IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


19 වැනි සංශෝධනයේ පටු අරමුණු

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස තෝරාගෙන යන්තම් මාස 4 ක ඇවෑමෙන් එළැඹි 2015 අප්‍රේල් මස 28 වන දින, 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 215 දෙනෙකුගේ ඡන්දයෙන් සම්මත කර ගැනිණ. එම අවස්ථාවේ, එක් අයෙක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර, තවත් අයෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඡන්දය විමසන අවස්ථාවේ හත් දෙනෙක් සභා ගර්භයේ නොසිටියහ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හදුන්වාදීමේ ව්‍යායාමයට රාජ්‍ය නොවන සංවිධානවල සහාය ද, හිමිවූ අතර එම ඇතැම් සංවිධානයන් ක්‍රියාත්මක වූයේ විදේශයන්හි සිටය. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඇතැමෙක්ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ආගමනයට සහයෝගය දුන්හ.

එය නැවත ආපස්සට හැරවීම යනු ජනපතිවරයා වෙත නැවතත් බලවත් විධායක බලතලයන් හිමිකර දීමක් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයට නොසැලෙන ස්ථීරසාර බල පදනමක් ද හිමිකරදීමක් වේ.


ප්‍රශ්න කරන්න එපා - ජනපතිවරයාගෙන් ඉල්ලීමක්

20 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකවීමට පෙර වුවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ අනුගමනය කරමින් සිටියේ දැඩි සහ ස්ථීර පිළිවෙතකි. ව්‍යවස්ථාවට සිදුකැරෙණ නව සංශෝධනය පිළිබදව අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගෙන පැය කිහිපයක් ගතවූ තැන ඔහු අවධාරණය කර කියා සිටියේ කුමන අවස්ථාවක හෝ තමා දැනට සිදුකර තිබෙන පත්වීම් වෙනස් කිරීමට කටයුතු නොකරන බවය.

මෙම පත්වීම් සම්බන්ධයෙන් අදහස් හා මත දැක්වීමෙන් සිදුවන්නේ එසේ එම පත්වීම්වලට අනුයුක්ත කළ පුද්ගලයින්ට ඔවුන්ගේ රාජකාරි හරිහැටි ඉටුකිරීමට සහ වගකීම් නිසි පරිදි දැරීමට නොහැකි වීම පමණක් නොව ඒ හරහා සමාජයේ ඔවුන්ව අඩු තක්සේරුවකට ලක්වීම නිසාවෙන් රජයේ කටයුතුද අඩපණ වීම යැයි ජනපතිවරයා පෙන්වා දී තිබේ. මෙම කාරණය, විශේෂයෙන් මාධ්‍ය සැළකීමේ දී ඉතා සංවේදී දෙයකි.

නොගැලපීම් සහ අඩුලුහුඩුකම් පවතී නම් ඒවා පෙන්වාදීම මාධ්‍යයේ වගකීමක් වන අතර එවැනි අවස්ථාවක දී ඒවා ප්‍රතික්ෂේප කිරීමට හෝ පැහැදිලි කිරීමට හෝ නීති මාර්ගයෙන් කටයුතු කිරීමට හෝ රජයට පැහැදිලි ලෙසම හැකියාවක් ඇත. එසේ නොකොට පවත්නා තත්ත්වය ආවරණය කිරීමට උත්සාහ කිරීම හානිකර මෙන්ම අවසානයේ වැඩි අලාභයක් සිදුවන්නට ද හේතු විය හැකිය. මේ කාරණය නිසාම ජනපති රාජපක්ෂ සිය තීරණය ගැන නැවත සිතා බැලීම වටී.

ආන්දෝලනයට තුඩුදී තිබෙන එවන් එක් පත්කිරීමක් වන්නේ හිටපු අමාත්‍යවරයෙක් වන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස අනුයුක්ත කිරීමය.

