IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෙලිකොප්ටර් හිමි අපේ රටේ සිටුවරයෙක්

 

සුරේනි මිර්චන්ඩානි යනු සිහිනයක් නොවූ සිහිනයක් යථාර්ථයක් කර ගත් මිනිසෙකි. ඒ යථාර්ථයක් වූ සිහිනය සිහින දකින බොහෝ දෙනෙකුට සුබ සිහිනයක්ම වේවි. මේ සුරේන් මිර්චන්ඩානි යනු ශ්‍රී ලංකාවේ සිටින හෙලිකොප්ටර් අයිතිකරුවන් අතළොස්ස අතරට අයත් චරිතයකි. මිලේනියම් සිම්ප්ලිෆ්ලයි යනු ඔහු සහ ඔහුගේ පවුලේ අය සතු හෙලිකොප්ටර් සහ පුහුණු ගුවන් යානා සතු ආයතනයේ නාමය වෙයි.

දශක කීපයකට පෙරදී මිර්චන්ඩානි පවුල ශ්‍රී ලංකාවේ ප්‍රකටව සිටියේ රෙදිපිලි අලෙවි අංශයේ නමක් දිනූ පවුලක් ලෙසය. සාරි ආනයනය ඇරඹි මුල් යුගයේදී මාලා මනිපූර්, මාලා සාරි ලෙස අලෙවි වූ ඔවුනගේ රෙදිපිළි සහ ඇඟලුම් එවකට ජනතාව අතර වඩා ප්‍රකට විය. පසුව ඇඟළුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේදී ඔවුන් වඩා ප්‍රකට වූයේ ෆේවරිට් ගෲප් නමිනි. ෆේවරිට් සමූහ ව්‍යාපාරය සතුව මෙම මිලේනියම් ගුවන් යානා ආයතනය සහ ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාරයක්ද, තවත් ව්‍යාපාර කීපයක්ද තිබේ. ඒ අතරින් ගුවන් යානා හිමිකර ගැනීම දක්වා වූ සිහිනය සැබෑ කර ගත් මේ සුරේන් මිර්චන්ඩානි කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල සහ ඉන්දියාවේ මෙන්ම ඇමරිකාවේ සරසවියකින් උසස් අධ්‍යාපනය ලබා ඇත.


අපේ තාත්තාගෙ නම රාම් මිර්චන්ඩානි. තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. පවුලේ සහෝදරයන් තුන් දෙනයි. මම බාලයා. අයියලා දෙදෙනාගේ නම වන්නේ කුමාර් සහ ප්‍රකාශ්. ෆේවරිට්ස් සමූහයේ සභාපති මගේ අයියා කුමාර්. මම එහි අධ්‍යක්ෂකවරයෙක්.

 


■ හෙලිකොප්ටර් යානයක් ගැනීමේ අදහස මුලින්ම ඔබට ඇති වුණේ කොහොමද?
ඒ දවස්වල ලංකවේ පුද්ගලික හෙලිකොප්ටර් යානා තිබුණේ උපාලි විජයවර්ධන මහතා සහ තවත් සමාගම් දෙක තුනකට විතරයි. 1977 දී අපේ තාත්තාට මේ අදහස ඇතිවෙලා. ඒත් බලපත්‍ර ලැබිලා නැහැ. එතකොට මගේ වයස අවුරුදු 12 ක් විතර ඇති. තාත්තාට එයා ළඟ තිබුණු කැටලොග් එහෙම මට දුන්නාම මම ඒවා අරන් තියා ගත්තා. මේ විදියට මොන දේ කළත් මේ අදහස මගේ හිතේ තිබුණා. එක්තරා අවස්ථාවකදී යුරෝපයේ සංචාරයක යෙදී සිටියදී මගේ යාළුවෙක් කියූ අදහසකට අනුව හෙලිකොප්ටර් එකෙන් අපි ගමනාන්තයේ යෙදුණා. අපට ගමනාන්තයට යන්න විනාඩි 15 යි ගියේ. ඒ වෙලාවේ මට මැවී පෙනුණේ අපේ ගාලු මුවදොර දර්ශනයයි. කටුනායක සිට කොළඹට එන්න සෑහෙන වේලාවක් ගතවෙනවා. මේ විදියට හෙලිකොප්ටර් යානයෙන් සංචාරයකයින්ට ඒමට තිබේ නම් එය කොතරම් ඵලදායීද කියලා මම ඒ වෙලාවේ සෑහෙනදුරට කල්පනා කළා. නමුත් එවකට රටේ තිබුණු ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා නේවාසික ගුවන් ගමන් තහනම් කර තිබුණා. ඒ නිසා තවත් කාලයක් අපට මේ ව්‍යාපාරය පටන් ගන්න තෙකා බලා සිටින්නට සිදුවුණා.

