IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යන යන තැන වල් අලින්ගෙන් පහර කන අබිලීනු

 

ගොවිතැන සිය ජීවනෝපාය කරගත් ඒ. අබිලීනු පලාගල, ඉහළ උල්පත ගමට පැමිණ ඇත්තේ මීට වසර හතළිස් පහකට පෙරදීය. ජීවන ගමනේ හැත්තෑහත්වැනි විය පසුකරමින් සිටින අබිලීනුට ජීවිතයේ මුහුණ පෑමට සිදුවූයේ ඉතා දුක්බර ඉරණමකටයි. තම වාසස්ථානය ඉදිකරන ඉදිකරන තැන වල් අලි පැමිණ එය කඩා බිඳ දැමීම එයට හේතුවයි. මේ වෙන විට අබිලීනු ඉදිකළ නිවාස සංඛ්‍යාව හතකි. මෙම නිවාස සියල්ල වල් අලි විනාශකර දමා තිබේ.   


ජීවිත කාලය තුළ මිනිසකු​ෙග් ප්‍රධාන බලාපො​ෙරාත්තුව වෙන්නේ හොඳ නිවසක් හදාගෙන දරුමල්ලන් සමඟ සුවසේ ජීවත් වීමටය. එහෙත් සෑදූ සෑම නිවසක්ම වල් අලින් කඩා බිඳ දැමූ පසු ඔහු කෙතරම් නම් අපහසුතාවට පත්වන්නට ඇතිද?   


මේ ඒ ගැන අබිලීනු පැවසූ කතාවයි : ‘මගේ උපන්ගම ගම්පහ, අමුණු කුඹුර. මෙහාට ආවේ එක්දහස් නවසිය හැත්තෑ දෙකේ. ඒ කාලේ මම එළවලු බිස්නස් කළා. යහතින් අතමිට මිල මුදල් ගැවසුනා. එකසිය තිස්පහ වර්ගයේ ලොකු ට්‍රැක්ටරයකුත් අරගෙනයි මම මෙහාට ආවේ. ඒ ඇවිත් මේ කිට්ටුව තියෙන ගල්පාය කියන ගමේ පදිංචි වුණා. ආව කන්නෙම වී බුසල් හතළිහක කුඹුරු යායක් මම කන්න බද්දට අරගත්තා. නිසි පරිදි වර්ෂාව නොලැබුණු නිසා කන්නේ මුළු කුඹුරු යායම විනාශ වුණා. එයින් මට විශාල පාඩුවක් සිදුවුණා.   


ඔය අතරේ රාත්‍රියේ දවසක් අලි ඇවිත් මගේ මුළු නිවසම බිමට සමතලා කළා. පසුව මම ඉහළ උල්පත ගමට පදිංචියට ආවා. ඒ ඇවිත් හදපු ගෙදරත් වල් අලි කඩාබිඳ දැමුවා. ඊට පසුව මම ඒ වත්තේම (ඉඩ​ෙම්) වෙන තැනක අලුත් නිවසක් ඉදිකළා. ඒ නිවසත් වල් අලි බිමටම සමතලා කළා. පසුව මම ඉඩමේ කෙළවරක තව නිවසක් හැදුවා. ඒ නිවසත් හදලා අවුරුද්දක් යන්නට කලින් අලි රංචුවක් ඇවිත් කඩා බිඳ දැම්මා. ආයෙම ඉඩම බැද්දේ තව නිවසක් හැඳුවා. ඒක හදලා ආසාවට මාසයක් ඉන්න බැරි වුණා. අලි නව දෙනෙක් ඇවිත් ඒ නිවසත් කැඩුවා. පසුව එම ස්ථානයේම නැවත නිවසක් ඉදිකළා. ඒකත් අලි කැඩුවා. දැන් මේ ඉන්නේ හත්වෙනි ගෙදර. ඒ ගේ බිත්තියක් තනි අලියා ඇවිත් පෙරළුවා. මම ඒ බිත්තියට මැටි ගහලා නැවත සකස් කළා. අනිත් පැත්තේ බිත්තියට අලියා පහර දීලා ඒකත් ඇද වෙලයි තියෙන්නේ.   


