා අවසාන වශයෙන් කීවේය. ‘ඔව් අපි කළා‘ යැයි රැස්ව සිටි පිරිස හඬ නැගූහ. ඔබාමා ජනපති පදවියේ සිට කළ අවසන් කථාව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එලෙසිනි. 

web5858



අදහස් (0)

අවසන් කථාවේදී ඔබාමා සංවේදී වෙයි

බන්දුල Saturday, 14 January 2017 11:36 PM

සුනිල්, කියන්නකෝ එයා ගැන විස්තර ටිකක් අපටත් දැනගන්න. කොහොමද එයා විශිෂ්ටතම නායකයෙක් වුණේ කියලා. (නි)

:       4       0

බමුණුසිංහ Saturday, 14 January 2017 11:40 PM

සුසිල්, එහෙනම් කොහොමද ට්‍රම්ප් දිනන්නේ. එ්කත් කියන්නකෝ. (නි)

:       0       0

හේවා Saturday, 14 January 2017 01:34 AM

ඔබාමා වැනි අය නැවත බිහිනොවේවි (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 14 January 2017 11:42 PM

හේවා, ඔබාමා විතරක් නොවෙයි, හිලරි වගේ අයත් බිහිනොවේවා කියා ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

රන්දෙණිය Tuesday, 17 January 2017 09:21 AM

කොහොම වුනත් ඇමෙරිකානු ඉතිහාසයේ හිටපු හොඳ ජනාධිපතිවරුන්ගෙන් කෙනෙක් ඔබාමා. (බ)

:       0       0

කරුණාපාල Thursday, 12 January 2017 01:58 PM

ලංකාවේ ඉන්න සමහර අයට උතුම් මිනිසෙකුගේ වටිනාකමක් වැටහෙන්නේ කොහොමද? (හේ)

:       0       0

දහම් Wednesday, 11 January 2017 04:46 PM

කොට්ට පැදුරුත් අරන් උදෙන්ම පැනලාගිය නායකයෝ ඉන්න අපේ රටේ ඔබාමා නියම නායකයෙක් (නි)

:       0       0

සේනක Sunday, 15 January 2017 07:05 PM

ඔබාමා ගැන තක්සේරුවක් කරන්න ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු 43 කුගේ කාර්ය සාඵල්‍යතාවය ගැන තොරතුරු හොයලා බලන්න වෙනවා. (නි)

:       0       0

යහම්පත් නලින් Wednesday, 11 January 2017 07:52 PM

බලයෙන් යෑමට සිදුවීමත්, තිබු වරප්‍රසාද නොමැතිවීමත් නිසා ඇතිවූ දුකට වෙන්න පුලුවන් (නි)

:       0       0

සුනිල් Saturday, 14 January 2017 06:35 AM

ඔබාමා අමෙරිකාවෙන් බිහිවූ විශිෂ්ටතම නායකයෙක්. (අ)

:       0       0

අජිත් Monday, 16 January 2017 02:47 AM

ඔබාමා පමණක් නොව දැන් බලයට පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් පිළිබද දරන්නේ එකම විදේශ ප්‍රතිපතියක්. යථා කාලයේ බොහොම පැහැදිලිව කාට කාටත් බලාගන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත හැටියට නිකී හෙළී පත්කිරීමෙන්ම එය මනාව පැහැදිලි වෙනවා (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 12 January 2017 01:50 AM

මම දුටුව දුර්වලම පාලකයින්ගෙන් කෙනෙක්. (නි)

:       0       0

සජිත් Thursday, 12 January 2017 02:13 AM

කොහොම වුණත් ඔබාමා හොඳ නායකයෙක් (නි)

:       0       0

ඇසළ Friday, 13 January 2017 02:21 PM

දහම්, එහෙම ගිය නායකයට පින් සිද්ද වෙන්න තමයි තමුනුත් මමත් අනිත් අයත් අද බයක් සැකක නැතුව පාරේ බැහැලා යන්නේ. (හේ)

:       0       0

අජිත් Friday, 13 January 2017 03:46 AM

ඔබාමා ඇමෙරිකාවේ පහළ වූ හොඳම නායකයෙක්. ඔහුගේ අගය දැන් බලයට පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ පටන් ගත්තහම තවත් කැපිලා පෙනේවි

:       0       0

නිම්මි Thursday, 12 January 2017 03:27 AM

ඔබාමා කියන්නේ ආදර්ශවත් නායකයෙක් (නි)

:       0       0

ජයාත් Thursday, 12 January 2017 03:29 AM

මෙතුමාගේ දේශපාලනය ගැන මටත් ප්‍රශ්න තියනවා. නමුත් මෙයා සංවේදී මනුෂ්‍යයෙක්. මීට කලිනුත් වතාවක් ප්‍රශ්නෙකදී මෙතුමා සංවේදී වුණා (නි)

:       0       0

රවිනි Wednesday, 11 January 2017 10:39 AM

එයාගේ අනුමැතියෙන් මරපු අහිංසක මිනිස්සු ගැන මතක්වෙලා වෙන්නැති අඩන්නේ. (අ)

:       0       0

සුසිල් Thursday, 12 January 2017 03:53 AM

ඇමෙරිකාවේ සිටින අය තමයි දන්නෙ ඔබාමා හොඳද නැද්ද කියන එක. අද වනවිටත් 57% ක් ඇමෙරිකානුවෝ ඔබාමාව අනුමත කරනවා හොඳ ජනාධිපති කෙනෙක් හැටියට (නි)

:       0       0

හිරා Wednesday, 11 January 2017 11:14 AM

මෙයාල ලංකාවට දුන්න ඩබල් ගේම් වලට හරිනම් අවසන් කතාවේදී සිහි විකල් ව ඇදගෙන වැටෙන්න ඕනේ ඉන්න තැනම. (අ)

:       0       0

රිචි බාලසුරිය Friday, 13 January 2017 06:35 PM

කාට වුණත් තමාගේ බලය නැතිවන විට, විඳපු සැප සම්පත් නැතිවන විට දුකක් සිතෙනවා කඳුළු එනවා. (නි)

:       0       0

කුමාර පමුණුව Friday, 13 January 2017 06:40 PM

දමිළ ජාතිකයන් සනසන්න ලංකාවට කරපු දේවල් ඔබාමා සහ ඔහුගේ සහයෙන් පැරදුන හිලරි ගැන දන්නා සිංහල ලාංකිකයකු මොහු ගැන උදම් අනන්නේ නැහැ. එහෙම කරන්නේ නොදන්නා අය. ලංකාව පමණක් නොව මොහුගේ බලය කාලයේ කොපමණ රටවල් මොහු අස්ථාවර කර සිටි නායකයන් මරා හෝ රජයන් වෙනස කළාද දන්නේ සුළුතර කොටසක් (නි)

:       0       0

දහම් Monday, 16 January 2017 07:31 AM

මෙයාලා විඳි සැප මතක්වෙනකොට දුකට ඇ‍ඬෙනවා. (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 17 January 2017 07:02 AM

ඔහු නියම මහත්මයෙක් (නි)

:       0       0

ලියනගේ Friday, 13 January 2017 05:49 AM

මෙහි තිබෙන පාඨක අදහස් කියවනකොට හරිම කණගාටු හිතෙනවා. ඇමරිකන් ජනාධිපතිවරුන් ගැන හොඳ අධ්‍යයනයක් නැහැ (නි)

:       0       0

රංග Thursday, 12 January 2017 09:41 AM

බලය දාල යනකොට තියන දුක...!!! අන්න ආර්යාව එනවලු 2020 දී..!! (අ) 9

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 160 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 99 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 89 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 133 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site