IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රට පැන ඉන්න පාතාල නායකයන් ලංකාවට ගේන්න බැරි ඇයි ?

ලංකාවේ පසුගිය කාලය තුළ සිදුවූ රට කැලඹූ බොහෝ අපරාධ පාතාල නායකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවූ ඒවා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. එසේම මේ අපරාධ බොහොමයක් සමග මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, අංගොඩ ලොක්කා, ලඩියා ආදී කීප දෙනෙකුගේ නම් කියවෙනුද අප අසා ඇත. ඔවුන් මේ අපරාධ සිදුකරන්නේ ලංකාවේ සිට නොව ඩුබායි ඇතුළු වෙනත් විදේශීය රටවල සිට බවද කියැවේ. ඔවුන් විදේශවලට පලාගොස් තිබෙන්නේද මෙරට මිනිස් ඝාතන ඇතුළු බරපතළ අපරාධ කීපයක් සිදුකිරීමෙන් අනතුරුවය.   


මාකඳුරේ මධුෂ්ගේ නියෝග හා උපදෙස් මත පාතාල නායක සමයං ඝාතනය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අංගොඩ ලොක්කා හා ලඩියා ඉන්දියාවට පලා ගියහ. එහිදී ඔවුන් ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්විය. එහෙත් ඒ වන විට ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු හෝ නිල් නිවේදන කිසිවක් නිකුත් කර නොතිබුණ අතර ලංකාවේ අධිකරණයකින්ද ඔවුන්ට වරෙන්තු නිකුත් කර තිබුණේ නැත. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් ඉන්දීය රජය, ලංකා රජයට දැනුම් දුන්නද මාස ගණනාවක් ගත වන තුරු මෙම සැකකරුවන් දෙදෙනා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සම්පූර්ණ කර ඉන්දියාවට යැවීමට ලංකා රජය අසමත් වීම නිසා ඒ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබූ හොඳම අවස්ථාව ගිලිහී ගියේය. දැන් ඔවුහු ඉන්දියාවෙන් ද පලාගොස් මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් ශක්තිමත් කරමින් සිටිති.   


පසුගිය කාලයේ සිදුවූ අපරාධවලින් මධුෂ්ගේ ගිණුමට බැර නොවූ අපරාධයක් නැති තරම්ය. ඒ තරමටම ඔහු මෙරට අපරාධවලට නායකත්වය දී තිබිණ. ඩුබායිවල සිට ඔහු ඒ සියල්ල මෙහෙයවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි. කොස්ගොඩ සුජී සිටින්නේද ඩුබායිවල බව පැවසේ. ඔහුටද ඝාතන හතරක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. එසේ නම් මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට තවමත් ශ්‍රී ලංකා රජය අසමත් වී තිබෙන්නේ ඇයි?   


උදර්පන නීති ගිවිසුම් මගින් සිදුකෙරෙන්නේ යම් කිසි රටවල් දෙකක් අතර ඒ රටවලට අවශ්‍ය කරන අපරාධකරුවන් ඒ රටවල් දෙක අතර හවුමාරු කර ගැනීමට නීතිමය ඉඩ කඩ විවර කර දීමය. ලංකා රජය සමග මෙම උදර්පන නීති ගිවිසුමට අත්සන් තැබූ රටවල් වන්නේ මැලේසියාව, යුක්රේනය, ඉන්දියාව, පාකිස්ථානය, යනාදියයි. දැනට අපේ රටට අවශ්‍ය කරන මහ බැංකු බැඳුම්කර සිදුවීමට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ජීවත්වෙන සිංගප්පුරුව සමගද අප උදර්පන ගිවිසුමකට අත්සන් තබා නැත.   


මෙරටට අවශ්‍ය කරන එහෙත් විදේශ රටක ජීවත්වෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මෙලෙස පැහැදිලි කළේය.   