ඇද වුණු බිත්තියට මුක්කුගසා තිබෙන අයුරු එහි ගිය අපට ද දැක ගැනීමට ලැබුණි. වයෝවෘද්ධ වූවත් හැඩි දැඩි දේහයකින් යුතු අබිලීනු මහතාට පුළුන් වගේ මුහුණ පුරා වැවුණු රැවුලෙන් ගෙන දුන්නේ මහත් අභිමානයකි.   
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්පතේගම ග්‍රාම නිලධාරී වසමේ ඉහළ උල්පත අබිලීනු මහතා පදිංචිව සිටී. ආඬියාගල නාමල් උයන මාර්ගයේ උල්පතේගම හන්දියෙන් හැරී මොරොන්තේගම දෙසට කිලෝමීටරයක් පමණ දුර ගිය විට ඉහළ උල්පත ගම්මානය හමුවේ.   


අබිලීනු මහතාගේ බිරිද ඒ. නන්දාවතීගේ වයසු අවුරුදු හැට අටකි. දෙදෙනාම ගම්පහ අමුණු කුඹුරේ උපන්නෝ ​ෙවති. දෙදෙනාට දාව එක් දියණියක් හා පුතනුවන් දෙදෙනකු සිටිති.   


මගේ එක පුතෙකුගේ අතක ඇඟිලි තුනක්ම නෑ. ඒ නිසා එයාට හරිය​ට වැඩක් පලක් කරගන්න බෑ. පුතාගේ ඇඟිලි කැඩුනෙත් අලි වෙඩිල්ලක් අතේ පත්තු වෙලා. දුව විවාහ වෙලා. එයා පදිංචි ගම්පහ. ගෙදර ඉන්න බාල පුතා තමයි අපි දෙන්නව බලාගන්නේ. ඒ පුතා හැමදාම කුලී වැඩට යනවා. පුතාගේ අතේ කරගැට දුටුවාම මගේ පපුව පත්තු වෙලා යනවා. අබිලීනු දෙනෙතට නැගුනු කුඳුළු කැට දකුණතින් පිසදමමින් පැවසුවේය.   


දහවල් කාලයේ නා කැ​ෙල් සිටින වන අලි රෑ බෝ වෙන විට ගම්මාන තුළට පිවිසෙති. එසේ පැමිණෙන වන අලි පිපාසය සංසිඳුවා ගනු ලබන්නේ ඉදිගොල්ලෑව වැවේ ජලයෙනි. නා කැලයත් ඉදිගොල්ලෑව වැවත් අතර ගමන් මාර්ගය වැටී ඇත්තේ ඉහළ උල්පත ගම්මානය හරහාය.   


වල් අලි හානි කියලා මට එකම එක වතාවක් රුපියල් දොළොස් දහසක වන්දි මුදලක් ලැබුනා. ඒක ලැබුණේ එක්දහස් නවසිය අසූ තුන වර්ෂයේ. ගෙවල් කඩපු අනෙකුත් කිසිම වතාවක මට වන්දි මුදලක් ලැබී නෑ. මම මේ ගමට පදිංචියට එනකොට ප්‍රදේශයේ අයට මහවැලි ඉඩම් ලබාදෙන කාලේ. ඒත් පිට ගම් කාරයෝ කියලා අපිට ඉඩම් දුන්නේ නෑ. මෙතන තියන උල්පතේ වැව හදන්න මම මැදිහත් වෙලා රුපියල් ලක්ෂ තිස්හතක් පාස් කරගත්තා. ඒත් මට ඉඩමක් දුන්නේ නෑ. දැන් මට වැඩක් පලක් කරගන්න බෑ. රෝග එමටයි. අවුරුදු හයක් ක්ලිනික් ගියා. දැන් ඒක යන්නෙත් නෑ. පුළුවන් විදිහට ඔහේ ජීවත් වෙනවා’ යැයි අබිලීනු පැවසුවේය.

 

 

 

 


සටහන හා ඡායාරූප :

කලාවැව - අතුල බණ්ඩාර නෙළුම්පත්ගම

 
 



අදහස් (0)

යන යන තැන වල් අලින්ගෙන් පහර කන අබිලීනු

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2922 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 14 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1416 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 421 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site