IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අල්කයිඩා සටන්කාමීහු තුර්කි දේශසීමාවේ සිරියා නගරයක් අල්ලති

සිරියා තුර්කි දේශසීමාවේ පිහිටි සිරියාවට අයත් අසාස් නමැති නගරය අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවන් සමඟ එක් වී සිටින අල් කයිඩා සාමාජිකයෝ ඊයේ (19) සමත් වූහ.

අසාස් නගරය පිහිටා ඇත්තේ සිරියානු තුර්කි දේශසීමාවේ සිට කිලෝ මීටර් 5 ක් පමණ දුරිනි. අල් කයිඩාව එම නගරය අත්පත් කර ගත්තේ එහි ආරක්ෂාවට සිටි සිරියානු රජයේ හමුදා සෙබළුන් සමඟ පැය පහක පමණ කාලයක් පුරා සටන් කිරීමෙන් ද පසුවය. එම ප‍්‍රහාරයෙන් සිරියානු රජයේ හමුදා සෙබළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අසාස් නගරය අල් කයිඩාව අතට පත් වීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ජාතිය අමතමින් කියා සිටියේ රට අල් කයිඩාව අතට පත් වීමේ අවදානමක් පවතින බවය.

සිරියානු සිවිල් යුද්ධයේදී, සිරියානු රජය පෙරැළීමට සටන් කරන කැරැලිකාර පාර්ශ්වය පිහිටුවා ඇති ‘නිදහස් සිරියානු හමුදාව’ ට සහාය දෙන්නේ ඉරාකයෙන් සිරියාවට පැමිණ සිටින සුන්නි මුස්ලිම් අල් කයිඩා සාමාජිකයෝය.

සිරියානු රජයේ හමුදාව ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට අදිමදි කරන්නේ ද අල් කයිඩා සාමාජිකයන් සිරියානු අර්බුදයට මැදිහත් වී සිටින නිසාය.

සිරියානු රජය පෙරළා දැමීමට ඇමෙරිකාව එසේ ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළොත්, සිරියාවේ බලය හිමිවන්නේ අල් කයිඩාවේ සහාය ලබන කැරැලිකරුවන්ටය. එය, ඇමෙරිකාවේ හිතවතුන් වන ඊශ‍්‍රායලය, සෞදි අරාබිය සහ කටාර් යන රටවලට තර්ජනයක් වනු ඇත.

සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රෙජීමය සමඟ සටන් කරන වඩාත් ප‍්‍රබල කැරැලිකාර කණ්ඩායම වන්නේ ජබාත් අල් නුස්රා පෙරමුණය. නුස්රා පෙරමුණ ත‍්‍රස්ත සංවිධානයක් යැයි නම් කරමින් එය හුදෙකලා කිරීමට ඇමෙරිකාව උත්සහ කළේ ඉකුත් වසරේදීය.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන පරිදි, ඇමෙරිකාව සතුටු වන්නේ අසාද් රෙජීමය බිඳ දැමීමෙන් පසු නිදහස් ස්වාධීන විපක්ෂ දේශපාලන කණ්ඩායම් හෝ ඇමෙරිකාවේ හෝ ඇමෙරිකාවේ මිතුරා වන සෞදි අරාබියේ හෝ හඬට කීකරු මධ්‍යස්ථමතධාරී ඉස්ලාමීය දේශපාලන කණ්ඩායම් සිරියාවේ බලයට පැමිණෙන්නේ නම් පමණි.

කෙසේ නමුත් එවැනි කිසිදු දේශපාලන කණ්ඩායමක් කැරැුලිකරුවන් අතර නොසිටින බව එම විචාරකයෝ පැහැදිලි කරති. එම නිසා මේ වනවිට ඇමෙරිකාවේ ඉලක්කය වී ඇත්තේ සිරියාවෙන් පිටුවහල් කළ අසාද්ට වෛර කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට අසාද්ගෙන් පසු සිරියාවේ පාලන බලය ලබා දීමය.

සිරියානු අර්බුදයේදී වැඩි වාසි අත්වන්නේ අසාද්ට යැයි ද විචාරකයෝ පෙන්වා දෙති. කිසියම් හෝ අවස්ථාවක ඇමෙරිකාව යුද ප‍්‍රකාශ කළොත්, ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ සිදු කළ අයුරින් මහා පරිමානයේ හමුදාමය මැදිහත් වීමක් නොකරන බව ජනපති බෂීර් අල් අසාද් දනී.
 