 


■ ඉන්පසුව කවදද පළමු හෙලිකොප්ටර් යානාව ගෙනාවේ.
ඒ වන විට රටේ පුද්ගලික හෙලිකොප්ටර් යානා සතුවූ සමාගම් ක්‍රියාත්මක වීම නතර වෙලයි තිබුණෙ. හෙලිකොප්ටරය ගෙනාවට විතරක් මදි. නියමුවා කවුද? කොහෙන්ද ගොඩබාන්නෙ? මේ වගේ බොහෝ ප්‍රශ්න ගැන අපට දෙතුන් වතාවක් හිතන්න සිද්ධ වුණා. 2004 ජුලි මස අපි සියලු බාධක බිඳගෙන අපේ පළමු හෙලිකොප්ටර යානාව ගෙනාවා. බෙල්ජෙට් රේන්ජර් වර්ගයේ එය අයත් වුණේ ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුට. සියයට පනහ බැගින් අපි ලාබාංශ බෙදා ගන්න ගිවිසුම් ඇති කර ගත්තා. පසුව කාලයක් ගිය පසු අපේ තනි අයිතිය යටතේ මිලේනියම් එයාර් සිම්ප්ලිප්ලයි නමින් ස්ථාපිත වුණා. 2009 වන තෙක් අපට විතරයි සංචාරක කර්මාන්තයේ යෙදුණ හෙලිකොප්ටරයක් තිබුණේ.

 


■ දැන් අද වන විට හෙලිකොප්ටර් කීයක් ඔබ සතුද?
දෙකක් තියෙනවා. අලුත්ම එකේ සංචාරකයන් හතර දෙනෙකුට පහසුකම් තියෙනවා. ප්ලේන් තුනක් තියෙනවා. ඒවායින් කරන්නෙ ගුවන් නියමු පුහුණු කිරීමයි.

 


■ හෙලිකොප්ටර් සවාරි සඳහා ගමන් කරන්නේ මොනවගේ තරාතිරම්වල අයද?
මනාළ යුවල, ව්‍යාපාරිකයන් විදේශීය සංචාරකයන් ඒ වගේම දේශීය සංචාරකයනුත් ආදී බොහෝ දෙනා මෙම හෙලිකොප්ටර් සවාරි සඳහා එක්වෙනවා. මධු සමය සඳහා යන යුවළ අතරත් ප්‍රකටයි.

 


■ එක් සවාරියකට කොපමණ මුදලක් අයකරනවාද?
පැයක කාලයක් සහ ඉන් එහාට තමයි අය කරන්නේ. පැයකට 1,50,000ක් විතර මුදලක් අය කරනවා. නැවත ඒ ගමනාන්තයේ සිට පැමිණෙනවා නම් ඒ ගණන මෙන් දෙගුණයක් අය කරනවා. සෙස්නා 152 යානයෙන් කරන්නෙ ගුවන් නියමු පුහුණුව සඳහා යෙදවීමයි.

 


■ හෙලිකොප්ටරයෙන් සංචාරයක් ගියාම එය ගොඩබෑම සිදු කරන්නෙ කොහොමද ඒ වෙනුවෙන් විශේෂිත තැන් තියෙනවද?
ලංකා භූමියේ හෙලිකොප්ටර් ගොඩබෑමේ ස්ථාන එසේ නැතිනම් හෙලිපෑඞ්ස් 500ක් විතර තියෙනවා.

 


■ මේ හෙලිකොප්ටර් කිනම් රටක නිෂ්පාදනය කළ ඒවාද?
ඇමරිකාවේ. හෙලිකොප්ටර නිෂ්පාදනයට වඩා ප්‍රකට ඇමරිකාවයි.

 


■ ලංකාවේ ඕනෑම පළාතකට සංචාරයේ යෙදිය හැකිද?
නුවර, නුවරඑළිය, මඩකළපුව ත්‍රිකුණාමලය, ගාල්ල යාපනය අනුරධපුරය එවැනි විශේෂිත ස්ථාන ගණනාවකටම සංචාර යා හැකියි.

 


■ මෙම බෙල් ජෙට් රේන්ජර් හෙලිකොප්ටර් යානාවක් කොපමණ මිලක් වේවිද?
අන්තර්ජාලයේ සඳහන් වන පරිදි ඩොලර් මිලියන 1.2ක් පමණ වෙනවා.

 


■ බෙල්ජෙට් හෙලිකොප්ර් යානා නිර්මාණය වූ ඉතිහාසය ගැනත් කියන්න පුළුවන්ද?
ඇමරිකාව සහ කැනඩාව එහි නිජබිමයි. 1962 වසරේදී ඔවුනගේ ප්‍රථම යානාව නිපදවා තිබෙනවා. බෙල් හෙලිකොප්ටර්, ටෙක්ස්ට්‍රන් නිෂ්පාදිත ආයතනයයි. එදා සිට මේ දක්වා 730 ක් පමණ බෙල් ජෙට් රේන්ජර් යානා නිපදවා තිබෙනවා. වත්මනෙහි නිපදවන යානා සතුව එන්ජින් ද්විත්වයක් සතුයි. මේවා නිපදවන ප්‍රධාන භූමිය පිහිටා තිබෙන්නේ කැනඩාවේ කි්‍යුබෙක් ප්‍රාන්ථයේයි.