“විදේශ රටක ජීවත්වෙන කිසියම් පුද්ගලයෙක් මෙරට සිදුවූ අපරාධයක් සම්බන්ධයෙන් අපට අවශ්‍ය වෙනවා නම් අපට ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගැනීමට සිදුවෙනවා. එහෙත් ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදන නිකුත් කරන්නේ මෙරට අධිකරණයකින් වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකුට පමණයි. ඒ වගේම එම පුද්ගලයා සිටින තැනක්ද අප දැන සිටිය යුතුයි. ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කළත් ඒ සැකකරු ජීවත්වෙන රටේ පොලීසිය අදාළ සැකකරු භාරදෙන්නේ අප එම රටත් සමග උදර්පන නීති ගිවිසුමකට අත්සන් තබා තිබුණහොත් පමණයි. අධිකරණයකින් කිසියම් සැකකරුවෙකුට අදාළව වරෙන්තු නිකුත් කළ අවස්ථාවක පොලිස් දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගන්නවා. ඒ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අන්තර්ජාතික පොලීසියෙන් අදාළ අපරාධකරුට එරෙහිව රතු නිවේදන නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ රතු නිවේදන නිකුත් කළ පසු අදාළ රටත් සමග රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව විදේශ කටයුතු අමාත්‍යාංශය සිදුකරනවා. ඒ අනුව තමයි අපට අවශ්‍ය සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ.   


උදර්පන නීති ගිවිසුමට අත්සන් තබා නැති රටක් තුළ ජීවත්වෙන සැකකරුවෙක් ගෙන්වා ගැනීමේදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යොදාගත හැකිය. එහෙත් ඒ අදාළ රටේ පාලකයින් එකඟතාවක් දක්වන්නේ නම් පමණයි. යම් හෙයකින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන මෙරටට භාර දුන්නද ඔහුට හෝ ඇයට අදාළ නඩු විභාගයේදී සැකකරු නිදහස් වුවහොත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව ඔහුට මානව හිමිකම් නඩුවක් ගොනුකළ හැකිය. එසේ හෙයින් වරදකරුවෙක් බව ඔප්පු වී නැති තත්ත්වයකදී උදර්පන ගිවිසුමකටද අත්සන් තබා නැති රටක් කිසියම් සැකකරුවෙක් අපේ රටට භාරදීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. උදයංග වීරතුංග ලංකාවට භාරදීමේදී එක්සත් ආරාබි එමීර් රාජ්‍යය මැළිවන්නේ එම තත්ත්වය නිසාය.   


ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කරන්නේ කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් කිසියම් රටකින් වරදකරුවෙකු කොට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පමණි. එසේම එම සැකකරු සිටින තැනක් දැන සිටිය යුතුය. නිල් නිවේදන නිකුත් කිරීමක්ද ජාත්‍යන්තර පොලීසිය මගින් සිදුකෙරේ. ඒ කිසියම් රටක විභාගවෙන නඩුවකට අවශ්‍ය කරන, එහෙත් නිශ්චිතව ලිපිනයක් නොදන්නා අය ජීවත්වෙන ස්ථානය දැනගැනීම සඳහාය. දැනට ජාත්‍යන්තර පොලීසිය මගින් මාකඳුරේ මධුෂ්ට නිකුත් කර තිබෙන්නේ නිල් නිවේදනයක් පමණි. එහෙත් සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ලව තිබෙන කොස්ගොඩ සුජීට රතු නිවේදන නිකුත් කර තිබේ.   


එහෙත් තවමත් මේ දෙදෙනාගෙන් කිසිවෙක් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ලබාගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත් වී තැත. අප එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග උදර්පන ගිවිසුම අත්සන් තබා නැත. ඒ නිසා මෙරට අපරාධකරුවන් වඩාත් පහසුවෙන් තම රැකවරණය පතා සැඟවී සිටීමට ඩුබායිවලට පැන ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. අප මෙතෙක් උදර්පන ගිවිසුම අත්සන් කර නැති එහෙත් අපට අවශ්‍ය අපරාධකරුවන් ජීවත්වෙන බවට තොරතුරු හෙළිවී තිබෙන රටවල් සමග මෙම ගිවිසුම අත්සන් තැබීමට මෙරට බලධාරීන් ක්‍රියා නොකිරීම නිසා ඔවුන් මෙහෙයවන අපරාධ රැල්ලද දිනෙන් දින ඉහළ යමින් පවතී.   