සිරියානු කැරැලිකරුවෝ

 



අදහස් (0)

අල්කයිඩා සටන්කාමීහු තුර්කි දේශසීමාවේ සිරියා නගරයක් අල්ලති

චින්තක පෙරේරා Friday, 20 September 2013 07:34 PM

අපේ රට මුස්ලිම් පුරයක් කරන්න දත කන කට්ටියගේ මුල් තියෙන්නේ ඔය කා කොටා ගන්න අය අතරේ තමයි. ඒ වුනාට මෙහෙ අය අපිට බණ කියන්නේ සාමය සමානාත්මතාව ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මේ අය ඉන්න කොයි රටෙත් ගැටුම් තියෙනවා. ඒ එය ඉතිහාසයේ ඉඳන් අරගෙන එන ගුණාංග නිසා. (අ)

:       0       0

සසු Saturday, 21 September 2013 06:35 PM

තුවාන්, ඇත්තටම ඔයාලගේ දෙවියන් වහන්සේ කිවුවද සුන්නි අයව නැති කරන්න කියලා හරි ෂියා අය නැති කරන්න කියලා. දැන් කෝකද වස? (නි)

:       0       0

කෙවින් Sunday, 22 September 2013 05:01 PM

ඉර්ෆාන්,ඔය වගේ දේවල් අනිත් හැම ආගමකම නායකයන් කියලා තියෙනවා.ඔවුන් ගේ ආගම් වලට අනුව මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා කතෝලික ,බෞද්ධ .හින්දු වගේ ආගම් ටිකක් හදාරලා බැලුවොත් ඔබට තේරේවි (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 20 September 2013 08:18 PM

ලුම්බිණි, තව ටිකක් ලෝකය ගැන, ලෝක ඉතිහාසය ගැන, ඇමෙරිකාව ගැන, මුස්ලිම් ලෝකය ගැන, අරාබි වසන්ත ගැන හදාරලා හොයලා බලලා අදහස් දාන්න.සිරියාවේ කොහෙද ලුම්බිණි නිදහස් හමුදා? මේ ඔක්කොම ඉටු කරන්නේ කාගෙ හරි කොන්ත්‍රාත්තු.ඔය සටනේ දිනන කෙනෙක් නැහැ..ඔක්කොම දැනටමත් පරාදයි.ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරත් එක්කම.... (නි)

:       0       0

බණ්ඩා Friday, 20 September 2013 08:28 PM

සුන්නි මුස්ලිම්ට ජයවේවා! (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 23 September 2013 04:03 PM

රිෂාඩ්, නිර්මාතෘ මිනිසා නෙමෙයි නම් එම දෙවියා මිනිසා දැක තිබේද? (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 21 September 2013 11:14 AM

මම හිතන්නේ මිනිසාගේ සිතුම් පැතුම් වෙනස් කරන්නේ ඔහුගේ ආගමෙන් කියා මුලධරර්මවාදී අදහස් සිතපුරවාගෙන ජීවිතයේ විනාසය කාරයන මාවත සොයමින් යන්නේ ආගමකින් දෙන පණිවිඩයකින් නොවේද ? (අ)

:       0       0

ලංතේෂ් Friday, 20 September 2013 09:55 PM

අපිට ඔය සිරියාවත්, සිරියානු සටන්කාමීනුත්, ඇමරිකාවත් අපිට වැඩක් නැහැ. ඔය ඔක්කොම බලන් ඉන්නේ අපිව නැතිකරන්න.(නදී)

:       0       0

තුවාන් Saturday, 21 September 2013 11:21 AM

ඉදුනිල්, ඔයාගේ කීම 100% හරි මන්ද පිළිලය කරන්නේ ගසේ සාරවත් දේ උරාබීම නොව ගසේ ඇති නොයෙකුත් වස විස උරා ගෙන විනාශ කිරීමයි, මේ පිළිබද දැඩි පරීක්ෂණ කැරෙමින් පවතී. මෙය සංසන්දනය කරන්න පරම සත්‍ය ඔබට වැටහෙයි(අ)

:       0       0

තුවාන් Sunday, 22 September 2013 11:50 AM

ඉදුනිල්, ඔයාගේ සිංහල දැනුම මොට්ට බව පෙනේ. මා ගසට උපමා කළේ මුළු මහත් මානව වර්ගයාවමයි (නි)

:       0       0

රිෂාර්ඩ් Sunday, 22 September 2013 12:06 PM

ඇත්තටම ඉස්ලාමයේ අවසාන කාලයේ මුස්ලිම්වරුන්ට එරෙහිව වංචාවක් සිද්ධවෙ ?එයත් ඔහු පැවසුවා (ස)

