IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පැරණි චීනයේ තහනම් නගරය

 

චීන ආසියා පැසිෆික් මාධ්‍ය මධ්‍යස්ථානය CHINA ASIA PACIFIC PRESS CENTRE - CAPPC මගින් වාර්ෂිකව පවත්වන හුවමාරු වැඩසටහන් මාලා Programme යටතේ 2018 වසර සදහා වන වැඩසටහන පසුගියදා ආරම්භ වූ අතර ඊට ආසියා හා අප‍්‍රිකා කලාප නියෝජනය කරන රටවල්වලින් මාධ්‍යවේදීහු 46 දෙනෙක් සහභාගී වී සිටිති. එම කලාප නියෝජනය කරන රටවල් හා චීනය අතර වන සහයෝගය හා හුවමාරු සබඳතා ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම වැඩසටහන මාස දහයක් පුරාවට ක‍්‍රියාත්මක වෙයි. එම කාලය ඇතුළත චීනයේ දේශපාලන හා රාජතාන්ත‍්‍රික පිළිවෙත් මෙන්ම ව්‍යුහ පිළිබඳවත් චීන සංස්කෘතිය හා ඊට සම්බන්ධ වැදගත් අංග පිළිබඳවත් හැදෑරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව උදාවෙයි. එහි එක් පියවරක් හැටියට සංස්කෘතික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් ස්ථානයක් වන පැලස් මියුසියම් නැරඹීමට යෑමට ඉකුත් දිනෙක අපට හැකිවිය. 


මහජන චීන සමූහාණ්ඩුවේ අගනුවර වන බීජින්හි හදවත ලෙස සැලකෙන රජගෙදර කෞතුකාගාරය නොහොත් ‘පැලස් මියුසියම්’ නැරඹීමට සුවිශාල ජනකායක් මේ දිනවල පැමිණෙන අයුරු දැකගත හැකිය. මේ දිනවල බීජින් නුවරට බලපා තිබෙන තද ශීත කාලගුණික තත්ත්වය  ද නොතකමින් දෙස් විදෙස් සංචාරකයෝ ඉමක් කොනක් නැතිව කෞතුකාගාර පරිශ‍්‍රයට ඇතුළු වෙති, පිටවෙති. ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන චීනයේ අගනුවර වන බීජින්වල දිනකට එකවර දැකිය හැකි වැඩිම ජනකායක් එක් රැස්වන ස්ථානය පැලස් මියුසියම් යැයි කිවහොත් එහි පුදුමයට කාරණයක් නැත. 


අප එම ස්ථානය නැරඹීමට යනවිටත් විශාල පිරිසක් පෝලිම් ගැසී ප‍්‍රවේශ පත‍්‍ර ලබාගෙන කෞතුකාගාර පරිශ‍්‍රයට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් සිටිනු දැකගන්නට ලැබිණි.  


දිනකට 11000කට අධික ජනකායක් මේ ස්ථානය නැරඹීමට එන බැවින් ආරක්ෂක කටයුතු හා ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ කටයුතු වඩාත් පහසු කිරීම පිණිස අතිවිශාල සේවක පිරිසක් එම වැඩ රාජකාරිවල යොදවා තිබේ.
 චීනයේ ජනවර්ග 56ක් වෙසෙන අතර ඒවාට අයත් විවිධ මිනිසුන් නොයෙක් පළාත් හා දිස්ත‍්‍රික්කවලින් පැලස් මියුසියම් වෙත පැමිණෙන බැවින් මේ ස්ථානය චීනයේ ජන හා සංස්කෘතික විවිධත්වය එකවිට දැකගත හැකි තෝතැන්නක් ලෙස ද නම් කළහැකිය.

 

 

චීනයේ ප්‍රෞඪ ඉතිහාසය හා අභිමානය අඛණ්ඩව අනාගතයට ගෙනයන වාහකයකු බඳු වන මේ කෞතුකාගාරය කෙරෙන් දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ එය ලෝකයේ වෙනත් කිසිදු කෞතුකාගාරයක් සම්බන්ධයෙන් දැකිය නොහැකි ආකාරයට තාක්ෂණිකව නවීකරණය වී තිබීමය.  


