IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සැම්බියාව විනාශ කළ පවුල් පාලනය

වළපල්ලට ගිය රටවල්

 

සැම්බියාවේ දරිද්‍රතාවය කැමරා ඇසින්

 

 

අද ලෝකයේ විනාශ වී ඇත්තේ ආර්ථික සුනාමියට හසු වූ රටවල්ය. එම රාජ්‍යයන්හි සිටින්නේ ජනතා මුදල් සොරකම් කළ කම්බා හොරුන්ය. පාලකයන්ය. ඔවුහු මිනිස් දුක නොහඳුනති. ජීවිත තුට්ටුවකට මායිම් නොකරති. ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ ප්‍රතිපත්තිය. ඒ රටවල ප්‍රශ්න ගැට පිට ගැට වගේය. ජනතාවට මේ ගැටවලින් ගැලවුම්ක් නැත. ඒ දේශයන්හි හෙටත් හිරු පෑයීමට නියමිතය. එහෙත් ජනතාව ඇහැරෙයි ද අනියතය. ‘දුප්පතාට කෝ සැප ලෝකේ ජන සමාජ දෙපිළක් බෙදිලා’ මේ කියමන අදටත්, හෙටටත්, හැමදාටමත් වලංගුය.


දශක හතරක් තිස්සේ මා ලෝකයේ වැඩිපුරම දැක ඇත්​ෙත් අස්ථාවර රටවල්ය. සත පහක්වත් අතේ නැති මිනිසුන් කෝටි ගණනින් ජීවත්වන රටවල්ය. උගතුන් රට අතහැර යන නූගතුන් පාලනය කරන අසමත් රාජ්‍යයන්ය. අද මෙම තීරයෙන් හඳුන්වනු ලබන්නේ තවත් එවැනි රටකි. ඒ සැම්බියාවයි. (ZAMBIA)


ජනතාවගේ මානසික ආතතිය අවම කිරීමට මෙවැනි වළ පල්ලට ගිය රටවල පාලකයන් කටයුතු කරන්නේ නැත. පාලකයන් මහජන මුදල් හැසිරවීමේ විනිවිද ස්වභාවයකින් තොරවීම එවැනි රාජ්‍යයන් විනාශ වී යාමට මූලික හේතුවයි. වැල්ල වෙනස් වන්නේ රැල්ලේ සැඩ පහර නිසා බව ඒවායෙහි බහුතර ජනතාවට අවබෝධ වන්නේ නැත.


පාතාලේ රජවෙන තාලේ


අතීතයේදී මුළු ලොවටම තඹ සැපයූ සැම්බියාව අද අප්‍රිකාවේ තවත් අපායකි. මේ කියන සැම්බියාවේ ද සිටින්නේ ඕන කෙහෙල්මලක් වුණාවේ කියා බලාගෙන සිටින බහුතර ජන කොට්ඨාසයකි. සැම්බියාව ද අයෝජනයේ මුවාවෙන් චීන ආර්ථික සුනාමියට හසුවූ තවත් රටකි. අතීතයේදී බ්‍රිතාන්‍යය මේ රාජ්‍යයේ සියලු සම්පත් සූරා කෑවේය. වර්තමානයේ චීන මැදිහත් වීම් අනුසාරයෙන් රට දැවැන්ත ණය කන්දක හිරවී අවසන්ය. ඇන්ගෝලාවටත් වුණේ මේ ටිකමය. සැම්බියාව ද නීතිය බල්ලාට ගිය රටකි. එහි පාතාලේ රජවෙන තාලේ ගැන කියනුම කවරේ ද? රට ආරාජිකය. එහි ද දේශපාලකයන් ජනතාව වැළඳ ගන්නා ව්‍යාජ මිතුරන්ය. මේ දේශපාලුවන් ද සාහසිකත්වයේ සංකේතයකි.