එවක කොටි ත්‍රස්තයින්ගේ යුද කටයුතුවලට පක්ෂව අදහස් දැක්වූ ආයතනයක් ලෙස ප්‍රකට, ඕස්ටේ්‍රලියාව පදනමේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ සාමය, එක්සත් භාවය සහ මානව හිමිකම් සදහා වන සමාජය නම් ආයතනය මොරගොඩගේ මෙම පත්කිරීම සම්බන්ධයෙන් නැවත වරක් සිතාබලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් උදක්ම ඉල්ලා සිටියේය. ඒ අරබයා ඔවුන් කරුණු 8ක් ගෙනහැර දක්වා තිබිණ. ඉන් එක් කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ බුද්ධි ක්ෂේත්‍රය නියෝජනය කරන සියලුම ආයතනයන්ගේ මුල් පෙල නිලධාරීන් සතිපතා පවත්වන බුද්ධි තොරතුරු සමාලෝචන රැස්වීමට ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සියේ (සීඅයිඒ) නිලධාරියකුටද අසුන් පැනවීමට මැදිහත්වූයේ යැයි මොරගොඩට එල්ලවී තිබෙන චෝදනාවයි.

සන්ඬේ ටයිම්ස් පුවත් පතට දැනගැනීමට හැකිවූ පරිදි එවැන්නක් සිදුව තිබෙන්නේ එසමයෙහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේය. කෙසේවුවත් මෙම උත්සාහය මාධ්‍ය හරහා අනාවරණය වීම සහ බුද්ධි අංශවල ඉහළ නිලධාරීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ නවතා දැමිණ. නමුත් ඒ වන විට සීඅයිඒ නිලධාරියාට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් විධික්‍රම පිළිබද පුලුල් අවබෝධයක් මෙන්ම අපගේ තොරතුරු මූලාශ්‍ර පිළිබද පවා දැනුමක්ද ලැබී අවසන්ව තිබිණ.

ගෙවුණු සතියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් වන රවිනාථ ආරියසිංහ මහතාව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද නම් කළේ ය. වර්තමානයේ එම තනතුර දරන රොඞ්නි පෙරේරා මහතා කොළඹට කැදවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන අතර මෙම නව තනතුර නිසා නොවන්නට ආරියසිංහට තවත් මාස 10 ක ඇවෑමෙන් සිය රාජ්‍යතාන්ත්‍රික රාජකාරි කටයුතුවලින් විශ්‍රාම යෑමට සිදුවන්නට තිබිණ.

අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ ඔහු මෙම තනතුර ලබාදීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකළේ ය. ආරියසිංහ මහතා දිවයිනෙන් පිටත්වීමට ප්‍රථම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුවණු ඇත. නව පත්කිරීම හා අදාළ නිල රාජකාරිමය කටයුතු මේ වන විට විදේශ කටයුතු අමාත්‍යංශයේ විදේශ පරිපාලන අංශය හරහා සිදුකැරෙමින් පවතී.

බ්‍රහස්පතින්දා පැවැති පුවත් සාකච්ඡාවකදී තුනෙන් දෙකක ජනවරමක් හිමිවණු ඇතැයි රජය නොසිතූ බව උදය ගම්මන්පිල මහතා පිළිගත්තේය.

“ඇත්තටම කියනවා නම්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයක් හිමිවේවිය කියා අපි හිතුවේ නැහැ”

එතැන ඔහු නිවැරදිය. එසේ හිමිවූ සුවිසල් ජනවරමින් සිදුකිරීමට යන ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබදව දැනුම්වත් රජයේ ආරංචි මාර්ගයක් පළකළ අදහස්වලට අනුව පැවති රජය සිදුකළ ඇතැම් ව්‍යවස්ථාමය වෙනස්කම් එසේ සිදුකර තිබෙන්නේ පටු අරමුණු පෙරදැරිවය.

ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුරවැසියන්ට මැතිවරණවලට තරග කිරීම තහනම් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට ජනපතිවරණයට තරග කිරීමට තිබෙන අවස්ථාව ව්‍යර්ථ කිරීමටය. ඒ නිසාම ඔහුට සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට සිදුවිය. නව සංශෝධන හරහා එම අවහිරය ව්‍යවස්ථාවෙන් ඉවත් කැරෙනු ඇත.

එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පෙන්වාදුන් ආකාරයට, ජනපතිවරණයක තරගකරුවෙක් ලෙස ඉදිරිපත්වීමට නම් වසය අවුරුදු 35 කට නොඅඩු පුද්ගලයෙක් විය යුතුයැයි සීමාවක් පනවා තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතාට ජනපතිවරණයකට ඉදිරිපත්වීමට තිබෙන අවස්ථාවට බාධා පැමිණවීමටය. එම වයස් සීමාව 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් දැන් අවුරුදු 30 ක් දක්වා පහතට ගෙනවිත් තිබේ.

