IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුහුණු පොත හරහා කෙරෙන ලිංගික අපචාර

 

 

මුහුණු පොත හරහා රට පුරා විසිරී සිටිමින් කුඩා පිරිමි දරුවන් ලිංගික අපයෝජනවලට ලක් කරන සංවිධානාත්මක රාජ්‍ය සේවකයින් පිරිසක් පිළිබඳ අනාවරණය කර ගැනීමට ළමා ආරක්ෂණ අධිකාරිය සහ එහි පොලිස් කණ්ඩායම්වලට හැකි වී තිබේ. 


ඒ අනුව ළමා ආරක්ෂණ අධිකාරියේ 1929 පොදු දුරකථනයට ලැබුණු පැමිණිල්ලක් අනුව මාස කිහිපයක කාලයක් මුහුණු පොතේ ඉතා සූක්ෂම ලෙස සැරිසරමින් මෙම කල්ලියේ රාජ්‍ය සේවකයන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගැනීමට ළමා ආරක්ෂණ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට හැකි විය. 


ළමා ආරක්ෂණ අධිකාරියේ සිවිල් විමර්ශන අංශයේ සහ ළමා විමර්ශන පොලිස් කණ්ඩායම් ඒකකයේ නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස වෙස් වළාගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් කුඩා පිරිමි දරුවන් අපයෝජනය සඳහා යොදා ගන්නා හෝටල් සහ රාජ්‍ය සේවකයන් පිළිබඳ අනාවරණය කරගැනීම මෙන්ම එම ස්ථානවල සිදුවන අපචාර කටයුතු රැසක් අනාවරණය කරගෙන ඇත. 


ඒ අනුව මේ වනවිට කුරුණෑගල ප්‍රදේශයේ විදුහලක ගුරුවරයකු සහ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් සහ ඉතා සියුම් ලෙස ඔවුන් අසංවිධානාත්මකව මුහුණුපොත හරහා කුඩා පිරිමි දරුවන් අපයෝජනය කරන රාජ්‍ය සේවකයින් සහ විවිධ පෞද්ගලික ආයතනවල උසස් නිලධාරීන් රැසකගේ තොරතුරු අනාවරණය කරගැනීමට ළමා රක්ෂණ අධිකාරිය මේ වන විටත් කටයුතු යොදා හමාරය. 
වයස අවුරුදු 12ත් 16ත් අතර පිරිමි දරුවන් මෙම පිරිසගේ ගොදුරු බවට පත්ව තිබෙන බවත් ඉතාමත් සූක්ෂම ලෙස මෙම දරුවන්ද සමලිංගික සේවනයට හුරු කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. ඇතැම් දරුවන් ද ජංගම දුරකථනය හරහා මුහුණු පොත හරහා සම්බන්ධ වී ඉතා දුරබැහැර ප්‍රදේශවල පිහිටි කුලියට කාමර ලබා දෙන ලැගුම්හල් වෙත ගමන් කිරීම පිළිබඳව ද අනාවරණය කරගෙන තිබේ. 


 කුරුණෑගල මල්කඩුවාව අලපලාදෙණිය ප්‍රදේශයේ ටොපියාගේ සපෝට් (Sports) නමැති ස්ථානයේ මහා පරිමාණයෙන් දිවා කාලයේ සමලිංගික සේවනය සඳහා කාමර ලබා දීම සිදු කෙරෙන බවත් එම ප්‍රදේශයේ වැඩි වශයෙන් ගුරුවරුන් කුඩා පිරිමි දරුවන් මෙම ස්ථානයට රැගෙන එන බවට අනාවරණය විය. 


ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය මෙන්ම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති එච්.එම්. අබේරත්න යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි සිවිල් විමර්ශන අංශයේ විමර්ශන නිලධාරී චම්පික කේ. අයගම යන මහත්වරුන් විසින් ලබා දුන් තොරතුරු අනුව ළමා හා කාන්තා අපරාධ වැළැක්වීම සඳහා යොදවා ඇති ළමාරක්ෂණ අධිකාරියේ පොලිස් ඒකකයේ භාර සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජිත් එහි ස්ථානාධිපති ඒන්. කදිරගාමර් යන නිලධාරීහු ඇතුළු පිරිස ඉතා කැපවීමකින් මෙම බරපතළ අපරාධය හෙළිදරව් කර ගැනීම විශේෂත්වයකි. 