නවීන තාක්ෂණික මෙවලම් හා අංගෝපාංගවලින් පොහොසත් මේ කෞතුකාගාරයට ඇතුළු වන ඕනෑම දෙස් විදෙස් සංචාරකයකුට ආරක්ෂක කවුන්ටර මගින් විද්‍යුත් උපකරණයක් ලබාදෙන අතර එහි ඇති විශේෂත්වය වන්නේ පැලස් මියුසියම් වෙත ඇතුළු වූ පසු නැරඹීම සඳහා ගොඩවදින සෑම ස්ථානයක් සම්බන්ධයෙන්ම එම උපකරණය මගින් සංචාරකයන් දැනුවත් කිරීමය.


ස්මාට් ජංගම දුරකථනයක හැඩැති එම උපකරණයට සවිකර තිබෙන ශ‍්‍රවණ ආධාරකය කනට සවිකර ගත් පසු චීන හෝ ඉංග‍්‍රීසී යන භාෂා දෙකෙන් එකක් තෝරාගෙන තමන් දකින ඇතුළු වන සෑම ස්ථානයක් සම්බන්ධයෙන්ම සංචාරකයන්ට මනා දැනුමක් ලබා ගත හැකිය. මේ ස්ථානය නැරඹීමට අවශ්‍ය ප‍්‍රවේශපත් අන්තර්ජාලය මගින් ද වෙන්කරවා ගැනීමේ පහසුකම් සපයා තිබෙන අතර පැලස් මියුසියම්හි වර්තමාන අධ්‍යක්ෂ ෂැන්ජියැංග් (SHAN JIXIANG) මහතා පවසන පරිදි සියයට 25ත් 40ත් අතර පිරිසක් ප‍්‍රවේශපත් මිලදී ගන්නේ අන්තර්ජාලයෙනි. 


කෞතුකාගාර පරිශ‍්‍රයට ඇතුළු වූ පසු සංචාරකයන්ගේ පහසුව පිණිස සකස් කර තිබෙන මාර්ග සිතියම් සෑම තැනකම පාහේ දකින්නට ලැබෙන අතර මෙහි ආරම්භය හා වැදගත්කම දැක්වෙන පුවරු ද වෙයි. ඒවායෙහි දැක්වෙන තොරතුරුවලට අනුව වර්තමානයේ පැලස් මියුසියම් නමින් හැඳීන්වෙන මේ ස්ථානය අතීතයෙහි හඳූන්වා තිබෙන්නේ ‘තහනම් නගරය’ Forbidden City නමිනි.


මෙහි ආරම්භය පිළිබඳ කතාන්දරය අදින් වසර 600කට එහා යන අතීතයකට උරුමකම් කියන අතර එය ක‍්‍රි.පූ. 1368 සිට 1644 දක්වා බලයේ සිටි මින්ග් MING හා 1644 සිට 1911 දක්වා බලයේ සිටි කුයින්ග් QING යන රාජවංශ දෙක අතර කාලය නියෝජනය කරන්නකි. පෙර සඳහන් කළ පරිදි අද පැලස් මියුසියම් නමින් හඳුන්වන මේ ස්ථානය අතීතයේදී තහනම් නගරය යන නමින් හඳුන්වා ඇති අතර එහි ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ ක‍්‍රි:පූ: 1406 දී ය. 1420 වර්ෂයේදී ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබේ. මින්ග් රාජවංශය නියෝජනය කරන යොන්ගල් YONGLE EMPEROR නමැති අධිරාජයා එම වකවානුවෙහි පාලකයා වශයෙන් කටයුතු කර ඇත. එයින් වසර 200කට පමණ පසු මන්චු කුයින්ග් MANCHU QING නමැති රාජවංශය චීනයේ බලයට පැමිණෙන අතර 1911 දී සිදු වූ ‘ෂින්හයි’ විප්ලවයෙන් පසු එම රාජවංශයෙහි අවසාන පාලකයා වූ පුයි PUYI රජු බලයෙන් පහකෙරිණි. ඒත් සමගම මෙම තහනම් නගරය නමින් හැඳින්වුණු සුවිශාල පරිශ‍්‍රය පැලස් මියුසියම් බවට පත්වීමට අදාළ පසුබිම නිර්මාණය විණි. මෙම මාලිගා පරිශ‍්‍රය අභ්‍යන්තර හා බාහිර වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකින් සමන්විත වී තිබෙන අතර එය වසා පැතිර පවතින මුළු භූමිප‍්‍රමාණය වර්ග සැතපුම් 780,000ක් බව සඳහන් ය.


