බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
යුරෝපා සංගමයේ සාමාජික රටවල් හයක් ඔවුන්ගේ ජාතික අයවැය සැකසීමේදී එම සංගමයේ නීතිරීති කඩකරනු ඇතැයි යුරෝපා කොමිසම සඳහන් කරයි.
යූරෝ මුදල් ඒකකය භාවිත කරන කලාපයේ මෙම රටවල් යුරෝපා සංගමයේ අයවැය හිඟය පිළිබඳ නීතිරීති කඩකරනු ඇතැයි ද යුරෝපා සංගමයේ අවශ්‍යතාව මත රාජ්‍ය ණය කපා හැරීමට එම රටවල් අසමත්වනු ඇතැයි ද යුරෝපා සංගම් කොමිසම කියයි. මේ අනුව එම රටවල් ගොන්නට ඉතාලිය, ප්‍රංශය සහ බෙල්ජියම ද අයත්ව තිබේ.
ග්‍රීසිය හැර යුරෝපා සංගමයේ සියලු රටවල් ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සැලසුම්වල කෙටුම්පත් යුරෝපා කොමිසම විසින් විශ්ලේෂණය කරනු ලැබ තිබේ. එහිදි යුරෝපා සංගමයේ සාමාජික රටවල් අයවැය හිඟය සහ රාජ්‍ය ණය පිළිබඳ සීමාවලට අනුව කටයුතු කරනු ඇත්දැයි සලකා බලයි.
ජර්මනිය, ලිතුවේනියාව, ලැට්වියාව, ලක්ෂම්බර්ග්, ෆින්ලන්තිය, නෙදර්ලන්තය, එස්තෝනියාව, අයර්ලන්තය, සයිප්‍රසය, මෝල්ටාව සහ ස්ලෝවැකියාව යන රටවල් යුරෝපා සංගමයේ නීතිරීතිවලට සම්පූර්ණව හෝ පුළුල් ලෙස අනුකූලව කටයුතු කර ඇතැයි ද කොමිසම කියයි.
එහෙත් ඉතාලිය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, පෘතුගාලය සහ ස්ලෝවැනියාව යන රටවලට යුරෝපා සංගමයේ නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට නොහැකි වීමේ අවදානමක් ඇති වී ඇතැයි යුරෝපා කොමිසම කියයි. එම රටවල් ගොන්නට ප්‍රංශය ද අයත් යැයි ද කොමිසම තවදුරටත් කියයි.
යුරෝපා සංගමයේ නීතිරීතිවලට අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ට අඩු අගයකත් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 60කට අඩු අගයකත් පවත්වා ගත යුතුය.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අය වැය හදද්දී යුරෝපා සංගම් රටවල් හයක් නීති කඩලා