:       0       0

දිසානායක Monday, 23 September 2013 01:05 PM

අපිට කමක් නැහැ මුස්ලිම් පුද්ගලයන් මොන විදිහට ජීවත් උනත් මම අහන්නේ සෞදි අරාබිය ඇතුලේ වෙනත් ආගමක පුද්ගලෙක් මුස්ලිම් ආගමට නිග්‍රහ කලොත් ඔහුට වෙන ඉරණම කුමක්ද කියලයි. ඒ නිසා ඔහෙලගෙ ඒකාධිපති ආගම ගැන තව දුරටත් තර්ක කරන්න සුදානම් වෙන්න එපා .ඒ හෙළුව අපි සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් වල දකිනවා .මතක තියා ගන්න අමානුශික ලෙස තම ආගම හා ජාතිය පැතිරවීමේ විපාකයට මුස්ලිම් ප්‍රජාවට අනාගතයේ මුහුණ දෙන්න සිදුවන බව .ඇමරිකාව කරනුයේ එයයි. (ස)

:       0       0

රනා Friday, 20 September 2013 03:23 PM

ඇමරිකාව ඉල්ලගෙන කනවා වගේ. (ස)

:       0       0

ඉදුනිල් Saturday, 21 September 2013 10:32 PM

ඔයාල වස විස කියලා හිතන්නේ අනිත් ආගම් අදහන අය නේ. නේද තුවාන්? (නි)

:       0       0

අන්සර් Saturday, 21 September 2013 01:43 AM

අපේ අය ඉස්ලාම් ගැන ලෝකෙට දෙන ආදර්ශය මේකද? මට නම් දැන් එපා වෙලා. අපේම අය සුන්නි ශියා කිය කියා බෙදිලා. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 20 September 2013 03:56 PM

ආගමට අන්ධ වෙලා මිනි මරන්න උපදෙස් දෙන අය ගැන තීරණයක් ගන්න කාලය පැමිණ ඇත.ටිකෙන් ටික ඇමරිකාව කරනුයේ මෙයයි (නි)

:       0       0

සම්පත් Friday, 20 September 2013 04:11 PM

සෞදි අරාබිය පැත්තටත් ඕක පැතිරුනා නම්... (නි)

:       0       0

චමිල Monday, 23 September 2013 01:51 PM

මම ඉන්නේ කෙන්යාවේ නෛරෝබි නගරයේ සැප්තැම්බර් 21 දින සිට අද දින මේ මෝහොත දක්වා අල්-සහබාබ් ත්රස්තවාදීන් සුපිරි සාප්පු සංකීරණයක් යටත් කරගෙන පවතී.දැනට 69 දෙනෙකු මරනුවට පත්වී ඇත.මෙහි ලාංකිකයෝ සියගනනක් ජීවත් වන ප්‍රදේශයකි

:       0       0

රිෂාර්ඩ් Monday, 23 September 2013 02:02 PM

දිසානායක -ඉස්ලාම් යනු කාගේවත් බලකීරීමක් නොවේ එක පැතිරෙන එක වලක්වන්න බැහැ මොකද ?ඔකේ නිර්මාතෘ මිනිසා නොවේ.තම දහම හරි දෙයක් ලෙස ඔප්පු කළහැකිනම් හොඳා. (දී)

:       0       0

irfan dharma Sunday, 22 September 2013 01:16 AM

නබි තුමාගේ මරණයට පෙර එතුමා කල ප්‍රකශයක්නම් , ලොව අවසාන කාලය එළබෙන විට මුස්ලිම් වරුන් තම හිතුමතේ බෙදී වෙන්වී ඉස්ලාම් ආගම කොටස් 72 කට බෙදෙනු ඇත. නමුත් නිවැරදිම ආගම අදහන්නේ 1ක කොටසක් පමණි. අනිත් කොටස් 71කම වැරදි මග ගමන් කරනවා ඇත. යම් අයෙක් නබිතුමව සහ අල්ලාහ් දෙවියන්ගේ අණට කීකරු වේද . ඔහු ජයක්ග්‍රහනය ලබනු ඇත. (අ)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 24 September 2013 05:29 PM

දිසානායක, දෙවියන්ව මෙහෙ දකින්න බැහැ. හැබැයි සැබෑ දෙවියන් කව්ද කියලා නම් ඔප්පු කරන්න පුළුවන්.දකින දේ දෙවියන් කියන්න අද පැහැදිලි ශාක්ෂි නැහැ. ඔබට අවශ්‍යනම් එය සොයා යන්න අනිවාර්යයෙන්ම ඔබට එය මොනවද කියා දැනගන්නට පුළුවන් (නි)

:       0       0

කුමාරි Friday, 20 September 2013 10:47 AM

අනේ හැබෑට, මේ වෛරයෙන් අන්ධ වෙලා මරාගන්නේ එකම ආගමක මිනිස්සු නේද? (නි)