ලෝකයට තඹ සැපයූ සැම්බියාව


කොංගෝව, ටැන්සානියාව, මලාවි, මොසැම්බික්, සිම්බාබ්වේ, නැම්බියාව, ඇන්ගෝලාව වැනි රටවලට මැදිව පිහිටි සැම්බියාව අද විනාශ මුඛයට පත්වී අවසානය. වර්ග කි.මී. 752,618ක් හෙවත් ව.සැ. 290,587ක් විශාල එක්කෝටි හැටපන් ලක්ෂයකට (1,65,91,390) අධික ජනගහණයකින් සමන්විත සැම්බියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1964 වර්ෂයේදීය. නිදහස ලබා ගැනීමනේ පසු මෙහි ප්‍රථම ජනපති බවට පත් වුණේ කෙනත් කවුන්ඩා ය (Kenneth Kaunda). වසර 27ක් ඔහු එහි ජනපති පදවිය දැරුවේය. ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය (UNP) රටේ හා ජනතාවගේ උන්නතිය සඳහා අනුපමේය වූ සේවාවක් ඉටුකරන ලදී. ඔහුගෙන් පසු බලයට පත්වූ පාලකයන් රට කාබාසිනියා කළ බව කියනු ලැබේ.


එදා සැම්බියාව හැඳින් වූයේ එකම සැම්බියාව එකම රටයි (One Zambia One Nation) යනුවෙනි. උතුරු රොඩේසියාව සැම්බියාව බවට පත්වීමෙන් පසු මේ දේශය හැදින්වූයේ ‘රිවර් ඔෆ් ගෝඩ්’ (River of God) වශයෙනි. අතීතයේදී වසරකට තඹ මෙට්‍රික් ටොන් 3,37,000ක් නිපදවූ මේ දේශයේ අද තඹ නිෂ්පාදනය සීඝ්‍රයෙන් පහත බැස ඇත්තේ දේශපාලකයන්ගේ හපන්කම් නිසාය. මෙහි වැඩි වශයෙන්ම සිටිනුයේ තඹ නිෂ්පාදනයෙන් මුදල් ගසාකන දේශපාලකයන්ය. තඹ ආකර සහ නිෂ්පාදනාගාර පෞද්ගලික ආයතනවලට විකුණා දැමීමෙන් පාලකයන් සිදුකළ මහා පරිමාණයේ වංචාවන් හෙළිවී තිබේ. කෙනත් කවුන්ඩාගෙන් පසු බලයට පත්වූ පාලකයන් පස්දෙනකු රටේ සාරය උරා බිව් අයුරු ලොවට රහසක් ​ෙනාවේ.

 


රටවල් විනාශ කළ පවුල් පාලනය


විශේෂයෙන්ම 2011 සැප්තැම්බර් මස සිට 2017 ඔක්තෝබර් දක්වා ජනපති පදවිය දැරූ මයිකල් සාටා (Michael Sata) දූෂිතම පාලකයකු බව හෙළි වී ඇත. දෙවරක් විවාහ වී එම විවාහවලින් ළමයින් 10 දෙනකු සිටි ඔහු එම සුළු කාල සීමාව තුළ සැම්බියාවේ පවුල් පාලනයක් ගෙන ගියේය. මුදල් ඇමැති වශයෙන් ඔහු තම මාමා පත් කර ගත්තේය. නියෝජ්‍ය මුදල් ඇමැති වූයේ ඔහුගේ මස්සිනාය. පළාත් පාලන ඇමැති තනතුරට ඔහු තම ලේලිය පත් කළේය. පවුලේ ඥාතීන් තානාපති තනතුරුවලට පත් කරන ලදී. අගවිනිසුරු පදවියට පත් කළේ කිට්ටුම ඥාතියෙකි. ඔහු සහ පවුලේ පිරිස එක් වී රටේ සම්පත් සූරා කෑවේය. සැම්බියාව ඔහුගේ පාලන සමයේදී තව තවත් ප්‍රපාතයට ඇද වැටුණේය.


රෝගාතුරව මිය යන තෙක්ම ඔහු සැම්බියාව පාලනය කළේය. රටේ සම්පත් විදේශ සමාගම්වලට කුණු කොල්ලයට විකුණා රට වළ පල්ලට යැවීමට ක්‍රියා කළ ඔහු අප්‍රිකාවේ දූෂිතම පාලකයෙකි. පවුල් පාලනයක් ගෙන ගිය ලොව හැම රටක්ම විනාශ මුඛයට පත්වූ අයුරු මීට පෙර ලිපිවල සවිස්තරාත්මකව හෙළි කළෙමි.


සැම්බියාව ද විදේශ මැදිහත්වීම් අනුසාරයෙන් වළ පල්ලට ගිය රටකි. මෙහි රජයේ ආදායමෙන් සියයට 60ක්ම ලැබෙන්නේ තඹ නිෂ්පදනයෙනි. තඹ නිෂ්පාදන ආයතන චීන සමාගම්වලට විකිණීම, රටේ ඉදිකිරීම් කටයුතු චීනය මඟින් නතුකර ගැනීම හේතු කොටගෙන සැම්බියාව විදේශ ණය කන්දකට යටවී ගියේය. මෙම ණය බරට ජනතාවට කර ගැසීමට සිදුවීම තුළින් මුළු ජනගහණයෙන් සියයට 64ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් බවට පත් වූහ.