 


■ මෙම හෙලිකොප්ටර් යානාවල ගමන් ගත් සුපිරි චරිත ගැන කියන්න පුළුවන්ද?
අපේ සමාගමේ ප්‍රතිපත්තිවලට එය පටහැනියි. අපට ඒ නම් ගම් හෙළි කරන්න බැහැ. හොලිබුඞ් තරු, බොලිවුඞ් තරු, ක්‍රිකට් තරු රාජකීයයන් ඒ වගේම විවිධ රටවල ප්‍රභූවරුන් ඇතුළු බොහෝ දෙනා අපගේ සේවාව ලබාගෙන තිබෙනවා.

 


■ හෙලිකොප්ටර් හිමිකරුවකු වු සිහිනය ඔබ සහ ඔබගේ සහෝදරයන් යථාර්ථයක් කරගත්තෙ කොහොමද?
ශ්‍රී ලංකාවට මෙම සේවය අත්‍යවශ්‍ය බව මම තේරුම් ගත්තෙ යුද්ධ පැවැති කාලයේදීමයි. සල්ලිවලට වඩා දැක්මක් තිබිය යුතුයි. පටන් ගැනීම අසීරු වෙන්න පුළුවන්. නමුත් මම පටන් ගත්තෙ සතයක්වත් වියදම් නොකරයි. අපට හෙලිකොප්ටර් යානාවක් ගන්නෙ කොහොමද කියලා මුලින්ම මම ලෝකය පුරා සෙවුම් බැලුම් කළා. බලපත්‍රය ලබා තිබීම පහසුවක් වුණා. ඉන්දියාව අපේ රට ගැන වඩා හොඳින් දන්නා නිසා මුලින්ම ඉන්දියාවේ හෙලිකොප්ටර් යානා සතු ව්‍යාපාරකයන්ගේ සහාය මුලින්ම ලබා ගත්තා. පසුව අපේම ආයතනයට සම්පූර්ණ අයිතිය හිමිවුණා. ඕනෑම කෙනෙකුට සිහිනයක් ඇත්නම් එය සැබෑ කරගන්න පුළුවනි. “සිහින දකින්නෝ බොහෝ විට ඒ සිහින දිනන්නෝ” කියලා කියන්න පුළුවනි. ඒ වගේම තමුත් එතෙක් හරි හම්බ කර ගත් සේසතම අහිමි කර ගන්න නම් දුප්පතතකු වෙන්න නම් හෙලිකොප්ටර් ව්‍යාපාරයක් පටන් ගන්න කියලා කියමනකුත් තියෙනවා. ඒ නිසා ඒ අභියෝගය බාර ගෙන අපි ඊට මුහුණ දිය යුතුයි. එත අතකට අපි මෙරට සංචාරක කර්මාන්තයට විශාල සේවයක් කරන බව අභිමානයෙන් යුතුව කියන්න පුළුවනි. ලංකාවේ අභිමානයටත් එය ලොකු ගැම්මක්.

 

 


■ ඔබ අද හෙලිකොප්ටර් යානා හිමිකරුවෙක් අද ඔබට ජීවිතය ගැන දැනෙන්නෙ කොහොමද?
ජීවිතය අවදියෙන් අවදිය වෙනස් වෙනවා. විවාහ ජීවිතය වෙනස්ම එකක්. මාපියන් බලා කියා ගන්න ඕනෑ. මේ සියලු දේ හඳුනා ගෙන මධ්‍යම ප්‍රතිඥාව අනුගමනය කළොත් ජීවිතය බරපතල දෙයක් වන එකක් නැහැ. මැද මාවත තමයි කොයිකටත් හොඳ විදිය කියලයි මට හිතෙන්නෙ. තව කෙනෙක් කරන දේ ජීවිතයේදී කරන්න මම කැමැති නැහැ. මම ව්‍යාපාර කරන්නෙ රටට සහ තවත් පිරිසකට යැපෙන්න වගේම මගේ පවුල නඩත්තු කරන්නයි. ඒ හැර මටම කියලා ව්‍යාපාර කරන්න මම කැමැති නැහැ. ලොතරැයියක් දිනුවා නම් සමහර විට මම මේ මොනවත් කරන එකකුත් නැහැ. ජීවිතය ජීවත් කරවන්න අපට අත්‍යවශ්‍ය වූ පරිසරයට අවශ්‍ය සාධක වෙනුවෙන් අපට වෙහෙස වෙන්න වෙනවා. කම්මැලි වෙලා මොනවත් නොකර සිටියොත් ජීවිතය ගෙන යන්න බැහැ. ජීවිතයේ ස්වභාවය එයයි.

සඳුන් ගමගේ



අදහස් (0)

හෙලිකොප්ටර් හිමි අපේ රටේ සිටුවරයෙක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3705 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 36 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1466 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 456 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site