 විමර්ශන අනුව මුලින්ම 1929 දුරකථන අංකයට ලැබුණු තොරතුරක් අනුව මුහුණු පොතේ ”නිමල් අකුර ”යන අන්වර්ථ නාමයකින් පෙනී සිටි අයෙකු විශාල වශයෙන් කුඩා පිරිමි දරුවන් රවටා ඔවුන් අපයෝජනයට ලක් කරන බවත් මෙම පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස පිරිමි දරුවන්ගේ නිවෙස්වලට පවා ගොස් මව්පියන් රවටා එම දරුවන් ඇසුරු කිරීම සිදු කෙරෙන බව ද ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව වෙස්වළාගත් පොලිස් කණ්ඩායමක් ”නිමල් අකුර ”යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි පුද්ගලයා පිළිබඳව තාක්ෂණය උපයෝගි කරගෙන තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව ඔහු නමින් නිමල් විජේරත්න බව හඳුනාගෙන තිබේ. ඔහු වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියා බවද අනාවරණය කරගෙන තිබේ. 


පහළොස් හැවිරිදි කුඩා දරුවන් සිය වසඟයට ලබාගනු ලබන්නේ ඔහු ගුරුවරයකු ලෙසද පෙනී සිටින ආකාරයෙන් බවද බලංගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු ඉතා සූක්ෂම ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලට කුඩා පිරිමි දරුවන් ඇසුරට ගමන් කරන අයකු බව හෙළි වී තිබේ. මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයෙන් වීම විශේෂත්වයකි. නිමල් විජේරත්න නමැති මෙම පුද්ගලයා කුඩා පිරිමි දරුවන් රැසක් මෙම අපරාධය සඳහා පුරුදු පුහුණු කොට ඔවුන්ගේ සංවිධානයේ සිටින අයට මුහුණුපොත හරහා ම හඳුන්වා දී තිබෙන බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. 


ඒ අනුව අත්අඩංගුවට ගත් මෙම සංවර්ධන නිලධාරී නිමල් විජේරත්න යන අය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු පවසති. 


ඔහුගෙන් ලද තොරතුරු අනුව මුහුණුපොතේ සැරිසරන තවත් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු ලැබිණි. ඒ අනුව පොලිස් කණ්ඩායම ඉතා සූක්ෂම ලෙස කුරුණෑගල ප්‍රදේශයට පැමිණ දින ගණනාවක් ඔහුගේ හැසිරීම් රටාව සොයා බැලීම සිදු කරමින් සිටියහ. 


දරුවන්ට දේශන ලබාදෙන මෙම පුද්ගලයා ගුරුවරයකු බව අනාවරණය විය. ඔහු මුහුණු පොතේ දක්වනු ලබන්නේ කුරුණෑගල ප්‍රදේශයේ උසස් පාසලක ගුරුවරයෙකු බවය. එහෙත් විමර්ශන කණ්ඩායම අනාවරණය කරගනු ලැබුවේ කුරුණෑගල කලාප කාර්යාලයට අනුයුක්ත කුඩා පාසලක මෙම පුද්ගලයා රාජකාරි කටයුතු කරන බවය. 
එමෙන්ම යුද හමුදාවේ සේවය කළ බවත් මෙම පුද්ගලයා යුධ හමුදාවේ කැප්ටන් නිලධාරියෙකු ලෙස කුඩා දරුවන් ඉදිරියේ පෙනී සිටින බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔහු මුහුණු පොතේ යුධ හමුදා නිලධාරියෙකු ලෙසත් කැප්ටන් දයාරත්න යන නමකින්ද, නිමල් දයානන්ද යන නමකින්ද පෙනී සිටින බවද අනාවරණය වූ කරුණු අතර වෙයි. මොහු සතුව යුදහමුදාවේ හොරට සැකසු හැඳුනුම්පතක් තිබෙන බවත් එම හැඳුනුම් පත පෙන්වා හෝටල් කාමර ඇනවුම් කරන බව අනාවරණය වී තිබේ. 


