නාවිකයන් 44දෙනකු සමඟ පසුගිය බදාදා (15) අතුරුදන් වූ ආජන්ටිනාවට අයත් සබ්මැරීනයේ කාර්මික දෝශයක් හටගෙන ඇති බවත් එයින් නිකුත් වූ අවසාන පණිවුඩයේ සඳහන් වූයේ යැයි ආජන්ටිනා නාවික හමුදාව පවසයි.
මෙම සබ්මැරීනය ආජන්ටිනාවට අයත් මුහුදේ කිලෝමීටර් 430 ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිටියදී ගොඩබිම සමඟ පැවති සබඳතා බිඳවැටුණු බව වාර්තා විය.
සොනොර් උපකරණ යොදාගෙන දින හයක් තිස්සේ දකුණු අත්ලාන්තික් සාගරය පීරමින් මෙහෙයුම් සිදු කළද මෙතෙක් යාත්‍රාව සම්බන්ධ කිසිම තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මුහුද යට මෙහෙයුම් සිදු කරන විශේෂ කණ්ඩායමක් ඇමෙරිකාවෙන් ගෙන්වාගෙන තිබුණු අතර බෝට්ටු සහ ගුවන් යානා ද මෙහෙයුමට සම්බන්ධ විය. සෝනාර් උපකරණ වලට දැනුණු ශබ්ද සබ්මැරීනයෙන් නිකුත් වූ ඒවා නොවන බව පසුව වාර්තා විය.
සබ්මැරීනය ආජන්ටිනාවේ උශුරා නාවික කඳවුරේ සිට උතුරින් පිහිටි මාඩෙල් පෙටා කඳවුර වෙත යාත්‍රා කිරීමට නියමිතව තිබිණි.
1983 වර්ෂයේ ජර්මනියේ නිපදවා ඇති මෙම යාත්‍රාව දිගින් මීටර් 66ක් පමණ වන අතර පැයට කිලෝමීටර් 45ක වේගයෙන් ධාවනය කළහැකිය.
(බීබීසී ඇසුරිණි - 085)
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අතුරුදන් වු සබ්මැරීනයේ කාර්මික දෝෂයක්