මෙහි බාහිර අංගනය Supreme Harmony, Central Harmony, Preserving Harmony ලෙස ප‍්‍රධාන ශාලා තුනකින් සමන්විත වන අතර මෙම කොටසෙහි රාජකීය උත්සව ආදිය පවත්වා තිබේ. නගරයෙහි අභ්‍යන්තර කොටසෙහි අධිරාජයා ඇතුළු රාජකීයයන් ජීවත් වී ඇති අතර වෙළෙඳ ගනුදෙනු හා රාජ්‍ය පාලන කටයුතු මෙම කොටස කේන්ද්‍ර කොටගෙන සිදුකර ඇත. 1911 වර්ෂයේදී මෙම අධිරාජ්‍ය බිඳ වැටෙන විට මින්ග් හා කුයින්ග් යන රජ පෙළපත්වලට අයත් අධිරාජයන් 24 දෙනකු මෙහි සිට රාජ්‍ය පාලන කටයුතු සිදුකර තිබේ. විප්ලවය හමුවේ පරාජය වූ පුයි අධිරාජයා හා ඔහුගේ පවුලේ උදවියට 1914 වන තුරු මාලිගා පරිශ‍්‍රයෙහි අභ්‍යන්තර කොටසෙහි විසීමට විප්ලවයෙහි නියමුවන් ඉඩ ලබාදී ඇති අතර 1914 දී ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් පසු තහනම් නගරයෙහි පිහිටි සුවිසල් මාලිගා පරිශ‍්‍රයෙහි බාහිර කොටස පුරාවස්තු ප‍්‍රදර්ශන Gallery of Antiquities  අංගනය ලෙස නම්කර ඇත. වසර 1925 දී මෙහි අභ්‍යන්තර කොටස පැලස් මියුසියම් ලෙස හැඳින්වීම ආරම්භ කෙරුණු අතර 1948 දී තහනම් නගරයෙහි බාහිර හා අභ්‍යන්තර යන කොටස් දෙකම පැලස් මියුසියම් යනුවෙන් හැඳින්විණි.  


1961 දී චීන රාජ්‍ය කවුන්සලය තීරණය කළේ පැලස් මියුසියම් රජයේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ අංක එකට ගෙන සංරක්ෂණය කිරීමටය. 1987 වසරේදී මෙය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගත්තේය. 


වසර 600කට එහා යන ඉතිහාසයක අභිමානය විදහා දක්වන මේ ස්ථානය විශිෂ්ට ගෘහ නිර්මාණ කලාවක චීන සලකුණ සනිටුහන් කරන්නකි. අද මෙහි දක්නට ලැබෙන සෑම ගෘහයකම ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවස්තු විශාල වශයෙන් දැකගත හැකි අතර නානාවිධ වර්ගයේ සිතුවම්, අක්ෂර කලාවන් මෙන්ම පැරණි පොත්පත් හා ලේඛන ද නොඅඩුව තිබේ. විශේෂයෙන්ම චීනයේ බුදුදහම සම්බන්ධ බුද්ධ ප‍්‍රතිමා හා වෙනත් නිර්මාණ ද මෙහි විශාල වශයෙන් දැකගන්නට ලැබේ. 


පෙර සඳහන් කළ පරිදි මෙය ඉපැරණි කෞතුකාගාරයක් වුවද අද වනවිට එය එයට හිමි ඓතිහාසික උරුමය සුරැකෙන පරිදි නූතන දියුණු තාක්ෂණයත් සමඟ බද්ධ වී ඇති අතර විද්‍යුත් උපකරණ සිය ගණනින් දැක ගත හැකිය.


ලෝකයේ පිහිටි හොඳම කෞතුකාගාර පහෙන් එකක් හැටියට සැලකෙන පැලස් මියුසියම්හි නවීන පහසුකම්වලින් සමන්විත පර්යේෂණ ඒකකයක් ද පිහිටා තිබේ. මේ ස්ථානයට පැමිණෙන්නන් හට චීනයේ ඓතිහාසික උරුමය පිළිබඳ සිහිවටන දැකබලා ගන්නවාට අමතරව මනා වූ පාරිසරික සුන්දරත්වයක මිහිරියාව ද අත්විඳිය හැකිය. ඒ තරමටම මෙහි පරිසරය දැකුම්කළු ලෙස සකස් කර ඇති අතර හරිත වර්ණයෙන් දිදුලන උද්‍යාන කීපයක්ම මෙහිදී දැකගන්නට පුළුවන. 

 

 

 

 

 

සටහන හා ඡායාරූප 
උපුල් වික‍්‍රමසිංහ (චීනයේ සිට)

 



අදහස් (0)

පැරණි චීනයේ තහනම් නගරය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3038 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 24 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1430 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site