මෙහිදී සදහන් කළ යුත්තේ 1985 අප්‍රේල් මස 10 වැනිදා උපන් නාමල් රාජපක්ෂගේ වයස දැනටමත් අවුරුදු 34 ක් බවය. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය නිසා බැසිල් රාජපක්ෂටද පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට නොහැකි විය. ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇතත්, එවන් පුද්ගලයෙක්ට රටේ අනෙක් පුරවැසියන්ට හිමිවන වරප්‍රසාදයන් ඒ අයුරින්ම හිමිවන්නේ නම් මැතිවරණයකට තරග කිරීමට තිබෙන අවස්ථාව ඔහුගෙන් හෝ ඇයගෙන් උදුරාගන්නේ ඇයි? යන්න මෙතැන නැගෙන තර්කය වේ.


ඉහත සඳහන් වූයේ එක් පැත්තකි. අනෙක් පැත්ත වන්නේ

දැනට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින ස්වාධීන කොමිසම් අවම වශයෙන් එකක් හෝ දෙකක් සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙණ හෝ වෙනස් කෙරෙණ ඉඩක් පැවතීමය. ඇතැම් ස්වාධීන කොමිෂන් සභා නව ව්‍යවස්ථාව හරහා හදුන්වාදීමට ඉඩ ඇත. ඒ අනුව, ජනපතිවරයා යටතට ගැනෙණු ඇති කොමිෂන් සභාවක් වන්නේ ජාතික පොලිස් කොමිසමයි.

දේශපාලන ඇගිලි ගැසීමකින් තොරව පොලිස් රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට අවකාශ සළසාදීමේ අරමුණ ඇතිව පිහිටැවුණ ද, එය ඉක්මනින්ම දේශපාලමය කාරණා මත මෙහෙයවෙන ව්‍යුහයක් බවට පත්විය. පැවති සිරිසේන-වික්‍රමසිංහ රජයට ඉතා මහගු මෙවලමක් වූ පොලිස් කොමිසම ඔවුන් යොදාගත්තේ තමන් අකමැති පොලිස් නිලධාරීන්ට දඩුවම් කිරීමට, ඔවුන්ව මාරු කිරීමට සහ තමන් කැමති පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට වැනි දේවලටය. මැදිහත්වීම අවශ්‍යවූ බොහෝ කාරණාවල දී පොලිස් කොමිසම නිකම්ම සිටියේය. මෙම තත්ත්වය පසුපස මෙතෙක් අනාවරණය නොවූ කාරණයක් ඇත.

ගෝඨාභය රාජපක්ෂ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කළ ඉහළ නිලධාරියෙක් පොලිස් කොමිසමේ වැදගත් තනතුරකට පත්කිරීමට වරක් පොලිස් දෙපාර්තමේන්තුව භාරව සිටි යහපාලන රජයේ දේශපාලඥයෙක් පියවර ගෙන ඇත. මෙහිලා දෙදෙන අතර සමීප සබඳතාවයක් පැවතී තිබෙන අතර, ඔවුන් දෙදෙනම නියෝජනය කර තිබෙන්නේ එකම ඡන්ද කොට්ඨාසයකි.

මෙම නිලධාරියා පොලිස් කොමිසම පිහිටැවුණු ඒ සැබෑ අරමුණු පැහැර හරිමින් සිරිසේන-වික්‍රමසිංහ රජය තමාට ලබාදුන් නියෝගයන් ඒ අයුරින්ම ඉෂ්ට කර තිබේ. මෙම නිලධාරියා ඊට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කළ සමයේ ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් ද, විමර්ශනයක් පැවැත්වෙමින් තිබේ. එම විමර්ශනය යටතේ අත්අඩංගුවට පත්වීමෙන් ගැලවී ගැනීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතු ලිපි ලේඛණ පෙන්වා සිටිමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා විවිධ අකටයුතුකම්වල නිරතව ඇතැයි චෝදනා කර අධිකරණ නියෝගයක් ලබාගැනීමට මෙම නිලධාරියා උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය.