උදර්පන නීති ගිවිසුමට සම්බන්ධ නොවන රටක සිටින සැකකරුවෙක් මෙරටට ගෙන්වා ගත නොහැකි නම් ඔහුට අයත් වත්කම් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාවද ඇත. එසේම එරට අධිකරණයකදී ඔහුට එරෙහිව නඩු විභාග කර දඬුවම් පැමිණවීමටද හැකි අතර එයට මෙරට නීතිඥයින්ගේ සහය ලබාදීමට සිදුවේ. ඉතාලියේ සමාගමකට අයත් ගුවන්යානයක් පැහැරගත් සේපාල ඒකනායක, තමන් සමග උදර්පන ගිවිසමුකට එළැඹ නැති ඉතාලි රජයට භාර නොදුන් ලංකාවේ ජනාධිපති ඔහුට එරෙහිව මෙරටදී නඩු පවරා දඬුවම් නියම කළේය.   


සමයං ඝාතනය, කොස් මල්ලි ඝාතනය, පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව ඇතුලු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙක් ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් මෙහෙයවූ බවට පොලීසිය චෝදනා කරන, තවමත් ඩුබායිවල සැඟව සිටිමින් මෙරට පාතාල සාමාජිකයන් සමග දුරකතන මාර්ගයෙන් සබඳතා පවත්වන බව කියන, මුහුණු පොත ඔස්සේ අපරාධ මෙහෙයවන බව කියන, මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සඳහා තවමත් මෙරට පොලීසිය ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකර තිබේද යන ප්‍රශ්නයක් තිබේ. මන්ද මධුෂ්ට තවමත් නිකුත් කර තිබෙන්නේ නිල් නිවේදන පමණකි. රතු නිවේදන නිකුත් කරවා ගැනීමට නම් මධුෂ් සිදුකළැයි කියන අපරාධ ඔප්පු කළ හැකි සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කර එම නඩුව සඳහා ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙකු කර තිබිය යුතුය. එහෙත් මධුෂ්ට නිල් නිවේදන පමණක් නිකුත් වීමෙන් පෙනී යන්නේ පොලීසිය තවමත් එයට සමත්ව නැති බව නොවේද? ඕනෑම අපරාධයක් සිදුවූ පසු මේ පිටුපස සිටින්නේ මධුෂ් බව කියනවාට වඩා එය ඔප්පු කළ හැකි සාක්ෂි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම පොලිසියේ වගකීම නොවේද? එය එසේ නොවන්නේ ඇයි? උදර්පන නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම්වලට මැදිහත් වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා කියා සිටියේ තමන් වගකීම භාරගත් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලුම් කර තිබෙන්නේ හිටපු රුසියන් තානාපති උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට පමණක් බවයි.   


මීට වසර දෙකකට පමණ පෙර ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කරනු ලැබූ කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රීක මැදිහත්වීම් සිදුකළේ ද යන ප්‍රශ්නයක්ද පවතී. එසේ සිදුකළේ නම් ඇයි තවමත් ඔහු සොයා ගැනීමට අපට නොහැකි වී තිබෙන්නේ? කොතැනක හෝ අඩුවක් සිදුවී තිබේ. එය සොයාබැලීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.   

 

 

 

 

මුදිතා දයානන්ද



අදහස් (0)

රට පැන ඉන්න පාතාල නායකයන් ලංකාවට ගේන්න බැරි ඇයි ?

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2118 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1375 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 407 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 158 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 268 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මනෝරත්නයි - මමයි එක බෝඩිමේ - එක ඇඳේ නිදාගත්තේ
2024 පෙබරවාරි මස 10 368 0

එදිරිවීර සරච්චන්ද්‍ර ඉස්සෙල්ලම මුණගැහෙන මොහොත ගැන කතා කරමු අපි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site