පෙර සඳහන් කළ ”නිමල් අකුර” නමැති සංවර්ධන නිලධාරියාගේ දැනුම්දීම පරිදි මෙම පුද්ගලයා ද වයස අවුරුදු 15ක පමණ පිරිමි දරුවන් කුරුණෑගල ප්‍රදේශයේ පෙර සඳහන් කළ මල්කඩුවාව අලපලාදෙණිය ප්‍රදේශයේ පිහිටි කාමර ලබාදෙන හෝටලයට කුඩා දරුවන් රැගෙන යන බව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවිය. 


මෙම ස්ථානය ඔවුන් මුහුණුපොත හරහා ”සුරස” යන නමෙන් හඳුන්වනු බව පොලිසිය කියයි. ඒ අනුව පොලිස් කණ්ඩායම මෙම ස්ථානය පිළිබඳව සොයා බැලීමේදී ඔහු යුද හමුදාවේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දී මෙම කාමර වලට කුඩා පිරිමි දරුවන් රැගෙන ගිය අවස්ථා රැසක් අනාවරණය විය. දිවාකාලයේ කාමර රැසක් විවිධ පුද්ගලයන් හට ලබා දී තිබෙන බව එහි නාමලේඛනය පරීක්ෂා කිරීමේ දී අනාවරණය වූ තවත් කරුණු රැසකි. ඒ අනුව මේ වනවිටත් එහි සඳහන් පොත්පත්වල ඇති නම් පිළිබඳව දීර්ඝ විමර්ශනයක් ආරම්භ කිරීමට ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබේ. 


මෙම පුද්ගලයා රජයේ ගුරුවරයකු ලෙස සේවය කරන අතරතුර දී මෙම පිරිමි දරුවන් අපයෝජනයට හුරුපුරුදු වී තිබෙන බවත්, තමාට මින් මිදීමට අවශ්‍ය බව ඔහු ප්‍රකාශකොට තිබේ. එමෙන්ම වෛද්‍යවරුන් දේශපාලනඥයින් රජයේ තවත් උසස් නිලධාරීන් රැසක් මේ පිළිබඳව නිමල් දයානන්ද ගුරුවරයා විසින් පොලිසියට හෙළිදරව් කොට තිබේ. මෙම පුද්ගලයාද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ළමාරක්ෂණ අධිකාරියේ පොලිස් ඒකකය ක්‍රියාත්මක කළේය. 


තවත් සති කිහිපයකින් පමණ සංවිධානාත්මක මෙම පිරිමි දරුවන් අපයෝජනයට ලක් කරන රාජ්‍ය සේවක සංවිධානයේ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට මෙම පොලිස් කණ්ඩායමට හැකි වනු ඇත. මාපියන් වැඩිහිටියන් සහ සමාජය සංවර්ධනය සඳහා කැප වන බොහෝ දෙනෙකු මෙම බරපතළ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වුවහොත් මෙම දරුවන් විශාල අපරාධවලින් බේරා ගැනීමට හැකි වනු ඇත. 


 සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජිත්, පොලිස් පරීක්ෂක එන්. කදිරගාමර්, උප පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න, පොලිස් සැරයන් (13275) ලක්ෂ්මන් කඹුරාවල, කාන්තා පොලිස් සැරයන් (588) චිත්‍ර නන්දනී, පොලිස් කොස්තාපල් (61779) කේ.ජේ.ආර්. කොඩිකාර යන පොලිස් කණ්ඩායම මෙහි විමර්ශන කටයුතු මෙහෙයවූහ. 

 

 

 

දඹුල්ල 
කාංචන කුමාර ආරියදාස



අදහස් (0)

මුහුණු පොත හරහා කෙරෙන ලිංගික අපචාර

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3082 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1432 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site