1911 වසරේදී අඟහරු ග්‍රහයාගේ සිට පෘථිවියට කඩා වැටුණු බව සැළකෙන ග්රහකයක උපල (අග්නි මානික්‍යය)කොටස් ඇති බව අනාවරණයවීමත් සමග අඟහරු මත ජීවය පවතින්නේදැයි සොයා සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයන් වලට නව පණක් ලැබී ඇත.
උපල මානික්‍යය නැතහොත් අග්නි මානික්‍යය යනු ඉතාම දැඩි පාෂාණ වර්ගයක් වන අතර ඒවා සතුන්ගේ ජීවී කොටස් වසර දහස් ගණනක කාලයක් පුරාවට පොසිල ස්වරූපයෙන් රඳවා ගැනීමේ සමත්ය.
පෘථිවියට කඩා වැටුණු මෙම ග්‍රහකයේ තිබී උපල මානික්‍යය කොටස් හමුවීමත් සමග විද්‍යාඥයින්ගේ අවධානයද යොමුව ඇත්තේ මේ කරුණ කෙරෙහිය.අඟහරු මත ජීවය පැවතුනේනම් එහි ලකුණක් හෝ අනාවරණය කර ගැනීමට මෙම උපල මානික්‍යය කොටස් අධ්‍යනය කිරීමෙන් හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාසයෙන් සිටිති.
නක්ලා ලෙස නම් තබා තිබෙන මෙම ග්රහකය 1911 වසරේදී ඊජිප්තුවේ නක්ලා නගරයට කඩාවැටී ඇත්තකි.
ප්‍රබල ඉලෙක්ට්‍රෝන මයික්රෝස්කෝපයක් ආධාරයෙන් සිදුකෙරෙනු සියුම් පරීක්ෂාවකදී නක්ලා මත උපල මානික්‍යය කොටස් පවතින ලකුණු හදුනාගැනීමට විද්‍යාඥයින්ට හැකිව ඇත.
මෙම මානික්‍යය වර්ගය පෘථිවියේ නම් බොහෝවිට හමුවන්නේ උණුදිය උල්පත් පවතින ස්ථානයන් වලය.උණුදිය උල්පත් යනු බැක්ටීරියා හා තවත් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට ඉතාම සුදුසු පරිසරයක් සපයන්නක් වන අතර එනිසාවෙන්ම එවන් ස්ථාන වල තිබී හමුවන උපල මානික්යයන්ගේ බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවි පොසිලයන් බහුලව තැන්පත්ව තිබෙනු හඳුනාගැනීමට පිළිවන.
නක්ලා මත තිබෙන බවට පැවසෙන උපල මානික්‍යය කොටස් වලද ක්ෂුද්‍ර ජීවී පොසිලයන් තැන්පත්ව තිබීමට අවස්ථාව ඇතැයි විද්‍යාඥයින් පවසන්නේ මෙම කරුණ මත පිහිටාය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අඟහරු ජීවය සොයන්න ඉඟියක්
නාලනී Saturday, 11 July 2015 05:51 PM
බලන්න ලෝකය දිනෙන් දිනම දියුණු වන හැටි (නි)
රූපවතී Friday, 10 July 2015 06:55 PM
සුද්දෝ තමයි ඉතින් හැමදාම මේවා හොයාගන්නේ (නි)
නිහාල් Sunday, 12 July 2015 06:21 PM
රුපවති සයිප්‍රස් ගිහින් ඔහොම නම් ඇමරිකාවට ගියානම් ග්‍රීන් කාර්ඩ් ඇදිල අම්ම තාත්තටත් දොස් කියාවි (නදී)
ශ්‍රීනාත් Saturday, 11 July 2015 08:21 AM
රුපවතී මේවා හොයන්නේ සුද්දෝ, නැත්නම් ඔයාගේ ගෙදර ඉන්න කට්ටියද?කට ඇරියොත් මොකක් හරි මෝඩ කතාවක් තමයි කියන්නේ.ඔයාට ගෙදර වෙන වැඩක් පෙළක් නැද්ද මන් අහන්නේ? (අ)