චීනය පසුපස යාම


මෙහි බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1කටත් අඩුය. මෙහි මිනිසුන්ගේ අායු කාලය අවු. 51 දක්වා පහළට වැටී තිබේ. ලෙඩ රෝගවලින් මියයන අය​ෙග් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ නැග ඇත. දේශපාලකයන්ගේ දූෂණ, වංචා, හොරකම් නිසා සිමෙන්ති නිෂ්පාදනය ද ඇනහිට තිබේ. මෙහි ​ෙබාහෝ දේශපාලකයන් වාසිය තකා චීනයේ විවිධ ආයතන පසුපස යාම රටට අත්වූ වින්නැහියට මූලික හේතුවයි.


මෙහි සෞඛ්‍ය තත්ත්වය අන්තයටම පිරිහී ගොස්ය. පිරිසිදු පානීය ජල සැපයුමක් නොමැති නිසා රට තුළ ලෙඩ රෝග සීඝ්‍රයෙන් පැතිරී යයි. ජනගහණයෙන් සියයට 40කට පමණ පානීය ජල පහසුකම් නැත. ලිංගාශ්‍රිත රෝගයක් වූ එච්.අයි.වී. (HIV) වයිරසයත් මුළු ජනගහණයෙන් සියයට 14ක් පීඩා විඳිති. අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමන, විදුලිය ආදී පහසුකම් නැති ගම්මාන දහස් ගණනකි. මෙහි බොහෝ දේශපාලකයන් ද කරනුයේ මුදල් යටිමඩි ගැසීමේ ව්‍යාපාරයකි.

 

කෙනත් කවුන්ඩා

දූෂිත දේශපාලක​ෙයා්


මෙහිදී බොහෝ දේශපාලකයන් බලය ලබා ගැනීම සඳහා ඡන්ද ව්‍යාපාරවලදී සැම්බියාවේ චීන සමාගම් පිහිටුවීම වර්ජනය කරමු (No more Chinese Companies in Zambia) යනුවෙන් සටන් පාඨ කියන නමුත් බලයට පත් වූ පසු ඔවුහු චීනය පසුපස යාම දිගටම සිදු කරති. ඒ වාසි තකාය. සැම්බියාව දූෂිතම දේශපාලකයන් සිටින රටක් වශයෙන් ලෝක ජනමාධ්‍යයන් හඳුන්වනු ලබයි. චීන සමාගම් පිහිටුවීමෙන් පසු චීන උපකරණ, චීන යන්ත්‍ර සූත්‍ර, චීන කම්කරුවන් ආදිය යෙදවීමෙන් චීනයට වැඩි වාසි ලැබේ. මෙය රට පරිහානියට යාමට ප්‍රබල හේතුවකි. රටේ තඹ ආකර (Copper Mines) විනාශ වී අවසන්ය.


මෙහි ක්‍රියාත්මක වන්නේ ද ඉතා දූෂිත අධිකරණ පද්ධතියකි. පොලිසිය ප්‍රමුඛ ප්‍රධාන ආයතන පගා මරුවන්ගෙන් පිරී ගොස්ය. මුදලට දේශපාලකයන් බිලිබා ගැනීම සැම්බියාවේ ද නිරන්තරයෙන් සිදුවන්නකි. දූෂිත දේශපාලකයන්ට එරෙහි නඩු ගොඩ ගැසී ඇතත් උසාවි මඟින් ඔවුන්ට දඬුවම් කරන බවක් දක්නට නැත. 2015 ජනවාරි 25 දා බලයට පත්වූ වත්මන් ජනපති එඩ්ගා ලුන්ගු (Edgar Lungu) දූෂිත දේශපාලකයන්ට එරෙහිව ‘සටනක්’ දියත් කර ඇතත් මෙතෙක් එය සාර්ථක වී නැත.

 

 

 

සිරී හීන්පැල්ල 
නිව්යෝර්ක් නුවර සිට ලියයි

 

 



අදහස් (0)

සැම්බියාව විනාශ කළ පවුල් පාලනය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3028 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 24 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1429 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 423 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site