IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාකින්සන් රෝගය

ලෙඩක හැටි

නිරෝගීකම උදුරාගන්නා ආගන්තුකව පැමිණෙන ‘රෝගියන්’ පිළිබඳව හුදෙක් පුද්ගලයා තුළ ඇත්තේ දැඩි බියකි. කුමන රෝගයකදී හෝ අප දැඩි අසරණභාවයට පත්වන්නේ එය පිළිතුරු සෙවිය යුතු කරුණක් බැවිනි.


‘ලෙඩක හැටි’ විශේෂාංගයෙන් විස්තර කෙරෙනුයේ පාකින්සන් රෝගය පිළිබඳවය. ලොව වැඩිහිටි ජනතාව අතර ඩිමෙන්ෂියා රෝගයට පසුව වැඩිහිටියන් බහුලවම වාර්තා වන රෝගයක් ලෙසට පාකින්සන් රෝගය හඳුනාගෙන ඇත.


පාකින්සන් රෝගය යනු මොළයේ ඇති වන ස්නායු රෝග තත්ත්වයකි.


ලෝක දත්තයන් පෙන්වා දෙන්නේ අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් සියයට 1 වඩා (1%) වැඩි පිරිසක් පාකින්සන් රෝගයෙන් අද වනවිට පෙළෙනා බවය.


කාන්තාවන්ට සාපේක්ෂව වැඩිහිටි පුරුෂ පාර්ශ්වය අතර පාකින්සන් රෝගය දැකගත හැකිය.


වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දෙන්නේ පාකින්සන් රෝගය ඇති වීමට මූලිකම හේතුව වන්නේ වයසට යාමේදී මිනිස් මොළයේ නිපදවන ඩෝපමින් (Dopamine) නමැති රසායන සංඝටකය නිපදවන සෛල ප්‍රමාණය අඩුවීමය.


ඩෝපමින් රසායනයේ නිසි ක්‍රියාකාරීත්වය පුද්ගල ශරීරයේ ස්නායු සහ මාංශපේශීන් සමායෝජනයෙන් ඉරියව් ක්‍රියාකාරකම් නිසි අයුරින් පවත්වා ගැනීමට උපකාරී වීමය.


රෝග ලක්ෂණ


මූලික අදියරේදී පාකින්සන් රෝගීන්ගෙන් දැකිය හැකි වන්නේ ශරීර චලනය සම්බන්ධව වෙනස් වීම් පමණි.


ශරීරයෙන් මෙතෙක් සිදුකළ සාමාන්‍ය චලනයන් නතර වී අලුත් චලනයන් ඇති වේ.


ක්‍රමයෙන් තමාගේ එදිනෙදා කටයුතු තනිවම කරගත නොහැකි මට්ටමට පත් වේ.


අත් පාවල සියුම් වෙව්ලීමේ තත්ත්වයක් ඇති වීම


මෙම වෙව්ලීම ශරීරයේ එක් පැත්තකින් ආරම්භ වී පසුව ශරීරයේ අනෙක් පැත්තෙන් ද දක්නට ලැබේ.

 

  • සෙමින් ඇවිදීම
  • අත් පාවල හෝ ශරීරයේ තද ගතියක් ඇතිවීම
  • ඉරියව් පවත්වා ගැනීමේදී ශරීරයේ සමබරතාව තබාගත නොහැකි වීම
  • ඇවිදීමේදී හෝ හැරීමේදී ශරීරයේ සමබරතාව ගිලිහී ගොස් වැටීමට ලක්වීම
  • ටික කාලයක් යාමේදී ශරීරය ගල්ගැසුණු තත්ත්වයක් ඇතිවේ.


මෙම රෝග ලක්ෂණවලට අමතරව පාකින්සන් රෝගයේදී ශරීරයේ වෙනත් අවයවවල ද වසර ගණනාවක සිට රෝග ලක්ෂණ දැකිය හැකිය.