හේවාවිතාරණ Sunday, 12 July 2015 02:32 AM
රූපවති, සුද්දෝ ගැනම වර්ණනා කරන්නේ සුද්දන්ට වැඩිය මිනිස්සු මේ ලෝකේ නැද්ද? ළිඳේ ඉන්න ගෙම්බන්ට මේවා ගැන අවබෝධයක් නැහැ (නි)
සුනෙත් Monday, 13 July 2015 09:46 PM
භක්ති අද ප්‍රතිචාර දාන්නෙත් මේ මිනිසුන් යමක් විද්‍යාවෙන් කරන නිසා. අඳුරේ අත පත ගාන්නේ ඔය වගේ වැදි යුගේ අය තමා. මීට වඩා දනාත්මකව හිතන්න (නදී)
ලලිත් Friday, 10 July 2015 08:39 PM
දැන් කට්ටිය නිධන් හාරන එක අතහැරලා යයිද දන්නෙ නැහැ මේ ගල් එකතු කරන්න. (නි)
කුමාර Friday, 10 July 2015 09:44 PM
මුළු විශ්වයම නිර්මාණය කළේ දෙවියන් තමා (නි)
සිසිර Friday, 10 July 2015 10:58 PM
මෙහෙම දෙයක් ආවාට, ගියාට කියන්නට තරම් මෝඩ මිනිසුන් නොවෙයි එම උදවිය.රූපවති හිතලා තියෙන්නේ ලංකාවේ ඉන්න බක පණ්ඩිතයෝ වගේ හිතලා වෙන්න ඇති. (නි)
හේවා Saturday, 11 July 2015 01:32 AM
මේ ආකාරයෙන් බලනවිට සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක වලින් එකක් අඟහරු ලොව වියහැකිය (නි)
ටෙරන්ස් Saturday, 11 July 2015 01:36 AM
තාක්ෂණය දිනෙන් දිනම දියුණුවෙනවා (නි)
අතුල Friday, 10 July 2015 07:33 AM
එතකොට අගහරු වල ජීවය මැව්වෙත් දෙවියෝද? (ස)
රුපාවති Friday, 10 July 2015 07:35 AM
1911 වසරේ මෙය අඟහරු ග්රහයගෙන්ම වැටුණයි කියලා කොහොමද විනිශ්චය කරන්නේ, ඒක වෙනත් ග්‍රහයකුගෙන් හෝ උල්කාපාතයකින් කොටසක් වැටුණා වෙන්නට බැරිද ? (ම)
පියලාල් Saturday, 11 July 2015 01:13 PM
රූපවතී සුද්දෝ කියන්නෙ හම සුදු අයටද? (අ)
සපුමල් Friday, 10 July 2015 08:17 AM
මේකේ අඟහරුගේ කෙසේ වෙතත් 1911 සිට මේ දක්වා පෘතුවියේ බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවි පොසිලයන් බහුලව මෙහි තැන්පත්ව තියෙන්න පුළුවන්. (ස)
භක්ති Sunday, 12 July 2015 01:26 PM
හෙමින් නමුත් මිනිසා මේවා සොයාගෙන යනවා.සතුටුයි.නමුත් කවදා මේවා හොයාගෙන ඉවර කරන්න පුළුවන් වේවිද?මේ විශ්වයේ විශාලත්වය ගැන බුදුන් වහන්සේගේ දේශනා වල සඳහන් වෙනවා.මේවා සොයලා ඉවරයක් කරන්න බැහැ කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා.එතරම් මේ මහා විශ්වය කෙළවරක් නැහැ.තවම මිනිසුන් යථාර්ථය තේරුම් අරගෙන නැහැ.අඳුරේ අත ගානවා වගේ ගමන් කරන්නේ.එන්න නියම මාර්ගයට.එවිට තේරුම් යාවි සියලුම දේවල් අද නැතත් සංසාරයේ කවදාක හෝ.එය සහතිකයි.ඔබට තෙරුවන් සරණ පතමි (නි)