පාර්ලිමේන්තු කවුන්සිලය

ස්වාධීන කොමිෂන් සභාවල අග්‍රස්ථානයේ තිබෙණු ඇත්තේ පාර්ලිමේන්තු කවුන්සිලයකි. අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා, අගමැතිවරයා නම් කරන පුද්ගලයෙක් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්) සහ විපක්ෂ නායකයා නම් කරන පුද්ගලයෙක් (තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්), එහි සාමාජිකයන් වනු ඇත.

 විවිධ කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් ලෙස ජනපතිවරයා නම් කරන පුද්ගලයින් පිළිබදව නිරීක්ෂණ ලබාදීම මෙම කවුන්සිලය මගින් සිදුකරණු ඇත. සතියක් ඇතුළත මෙම නිරීක්ෂණ ලබාදිය යුතුවන අතර එසේ නොවුනහොත් ජනපතිවරයා ඔහුගේ නියමය පරිදි අදාළ පත්කිරීම් සිදුකරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙම පත්කිරීම් සිදුකිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට හිමිකර දී තිබිණ. ඒ වෙනුවට 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එන නව කවුන්සිලයට හැක්කේ ජනපතිවරයාගේ පත්කිරීම් සම්බන්ධව සිය නිරීක්ෂණ ලබාදීමට පමණකි.

ව්‍යවස්ථාදායක සභාව ද, බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක වූයේ දේශපාලන මෙවලමක් ලෙසය. පොලිස්පතිවරයා ඇතුලු විවිධ තනතුරුවලට පුද්ගලයින් පත්කළේ එයයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ එවන් තනතුරුවලට පුද්ගලයින් පත්කිරීමට හැක්කේ ජනපතිවරයාටම පමණකි. දේශපාලනමය ගැතිකම් ඇති පුද්ගලයින් මෙවන් උසස් තනතුරුවලට පත්වීම වැළැක්වීමේ අරමුණින් ව්‍යවස්ථාදායක සභාව පිහිටැවුණේ වුවද එයින් සිදුවූයේ අනෙකකි. ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් ලෙස ඔවුන් පත්කළේම ඔවුන්ට හිතැති පුද්ගලයින්වය. ඒ අනුව ගත්කළ දැන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනපතිවරයා ඔහුගේ තෝරාගැනීම සිදුකරනු ඇත.

ජනපතිවරයාගේ සහ රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයා හැකි පුද්ගලයෙක් පත්කිරීමට ජනපතිවරයාටම අවස්ථාව ලැබෙන නිසා මෙය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායක වේ. පසුගිය සමයේ සිදුවූ ආකාරයට ජනපතිවරයා වෙනුවට ව්‍යවස්ථාදායක සභාව එම තීරණ ගැනීම, යහපත් අරමුණු සහිතව සිදුවුවද, එසේ යහපතක් සිදුවූ බවට පෙන්වීමට තරම් දෙයක් නොමැත.

20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට, මැතිවරණ කොමිසමට, මහජන සේවා කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, මානව හිමිකම් කොමිසමට, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට, මුල්‍ය කොමිසමට සහ සීමානීර්ණ කොමිසමට, සාමාජිකයන් පත්කරණු ඇත්තේ ජනපතිවරයාය. අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, නීතිපතිවරයා, විගනකාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ ඔම්බුඞ්ස්මන්වරයා යන තනතුරුවලට පුද්ගලයින් පත්කරණු ඇත්තේ ඔහුය. නව වයවස්ථා සංශෝධනය යටතේ වුව තොරතුරු දැනගැනීමේ අයිතිය එළෙසම පවතිණු ඇත.


ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර

 



අදහස් (5)

19 වැනි සංශෝධනයේ පටු අරමුණු

රසික Tuesday, 08 September 2020 09:17 AM

ඉතිං මේක හතරබීරි කතාවක්නේ. 19 යටතේ ව්‍යවස්ථාදායක සභාවේ අය කලේ ජනාධිපති, අගමැති ඕන අය පත්කිරීම නම්, ඒක තිබුණොත් දැනුත් වෙන්නේ ඒකමනේ... බොරුවට මොකටද සංශෝධන ගේන්නේ? කන්න ඕනෑ වුණාම කබරයා තලගොයා වෙනවා කියන්නේ මේකට තමයි.

