රජයට එරෙහි විරෝධතා පෙළපාළි පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බංග්ලාදේශ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් 33 දෙනකුට ඇප ලබා දීම අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ ඊට එරෙහිව ඊයේ (17) එරට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්විණි. අධිකරණයේ එම තීන්දුව දේශපාලනික හේතූ මත දෙන ලද්දක් යැයි බංග්ලාදේශ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ලාදේශ ජනතා පක්ෂය’ චෝදනා කරයි. වැඩ වර්ජනය සංවිධානය කළේ ද එම පක්ෂයයි. වැඩ වර්ජනයට අමතරව නඩු තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ ඩකා අගනුවර විරෝධතා පෙළපාළි ද පැවැත්විණි. විපක්ෂ ආධාරකරුවෝ පිරිසක් අධිකරණ ශාලව අසලදී වාහන කිහිපයකටත් බස් රථයකටත් පහර දී ගිනි තැබූහ. මීට අමතරව තවත් විපක්ෂ කි‍්‍රයාකාරීහු පිරිසක් මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට ද පහර දෙන්නට වූහ. කලහකාරීව හැසිරුණු එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර දෙපිරිස අතර දරුණු ගැටුමක් ඇති වූ බව ද වාර්තා වේ. බංග්ලාදේශයේ විරෝධතා පැවැත්වීම සහ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා මත පොලිස් අත්අඩංගුවේ පසුවන විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් අතරේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් සහ පක්ෂ මහ ලේකම්වරයා ද සිටියි. තවත් පක්ෂ නායකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටින නමුත් එම පිරිස පොලිසියෙන් බේරී කට්ටි පනිමින් සිටින බව ද වාර්තා වේ.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අධිකරණ තීන්දුවකට එරෙහිව බංග්ලාදේශයේ වැඩ වර්ජනයක්
සදමාලි Saturday, 19 May 2012 02:50 PM
අප වාසය කරන්නේ බංග්ලාදේශ් වල ,මේ විදිහේ වර්ජන සාමාන්‍ය දෙයක් වෙලා ,රටේ සියලුම වැඩ කටයුතු නවත්වන්නට විපක්ෂයට පුලුවන් එක නිවේදනයකින් ,සාමාන්‍ය ජනතාව පුදුම විදියට පීඩනයට පත් වෙනවා මේ ''හර්තාල් ''වලින්. පාසල් වසනව,විභාග කල් යනවා ,වාහන ධාවනය තහනම් නිසා ගොඩක් අපහසුතා ඇති වෙනවා ,නමුත් දැනට ඉන්න ආණ්ඩුව විපක්ෂට ආ දාටත් මේ දේ මේ ලෙසම සිදුවෙනවා