:       0       0

චමින්ද Friday, 20 September 2013 10:58 AM

ඇමරිකා සහය ලබන අල්කයිඩා සටන්කාමීන්... (නි)

:       0       0

මහේෂ් Tuesday, 01 October 2013 09:46 PM

පිළිලය කරන්නේ ගසේ සාරවත් දේ උරාබීම නොව ගසේ ඇති නොයෙකුත් වස විස උරාගෙන විනාශ කිරීමයි, මේ පිළිබද දැඩි පරීක්ෂණ කෙරෙමින් පවතී. මෙය සංසන්දනය කරන්න, පරම සත්‍ය ඔබට වැටහෙයි (නි)

:       0       0

ලුම්බිණි Friday, 20 September 2013 11:31 AM

මම හිතනවා සිරියානු නිදහස් හමුදාව පළමුව මේ අය එලවා දැමිය යුතුයි අසාද්ට වඩා. ඊට පසු අසාද් එලවන්න මහන්සි විය යුතුයි. එහම කලොත් බටහිර රට වල උදවු ගන්න පුළුවන්. (ස)

:       0       0

පන්ඬිර් Sunday, 22 September 2013 06:52 AM

අල්ලාහ්ගේ කැමැත්තටනේ ඔක්කොම වෙනවා කියන්නේ (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 21 September 2013 05:01 PM

තුවාන්,ඔබ අතර දෙවියන් සමාන මුස්ලිම් අයත් සිටිනවා. ඒ නිසා මෙතනින් එහාට යමක් ප්‍රකාශ කළොත් ඒ අයගේ හිත රිදේවි (නි)

:       0       0

රිෂාඩ් Saturday, 21 September 2013 09:13 AM

කර්මය කාටත් වෙනස්කල නොහැක එයය් සත්‍ය.සියල්ල දෙවියන් දනී (අ)

:       0       0

ඉදුනිල් Saturday, 21 September 2013 09:18 AM

මේ මුස්ලම් අය ලෝකෙටම පිළිලයක්(අ)

:       0       0

දම් Saturday, 21 September 2013 05:24 PM

ලෝකය කියන්නේ තෙල් ටික, තුවක්කුව, කුරානය විතරක්ම නොවෙන බව ලෝගුවෙන් සහ බුර්කාවෙන් එබී බලන්න සහෝදර වරුනි. උඹලගේ වල කපන්නේ පදනමක් නැති දේවල් හා පරිනාමයේ මුල් අවදියේ අරටුගත් සිතිවිලි නිසා යැයි මම සිතමි.(නදී)

:       0       0

මනෝජ් පිරිස් Saturday, 21 September 2013 09:32 AM

ලෝකයටම විනයක් මේ අය (නි)

:       0       0

කුමාර් Monday, 23 September 2013 08:35 PM

ඉස්ලාම් කියන්නේ කවුද කියලා කුරානයෙන් හා හදීදයෙන් ශාක්ෂි ඇතුව ඔප්පු කරන්නම්. (නි)

:       0       0

කුමාර් Monday, 23 September 2013 08:37 PM

රඝු, ඔයාට වලිගෙ හොඳටම පෑගිලා. (නි)

:       0       0

උදය Friday, 20 September 2013 06:56 PM

අහවල් කට්ටිය නම් ඊර්ෂ්‍යාව, වෛයිරය පළිගැනීම සමග ඉවසීම බින්දුවට බැස්ස කොට්ඨාශයක්. (නි)

:       0       0

රඝු Monday, 23 September 2013 06:03 AM

මම දන්නා වදයට "අල්ලාහ් " කියන වචනය ඇවිල්ලා තියෙන්නේ අරහත් (රහසින්වත් පව් නොකරන කියන පදයෙන්. එහෙම වුණේ මැද පෙරදිග මොහොමෙඩ් නබිතුමාට පෙර බුදු දහම තිබී එය ක්‍රමයෙන් විකෘති වෙලා බහු දේව වාදයක් වුණා. එයට හේතුව මැද පෙරදිග පැවත එන්නේ ඉන්දියාවෙන් පලා ගියපු ආර්ය නෙවන අයගෙන් නිසා.ඉස්ලාම් ආගම කියන්නේ බුදු දහමේ උග්‍ර දේවවාදී මත ගත දහමක්. (නි)

:       0       0

කාර් ලුයිස් Friday, 20 September 2013 12:17 PM

කවුද මේ රංජනී කියල අදහස් දාන මුසල්මානු සහෝදරයා? මෙයාලා ගැනත් යමක් සදහන් කළොත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 284 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 352 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 436 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 4598 3

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 3982 1

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 309 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1465 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site