:       1       53

Bamunuarachchi Tuesday, 08 September 2020 12:47 PM

හලෝ 19 ඇති කළෙත් පටු අරමුණකින් නේද? මූලික අරමුණ වුණේ ගෝඨාභය ජනාධිපති වීම වළක්වන්න. ඒ සමගම ජනාධිපතිට ඇති බලතල අගමැතිට අරගෙන සැමදාම රනිල් බලයේ ඉන්න. දැන් වැඩේ වැරදුණා නේද? සිරිසේනත් තිබුණු බලතල දුන්නා ජනපතිකමේ කරදරයක් නැතිව ඉන්න.

:       32       15

ranaWednesday, 09 September 2020 02:17 AM

19 යෙත් ගෝඨාභය ජනාධිපති වීම වැලක් වීමෙත් අතර සම්බන්ධය කුමක්ද ? කඩෙ යෑමේ සිමාවක්ම නැද්ද ? වෙනසකට කිවොත් නරකද චොකා මල්ලි පාර්ලිමේන්තුවට එන එක නවත් වන්න 19 ගෙනවා කියා ?

:       0       17

Champa Tuesday, 08 September 2020 05:06 PM

ද්විත්ව පුරවැසියන්ට තියෙන බාධකය ඉවත් කළාම රටේ ජනාධිපති හොරට ඉවත් කර (නො)ගත්ත ඇමරිකන් පුරවැසිභාවය තවදුරටත් වලංගු වෙයිද දන්නේ නැහැ. මේකේ තියෙන භයානකකම නම් ලංකාවේ ජනාධිපති සහ අගැමති දෙන්නම ඇමරිකන් පුරවැසියන් වෙලා මේ රට ඇමරිකාවට ඕනේ විදිහට පාලනය වෙන්න පුළුවන් වීම. මේක මම දැන් කියන දෙයක් නෙමෙයි. ජනාධිපතිවරණයට ගෝඨාභයට නාම යෝජනා දුන්නු දවසෙම මම කිව්වා අනාගතයේ දවසක ලංකාවේ ජනාධිපති, අගැමති දෙන්නම ඇමරිකන් පුරවැසියන් වෙන්න ඉඩ තියෙනවා කියලා. අද 20 වෙනි සංශෝධනය හරහා සිද්ධ වෙන්නේ ඒක. 19ක් අල්ලාගෙන දඟලනවා. වෙනස් කරනවා නම් කරන්න තව කොච්චර දේවල් තියෙනවද? උදාහරණයක් විදිහට එක වරකට බිලියන් 10 බැගින්, දෙවරකට බිලියන් 20ක් වියදම් කරලා තියන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දවසේ තියන්න පුළුවන්. එක ඡන්ද දායකයෙකුට ඡන්ද පත්‍රිකා දෙකක් ලැබෙනවා. සමානුපාතික ක්‍රමය ඉවත් වෙනවා නම්, ඡන්ද පත්‍රිකාව ඉබේම සරල වෙනවා. එතකොට ඕනේ නම් එකම ඡන්ද පත්‍රිකාවේ දෙපැත්ත වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මොන තරම් මුදලක් ඉතිරි කරගන්න පුළුවන්ද?

:       0       14

චිත්‍රානන්ද Wednesday, 09 September 2020 11:49 PM

ඔය දේශපාලන තොත්ත බබාලා එහෙනම් ඇයි 19 සම්මත කරේ. පවුලක් ඉලක්ක කරගෙන වැරදි ව්‍යවස්ථාවක් ගෙනාවනම් පවුලක් ඉලක්ක කරගෙන අලුත් ව්‍යවස්ථාවක් ගේන එකත් වරදක්. මෙතන ව්‍යවස්ථාව වරදක් නෙවෙයි තියෙන්නෙ පුද්ගලයන්ගෙ ආකල්ප වල වරදක්. ඉස්පිරිතාලෙ ප්‍රෙෂර් පෙත්ත නැහැ. ඒ උනාට ව්‍යවස්ථාවක් ගේන්න හරි හදිස්සියක් තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 258 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 653 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 557 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1379 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2840 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1849 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site