 

  • මල බද්ධය
  • විකාර සිහින පෙනීම
  • නින්ද නොයෑම
  • ගඳ සුවඳ නොදැනීම
  • මානසික අවපීඩනය
  • ශ්වසන ආබාධ, ගිලීමේ අපහසුතා, තමාගේ කටයුතු තමාටම කරගත නොහැකි වීම.


පාකින්සන් රෝගය ඇති වීමට බලපාන හේතු


පාකින්සන් රෝගය ඇති වීමට මූලික හේතු සෙවීමේ කටයුතු අදට ද ලොව පර්‌යේෂණ මට්ටමෙන් සිදුවේ. කෙසේ නමුත් වයසට යාමේදී මොළයේ සිදුවන ස්නායු ආබාධිත තත්ත්වයත්, ජානමය හේතූනුත් රෝගය ඇති වීමට බලපාන සාධක බවට දැනට හඳුනාගෙන ඇත.


පාකින්සන් රෝගය ඉතා සෙමින් වර්ධනය වන අතර, රෝග ලක්ෂණ නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත්ය.


ප්‍රතිකාර ක්‍රම


පාකින්සන් රෝගය සහමුලින්ම සුව කළ නොහැකිය. නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝග ලක්ෂණ සහ සංකූලතා අවම කරගනිමින් ජීවිතය ගුණාත්මක මට්ටමින් පවත්වා ගැනීමට හැකිවේ.


පාකින්සන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අනෙක් රෝගී තත්ත්වයන්ට මෙන් පොදු ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය නොකෙරෙන අතර, රෝගියාගේ වයස රෝග ව්‍යාප්තිය, රෝග ලක්ෂණ ආදිය සැලකිල්ලට ගෙන ප්‍රතිකාර කෙරේ.


විවිධ සැක සහිත අවස්ථාවලදී වෛද්‍ය නිර්දේශය මත ඇතැම් රෝගීන්ව MRI පරීක්ෂණ සහ වෙනත් ස්කෑන් පරීක්ෂාවන්ට භාජනය කෙරේ. මෙම සියලු පර්‌යේෂණ සියලු රෝගීන් සඳහා නිර්දේශ නොකෙරේ.


පාකින්සන් රෝගීන්ට​ වෛද්‍යවරුන් ඖෂධ ලබා දෙනුයේ අවම මාත්‍රාවකින් අතුරු ආබාධ අවම වන පරිදිය.


රෝග සුවය වෙනුවෙන් භෞත චිකිත්සක ක්‍රමත්, ව්‍යායාමත් වෛද්‍ය නිර්දේශය අනුව සිදුකෙරේ.


ඖෂධ ප්‍රතිකාර මගින් සුවකළ නොහැකි ඉතාම සුළු රෝගීන් පිරිසක් පමණක් ස්නායු ශල්‍ය ප්‍රතිකාර සඳහා භාජනය කෙරේ.


රෝග ලක්ෂණ පෙන්නුම් කරනා රෝගීන්ට සෑම වේලාවකම විවේකීව සිටීමට නොදී තමාගේ දෛනික කටයුතු කර ගැනීමට උපදෙස් දිය යුතුය. එසේ නොමැති වීමෙන් ශරීරය ගල් ගැසේ.


සමබල ආහාර වේලක් ලබා ගැනීමත් මානසික ආතතියෙන් තොරව සතුටින් සිටීමත් රෝග පාලනයෙහිලා වක්‍රාකාරව ප්‍රයෝජනවත් වන සාධකය.


වයසට යාමේදී හන්දිගත රෝග, ඇවිදීමේ අපහසුතා ඇතිවන බැවින් එවැනි තත්ත්වයන්ගෙන් පාකින්සන් රෝගියා බේරා ගැනීම ඉතා වැදගත්ය.

 

 

 

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය



අදහස් (1)

පාකින්සන් රෝගය

R.p sanjuka lakshan Friday, 31 August 2018 01:56 AM

මම අවුරුදු 16පාසල් සිසුවෙක්. මගේ අත් පා වෙව්ලන ගතියක් තිබේ. එය පාකින්සන් විය හැකිද?

:       2       2

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3711 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 37 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1468 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 456 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site